ඔස්ට්‍රියානු මැතිවරණයෙන් පසු යුරෝපය තවත් දකුණට

ට්‍රම්ප් දැඩි විවේචනයට
ට්‍රම්ප් දැඩි විවේචනයට
December 5, 2017
ක්‍රිsrgaer
ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම
December 5, 2017
Show all

ඔස්ට්‍රියානු මැතිවරණයෙන් පසු යුරෝපය තවත් දකුණට

ස්ට්‍රිqwer

පසුගිය 15 වනදා ඔස්ට්‍රියාවේ පැවති මැතිවරණය දක්ෂිණාංශය වෙත තියුණු හැරීමක් පෙන්නුම් කරයි. ඒ අනුව හිට්ලර්ගේ වැටීම හා ඔස්ට්‍රියානු නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු දැක නැති ආකාරයේ දක්ෂිණාංශික ආණ්ඩුවක් එරට පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සිදුවීමේ ඇති වැදගත්ම සිදුවීම වන්නේ එය නොවේ. මේ මැතිවරණය එරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණ ව්‍යාපාරයයි. ගෝලීය අර්බුදයේ විනාශකාරී ප්‍රතිවිපාක විඳීමට අපොහොසත් ප්‍රධාන පක්ෂ, එකිනෙකා පරයා යාමට උත්සාහ ගත්තේ, සරණාගතයන්ට එරෙහි ප්‍රහාර හා අන්‍යෝන්‍ය මඩ ගැසීම් සමගිනි. මැතිවරණයේ උත්කර්ෂයට පැමිණි එක් ප්‍රකාශකයෙක් ‘උන්මාදනීය ඔස්ට්‍රියාව පළමුවෙන්’ යන ප්‍රකාශය පිළිබඳව කතා කළේය.
මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඡන්ද සියයට 31.4ක් ගනිමින් පැහැදිලිවම ඉදිරියෙන් සිටින්නේ කොන්සර්වේටිව් ඔස්ටි්‍රයානු මහජන පක්ෂයයි. එය 2013 ජාතික මැතිවරණයට වඩා සියයට 7.4ක් ඡන්ද ලබා ගත්තේය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ මහා සභාගයේ විදේශ ඇමති වන තිස්එක් හැවිරිදි සෙබස්තියන් කූර්ස් නව අගමැති ලෙස නම් කර ඇත. මැයි මාසයේ දී කූර්ස් සිය පක්ෂයේ නායකත්වයට පත් විය. එය අභ්‍යන්තර පක්ෂ කුමන්ත්‍රණයක් බඳුය. ඔහු තම ව්‍යාපාරය කේන්ද්‍රගත කළේ සිය පුද්ගලිකත්වය වටාය. එහි දේශපාලන අවධානය වූයේ සංක්‍රමණිකයන්, සරණාගතයන් කෙරෙහි වන විරුද්ධත්වයයි.
ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, හා ලිබියාව තුළ එක්සත් ජනපද නායකත්වයෙන් නේටෝව මැදිහත් වී සිදු කළ යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා උතුරු අප්‍රිකාව තුළ සිදුව ඇති විනාශය හමුවේ පලායන සරණාගතයන් විසින් යොදා ගැනෙන බෝල්කන් ගමන් මාර්ගය වසා දැමූ බවට කූර්ස් කයිවාරු ගැසුවේය. ඔහු හංගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් සමග තම සම්බන්ධකම් දැඩි කරමින් සරණාගතයන්ට එරෙහි මර්දනකාරී පියවර ගන්නා බවට පොරොන්දු විය. සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීම, ආරක්ෂාව පතන්නන් සඳහා සමාජ සහන අඩු කිරීමද ඔහුගේ පොරොන්දු අතර විය. එසේම ඔහු පොලිසිය හා ආරක්ෂක යාන්ත්‍රණය දැවැන්ත ලෙස තරකරන බවට ද ප්‍රකාශ කළේය.
මැතිවරණයේ දෙවැනි තැන සිටින නිදහස් පක්ෂය සියයට 27.4 දක්වා තම ඡන්ද ප්‍රමාණය සියයට 6.9කින් වැඩි කර ගත් අතර ඔවුන් ඊළඟ ආණ්ඩුවේ හවුල්කරුවන් වනු ඇති බව පෙනෙන්නට ඇත. ජෝර්ජ් හේඩර්ගේ නායකත්වය යටතේ 2000 සිට 2007 දක්වා නිදහස් පක්ෂය මීට පෙර වතාවක් ඔස්ට්‍රියානු ආණ්ඩුවට ඇතුලු වී සිටියේය. එම අවස්ථාවේ දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා යුරෝපයේ පුළුල් විරෝධයක් ඇවිල ගිය අතර යුරෝපා සංගමය සම්බාධක ද පැනවීය. එහෙත් අද වන විට පක්ෂය සැලකිය යුතු ලෙස තවත් දකුණට ගමන් කර ඇත. 2005දී හේඩර්ගෙන් බිඳී නායකත්වය ගත් දැනට හතලිස් අට හැවිරිදි හේන්ස් ක්‍රිස්ටීන් ස්ට්‍රාච්, නිදහස් පක්ෂයේ තම වෘත්තිය අරඹන විට සටන්කාමී නව නාසි රංග භූමියේ කොටස් කරුවෙකු විය.
කෙසේ වුවද මැතිවරණයේ වඩාත් විය හැකි ප්‍රතිඵලය වන, කූර්ස් හා ස්ට්‍රාච් අතර හවුල් ආණ්ඩුවක් දළ වශයෙන් සමාන වන්නේ ජර්මනියේ ක්‍රිස්තියානි සමාජ සංගමයේ මාර්කුස් සෝඩර් හා ජර්මනිය සඳහා විකල්පයේ බර්නාඩ් හෝක් අතර, එසේත් නැත්නම් ප්‍රංශයේ නිකොලස් සාර්කෝසි හා මරීන් ල පෙන් අතර සභාගයකටය.
මොවුන්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වන ඔස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් 20වැනි සියවස ආරම්භයේ දී, දෙවැනි ජාත්‍යන්තරයේ ඉතාමත් බලගතු කණ්ඩායම් අතර වූහ. ඔවුන් සහාය දුන් පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පවා පක්ෂය රට තුළ විශාල ආධිපත්‍යයක් හිමි කරගෙන සිටියේය. එහි වැසියන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් පක්ෂයේ සාමාජිකයෙකු විය. 1970 දශකයේ එම පක්ෂය ධනේශ්වර දේශපාලනයට සිය කොන්දේසි විරහිත සහාය ප්‍රකාශ කර තිබූ නමුත් සීමිත සමාජ ප්‍රතිසංස්කරණ ගෙන ගිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායක බෘනෝ ක්‍රෙයිස්කි ජාත්‍යන්තර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් එක් අයෙකු විය.
එහෙත් මේ වන විට එම පක්ෂය ධනේශ්වරය තුළ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ වෑයම පවා අතහැර දමමින් දැන් දක්ෂිණාංශික අන්තවාදීන්ට පාර කපා ඇත. අනෙකුත් පක්ෂ මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ද මැතිවරණ උද්ඝෝෂණය තුළ සරණාගතයන්ට එරෙහිව දේශසීමා ශක්තිමත් කිරීම ඉල්ලා සිටියහ. පැවති ආණ්ඩුව විසින් බෝල්කන් ගමන් මාර්ගය වසා දැමීමේදී ඊට සහාය දුන් ඔවුන්, මධ්‍යධරණී මුහුදේ සරණාගතයන්ට එරෙහිව වඩා දැඩි ආස්ථානයක් සඳහා පෙනී සිටියේ, ඔවුන් ‘ආර්ථීක සංක්‍රමණිකයින්’ බව ප්‍රකාශ කරමිනි. මැතිවරණයේදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් උද්ඝෝෂණයක් ගෙන ගිය අතර එයට පදනම් වූ කරුණු බොහොමයක් ධනපති පක්ෂ සමග සම්මුතිගත ඒවා බව හෙළිදරව් විය.
මෙවැනි තත්ත්වයක් තිබියදී ප්‍රධාන පක්ෂයක් වටා කුඩා පක්ෂ එකක් හෝ කීපයක් සමග සන්ධානගත වෙමින් නව පාර්ලිමේන්තුවේ බහුතරයක් පිහිටුවීමේ හැකියාවක් නොමැත්තේ, සුළු පක්ෂ වාර්තා කළ ඡන්ද සංඛාව ඉතා පහළ වන බැවිනි.
2016 දෙසැම්බර් මාසයේදී හරිත පක්ෂයේ හිටපු සභාපති ඇලෙක්සැන්ඩර් වෑන් ඩෙර් ඛෙලන්, ඕස්ට්‍රියානු ජනාධිපති ලෙස තෝරා ගැනුණු නමුත් මෙවර ඔවුන් සියයට 9.1ක් ඡන්ද අහිමි කර ගත්හ. සියයට 3.3ක සංඛ්‍යාවක් ලැබූ ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවශ්‍ය සියයට 4 නොලැබී ඇත. පසුගිය මැතිවරණයේ දී සියයට 5.7ක් ලබා ගත්, දක්ෂිණාංශික ව්‍යාපාරිකයෙකු විසින් පිහිටුවන ලද ස්ටොනාච් කණ්ඩායම මෙවර මැතිවරණයට තරග නොකළේය.
ඒ අනුව ඔස්ට්‍රියාවේ දේශපාලන තත්ත්වය සමස්ත යුරෝපය පිළිබඳවම ඇඟවුමකි. ගැඹුරුවන ජාත්‍යන්තර හා සමාජ තත්ත්වයන් සහ ඒවායේ අවශ්‍ය බල ව්‍යාපෘති හමුවේ, ධනවාදය ආරක්ෂා කරන සියලු පක්ෂ ජාතිකවාදය, විදේශික බිය පෙන්වමින් මිලිටරිවාදය හා මර්දනකාරී රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීමට හැරෙමින් තිබේ.
මහජනතාවගේ සමාජ අවශ්‍යතාවන්ට සම්ප්‍රදායානුකූල පාලක පක්ෂ තුළ පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වීම විසින් එය අන්ත දක්ෂිණාංශික කයිවාරුකරුවන්ට සහ ඔවුන් ගසා කෑම් වලට ඉඩ සලසයි. එය ඔස්ට්‍රියාවට පමණක් නොව, අභාවයට යන කාර්මික ප්‍රදේශවල ජාතික පෙරමුණ ජය ගත් ප්‍රංශය සම්බන්ධයෙන් ද සත්‍යයකි. දුගී බවට පත්ව ඇති නැගෙනහිර ජර්මනිය සම්බන්ධයෙන් ද සත්‍යයකි.


ධනංජය සූරියබණ්ඩාර