ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?

zsfdhsdh
ගිංතොට ගින්නට නොදැවුණු සිත් දුටිමි
December 12, 2017
fhjdj
නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්
December 12, 2017
Show all

ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?

ඩුaEfea

මැතිවරණ කාල සීමාවත් ළඟාවෙමින් තිබේ. ඒ හේතුවෙන් මාධ්‍ය සන්දර්ශන විවිධ උපායමාර්ග මෙන්ම විවිධ ජවනිකා රඟදැක්වීමට පටන්ගෙන තිබේ. එවැනි නාටකයක් පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ උදවිය විසින් රඟදක්වන්නට විය.
මේ නාටකය පැවතියේ තංගල්ලේදීය. ඒ සඳහා පාසල් තුනක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන්වා තිබුණි. පැය ගණනක් මුළුල්ලේ රඟ දැක් වූ මෙම නාටකයට සිසු සිසුවියන්ට ගිනි අව්වේ හිටගෙන සිටීමට සිදුව තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණ සමරු සටහනක් සඳහා මෙසේ පාසල් සිසු සිසුවියන් ගෙන්වා තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු පත් වූයේ කුරුණෑගල දිස්ත්‍රිික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. නමුත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ තම පියාගේ සැමරුම් උත්සවයකට තංගල්ලේ පාසල් තුනක ළමයි ගෙන යන්නේ කෙසේද? අනෙක් අතින් ඩී.ඒ. රාජපක්ෂ යනු ලංකා ඉතිහාසයේ කවරෙක්ද? ජාතික වීරයෙක්ද? නැතහොත් රට වෙනුවෙන් මහා සේවයක් කළ අයෙක්ද? එවැනි කිසිවක් ඇත්තේ නැත. අඩුම තරමින් යම් තරමකට හෝ ජනතාවාදී භාවිතයක් පෙන්වූ පැරණී වමේ දේශපාලන නායකයන්ගේ අහලකටවත් ළංවීමට ඔවුන්ගේ පටු දේශපාලනයට හැකියාවක් තිබුණේ නැත. සැබැවිින්ම ඔවුන් කළේ රට පාලනය කළ සුදු පාලකයන්ගේ සපත්තු පොලිස් කිරීමේ දේශපාලනයයි.
ඒ නිිසා තංගල්ලේ සිදු කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සැමරුමකට පාසල් ළමුන් දක්කාගෙන යාමකි. එය පැහැදිලිවම රාජපක්ෂලාගේ බල දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් පාසල් ළමුන් යොදා ගැනීමකි. පාසල් ළමුන් බංකොළොත් දේශපාලකයන්ගේ පියවරුන්ගේ සැමරුම්වලට දක්කාගනෙ යාමට ඉඩ දෙන පාලනයට කියන්නේ යහපාලනය කියාය. එය නම් අපූරු යහපාලනයකි.
ඒ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද, ජනාධිපතිවරයාද තම තමාගේ රැස්වීම්වලට පාසල් ළමුන් කැඳවා තිඛෙන අවස්ථා දැක ගත හැකිය. පාසල් ඇතුළත පැවැත්වෙන පාසලට අදාළ විවිධ උත්සව නම් එය වෙනම කාරණයකි.
ඒ් සියල්ල එසේ සිදු වෙද්දී වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් ඇමතිවරයා පනවා ඇති නියෝගයක් විමසා බැලීමට අවශ්‍යය. එය නම් පසුගිිය දිනවල පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණවලටම සමගාමීව රටේ තැන් තැන් වල පාසල් ළමුන් සයිටම් විරෝධී උද්ඝෝෂණ කිරීම් සිදු විය. සයිටම් විරෝධී බැනර්, පෙත්සම් වලට අත්සන් තැබීම් සිදුවිිය. ඇමතිවරයා පවසා ඇත්තේ් මේවා දේශපාලන වැඩ බවත්, පාසල් ළමුන්ට දේශපාලන කටයුතු තහනම් බවත්ය. එබැවින් සයිටම් අහෝසි කිරීම සඳහා පාසල් වලින් ළමුන් පාරට බැස විරෝධතාවයේ නිරත වූ සිසු සිසුවියන් හට විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
සයිටම් විරෝධී සටන යනු අධ්‍යාපන ගැටලුවකි. සිිසුන් පාරට බැස්සේ තමන්ගේ එකී අධ්‍යාපන ගැටලුව වෙනුවෙනි. අකිල විරාජ් ඇමතිවරයාට එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස පෙනී ගොස් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂලා තමන්ගේ පටු දේශපාලන වැඩවලට පාසල් ළමයි දක්කාගෙන යාම ඇමතිවරයාට පෙනෙන්නේ නැත. නැතිනම් එසේ් යන්නේ ඔවුන්ගේද අනුමැතියෙන් විය යුතුය.
එසේ වුවත් සෘජු ප්‍රතිපත්ති ඇතැයි වහසි බස් දොඩන අධ්‍යාපන ඇමතිවරයාගේ මේ පිළිවෙත ගැටලු සහගතය. ඒවා සාමාන්‍ය සමාජය හඳුන්වන්නේ දෙපිට කාට්ටු වැඩ ලෙසය.
කෙසේ නමුත් සයිටම් ආයතනය වසා දැමීමට ආණ්ඩුවට සිදු විය. ඒ එය හොර ගුහාවක් බව ඔප්පුු වීම නිසාය. තවදුරටත් එම බොරුව රැකීමට ආණ්ඩුවට නොහැකිවීම නිසාය. එසේ බොරු කියමින්, ජනතාවට වංචා කරමින් කෝටි ගණන් මහජන මුදල් වංචා කළ නෙවිල් ප්‍රනාන්දු ද, හිටපු අධ්‍යාපන ඇමතිවරුන්ද, වර්තමාන අධ්‍යාපන ඇමතිවරු හා සෞඛ්‍ය ඇමතිවරුන්ද තවමත් නිදැල්ලේය. එහෙත් හොරකම, වංචාව, දූෂණය ඔප්පු වී අවසානය. එහෙත් ඒවා කළ කෙනෙක් නැත. දඩුවම්ද නැත. දඩුවම් දීමට යන්නේ හොරකම පෙන්වා දීමට පාරට බැසීමට සිදු වූ සිසුන්ටය.
කැකිල්ලේ රජුන්ගේ නඩු තීන්දුව ගැන සිහිපත් වන්නේ මේවා අසන විටය.


ධනංජය සූරියබණ්ඩාර