ඉතිහාසයේ දිනක මෙසේ් සිදු විය

rohingya-7592vb cvnbfxh
රෝහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි
December 12, 2017
z_p05-Magampura (1)
සජිත්ට හම්බන්තොට ජනතාවගෙන් විරෝධය
December 12, 2017
Show all

ඉතිහාසයේ දිනක මෙසේ් සිදු විය

dtw457

1885 සිට කොංගෝව බටහිර යටත් විජිත පාලකයන්ගේ නිර්ධය සුරාකෑමට ලක් විය. කොංගෝව පාලනය සියතට ගත් ඛෙල්ජියම් හා ප්‍රංශ අධිරාජ්‍යවාදීන් කොංගෝ වැසියන් තම වහලුන් බවට පත් කරගත්තේය. අධිරාජ්‍යවාදී සුරාකන්නන්ගේ ප්‍රධාන වැවිලි කර්මාන්තය බවට රබර් වගාව එරට ව්‍යාප්ත කළේය. රටේ සියලුම වැඩිහිටි පුරවැසියන් රබර් වගාවේ ශ්‍රම බලකාය වූ අතර, දිනකට ඔවුන් සැපයිය යුතු කිරි පනිට්ටු ප්‍රමාණයක්ද බෙල්ජියානු පාලකයන් විසින් නියම කරන ලදී. එසේ අසමත් වන අහිංසක කොංගෝ වැසියන් ලොව අමිහිරිම අත්දැකීමකට මුහුණ දුන්නේය. දිනකට තමන්ට නියම වූ රබර් කිරි ප්‍රමාණය ලබාදීමට නොහැකි වූ මිනිසුන්ගෙන් පළිගත්තේ ඔවුන්ගේ දරුවන්ගේ අත්පා කපා දමමිනි. ඉන් නොනැවතුණු ඔවුන් කාන්තාවන් සමූහ වශයෙන් දූෂණයට ලක් කළේය. මෙම ඝාතන ක්‍රියාවලිය සඳහා බෙල්ජියානු පාලනය විසින් ස්වදේශීය ජනයා විශේෂ වරදාන ප්‍රදානය කරමින් හමුදාවට බඳවා ගනු ලැබීය. එම කෘෘර පාලනය තුළ කොංගෝ වැසියන්ගෙන් හරි අඩක් පමණ මරා දමන ලදී. මෙසේ නිහීන ලෙස මර්දනය කරන ලද ජාතියකගේ ලෙයින් හා දහදියෙන් බ්‍රසල් නුවර මහා මන්දිර ඉදිකරන ලදී. ධනවාදය යනු එයයි. මිලේච්ච සුරාකෑමට ලක් කරමින් ගෙන ගිය පාලන යුගයක අත් කපා වෙන් කරන ලද ළමුන් දෙදෙනෙකුගේ චායා රූපයක් මෙසේ පල කරන්නෙමු.


මාලන් කබලාන