සීගිරිය, ගිරිතලේ, මින්නේරිය වනජීවී නිලධාරීන්ට දේශපාලන අඩන්තේට්ටම්

ශ්‍රීdfhdr
පොහොට්ටු මන්ත්‍රී නිසා නාවලපිටියේ අර්බුද රැසක්
December 5, 2017
rtjsrt6jir6t
කිතුලට නැති තහංචි තල් රා බෝතලයට පැනවීමට උතුරේ විරෝධය
December 5, 2017
Show all

සීගිරිය, ගිරිතලේ, මින්නේරිය වනජීවී නිලධාරීන්ට දේශපාලන අඩන්තේට්ටම්

වනජීවී නිලධාරීන්ට

සීගිරිය අභය භූමියේ හා ගිරිතලේ, මින්නේරිය ස්වභාවික රක්ෂිතයේ සිදුව ඇතැයි පැවසෙන නීතිවිරෝධී කටයුුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති නිලධාරීන් වෙත දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.
ඒ සීගිරි අභය භූමිය හා ගිරිතලේ, මින්නේරිය ස්වභාවික රක්ෂිත භූමි ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර හෝටල් හිිමියන්ට එරෙහිව වනජීවී නිලධාරීන් විසින් නීතිමය පියවර ගෙන ඇතිි බැවිනි.
මේ අතර කොළඹ හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි මෙම ව්‍යාපාරිකයන් විසින් තම දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් විෂයභාර අමාත්‍යාංශ නිලධාරීන් හරහා බලපෑම් එල්ල කරමින් සිටින බව වනජීවී ආරංචිමාර්ග සඳහන් කර සිටී.
එසේම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම මහා පරිමාණ අනවසර හෝටල් හිමියන්ට එරෙහිව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩු පවරා ඇත.


වසන්ත මොහොට්ටාල