ට්‍රම්ප් දැඩි විවේචනයට

උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල
උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනක්
December 5, 2017
ස්ට්‍රිqwer
ඔස්ට්‍රියානු මැතිවරණයෙන් පසු යුරෝපය තවත් දකුණට
December 5, 2017
Show all

ට්‍රම්ප් දැඩි විවේචනයට

ට්‍රම්ප් දැඩි විවේචනයට

න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන මෙන් ලැඛෙන ඕනෑම ‘නීති විරෝධී’ නියෝගයක් පිළි නොපදින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ටික අණ දෙන නිලධාරියා පවසයි.
ඇමෙරිකානු අණ දෙන මධ්‍යස්ථානයේ (US Strategic Command) ප්‍රධානියා ලෙසින් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිය වගකීම බව සඳහන් කළ ගුවන් හමුදා ජනරාල් ජෝන් හයිටන් (John Hyten), න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු වෙනුවට නීත්‍යානුකූල විකල්පයක් තෝරා ගැනීමට හැකිවනු ඇතැයි යන්න සිය විශ්වාසය බවද සඳහන් කළේය.
කැනඩාවේ පැවති ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සමුළුවක් (Halifax International Security Forum) අමතා දහස් දැක් වූ ජනරාල්වරයා, ‘අපි ඒ ගැන නිතරම සිතමින් ඉන්නේ. මේ වගේ වගකීමක් තියෙන කොට ඒ ගැන නොසිතා ඉන්නේ කොහොමද?’ යනුවෙන් සඳහන් කළේය. එමෙන්ම එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පෙරාතුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණු ඇතුළත් සන්නද්ධ ගැටුම් සම්බන්ධ එක්සත් ජනපද නීතිය තමන් හදාරා තිඛෙන බවත් ජනරාල් ජෝන් හයිටන් පැවසීය.
රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ණ බලතල හිමිවනේය යන්න පිළිබඳව සෙනෙට් සභිකයන් මෙන්ම විශේෂඥයන් ද එකඟවන නමුත්, ‘ප්‍රහාරයක් ඉතා ආසන්න’ යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟවන අර්ථකථනයක් නොමැති බැවින් එහිදී ජනාධිපතිවරයාට තනිවම තීන්දු ගැනීමේ බලය හිමි නොවන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ඉන් අනතුරුව තමන් ඉදිරියේ පවතින විකල්ප පිළිබඳව තමන්ට සාකච්ඡා කළ හැකි බවද ජනරාල්වරයා සඳහන් කළේය. ‘නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කළොත්, සිර දඩුවම් විඳින්න වේවි. මුළු ජීවිත කාලෙටම හිරගෙදර යන්න වෙන්නත් පුළුවන්.’ කෙසේ නමුත් ජනරාල්වරයාගේ ප්‍රකාශය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නොමැත.


ධනංජය සූරියබණ්ඩාර