කිතුලට නැති තහංචි තල් රා බෝතලයට පැනවීමට උතුරේ විරෝධය

වනජීවී නිලධාරීන්ට
සීගිරිය, ගිරිතලේ, මින්නේරිය වනජීවී නිලධාරීන්ට දේශපාලන අඩන්තේට්ටම්
December 5, 2017
පුරන් කුඹුරු
පුරන් කුඹුරු වගා කිරීමට පහසුකම් නැහැ
December 5, 2017
Show all

කිතුලට නැති තහංචි තල් රා බෝතලයට පැනවීමට උතුරේ විරෝධය

rtjsrt6jir6t

තල් රා මැදීමට සීමා පැනවීමේ ආණ්ඩුවේ නව සැලසුම වෙනස්කොට සැලකීමක් ලෙසින් උතුරේ තල් රා කර්මාන්තයේ යෙදෙන දහස් සංඛ්‍යාත ජනකායකගේ විරෝධයට හේතුවී තිබේ. කිතුල් රා මැදීම සඳහා නොමැති නීති ලබන වසරේ මුල සිට තල් රා මැදීම සඳහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම උතුරේ රා මදින්නන් විසින් හෙලා දැක ඇත්තේ විශාල අයුක්තියක් බව පෙන්වා දෙමිනි. එය උතුරේත් දකුණේත් රා බෝතලයට දෙවිදියකට සැලකීමක් බව ප්‍රකාශ කළ යාපනයේ තල් සංවර්ධන සමූපකාර සමිතියේ ප්‍රකාශකයකු නව සංශෝධනය හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
සුරාබදු ආඥා පනතේ 15 වැනි වගන්තියට සංශෝධනයක් ගෙන එමින් ආණ්ඩුව විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව දිසාපතිවරයා විසින් දෙන ලද බලපත්‍රයක් නොමැතිව කිතුල් හැර වෙනත් ගසකින් රා මැදීම හෝ රා බෑම 2018 ජනවාරි 1 දා සිට තහනම් වෙයි. මෙතෙක් බල පැවැත්වුණු සුරාබදු නීතිය අනුව බලපත්‍රයක් නොමැතිව රා මැදීම සඳහා කිතුල්, පොල් හා තල් ගස් වලට අවසර දී තිබුණි.
උතුරේ දස දහස් ගණනකගේ ජීවිකාවට අවහිර කරන නව නීතිය දකුණේ බෝතල් රා උතුරට පැටවීමේ සැලසුමක් ලෙසින් පෙන්වා දෙන තල් රා කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් හැටදහසකට අධික ජනකායක් තල් කර්මාන්තයෙන් යැපෙන බවයි.


විමුක්තිනී සතරසිංහ