ඊජිප්තුවෙන් උපරිම බලය යොදා ප්‍රහාර

23897855_10155823281072356_1591272799_n-600x360-1200x762_c
සෑම තෙදිනකටම වරක් කාන්තාවක් මරා දමන රටක්
December 12, 2017
rohingya-7592vb cvnbfxh
රෝහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි
December 12, 2017
Show all

ඊජිප්තුවෙන් උපරිම බලය යොදා ප්‍රහාර

4025090078

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී දේව මෙහෙයක් අතරවාරයේ තුන්සියයකට වැඩි පිරිසක් මරා දැමූ ප්‍රහාරකයන්ට එරෙහිව උපරිම බලය යොදාගනිමින් ප්‍රතිචාර දක්වන බව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි පවසයි.
බීර් අල් අබෙද් නගරයේ අල්-රව්ඩා ගම්මානයේ පිහිටි පල්ලියට කඩා වැදුණ තුවක්කුකරුවන් බෝම්බයක් පුපුරුවා හැර ඉන් අනතුරුව පල්ලිය ඉදිරිපස රැක සිටි ප්‍රහාරකයෝ පලා යමින් සිටි ජනතාවට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරයට ගොදුරු වූ පිරිස අතර යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද විශාල සංඛ්‍යාවක් වෙති.
එය මෑත ඉතිහාසයේ ඊජිප්තුවේ දී එල්ල වූ බරපතළම ප්‍රහාරය වන අතර, මෙතෙක් කිසිවෙකුත් එහි වගකීම භාරගෙන නොමැත. එයට ප්‍රතිචාර වශයෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊජිප්තු හමුදාව පවසයි.
පල්ලිය අවට නවතා තිබූ වාහනවලට ගිනි තැබූ ප්‍රහාරකයන්, තුවාලකරුවන් රැගෙන් යමින් සිටි ගිලන් රථවලට පවා වෙඩි තැබූ බව වාර්තාවල දැක්වේ. මෙහිදී දරුවන් තිස් දෙනෙකුවත් මියගිය පිරිස අතර සිටින අතර, තවත් සිය දෙනෙකුටවත් තුවාල සිදු වී තිබේ.
ඊජිප්තු හමුදාව සිනායි ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අවනත සන්නද්ධ කණ්ඩායම් සමග සටන් වදිමින් ඇති අතර, එම පසුබිම යටතේ එම කලාපය තුළ දීර්ඝ කාලයක පටන් කැරලිකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ප්‍රහාරකයන්ගේ ඉලක්කය වූ අල් රව්ඩා පල්ලිය ‘සුෆි’ ඉස්ලාමීය නිකායට අයත්, ප්‍රාදේශීය සවර්කා ගෝත්‍රික බැතිමතුන් අතර ජනප්‍රිය ස්ථානයකි. සවර්කා ගෝත්‍රිකයෝ එරට ආරක්ෂක හමුදාවන්ට සහාය දෙමින් සිටින කණ්ඩායමක් බව ප්‍රකටය.


ධනංජය සූරියබණ්ඩාර