තිස්තුන් කෝටියක් දෙවියො මදි වී දේශපාලකයෝ පෝලිමක් ඉන්දියාවට 

ක්‍රිsrhae
තේ කර්මාන්තයේ විශාල බිඳවැටීමක්
December 12, 2017
JVP-575-01
නලින්දගේ ප්‍රශ්නයෙන් කබ්රාල්, නාමල්ව බිලි දෙයි
December 12, 2017
Show all

තිස්තුන් කෝටියක් දෙවියො මදි වී දේශපාලකයෝ පෝලිමක් ඉන්දියාවට 

db354fcad2720a9ff20f737c7ea47be8

පසුගිය මාසයක පමණ කාලය තුළ අගමැති ඇතුළු ඉහළම දේශපාලකයන් රැසක් ඉන්දීය දෙවියන් වැඳපුදා භාරහාර වීමට ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වේ.
පසුගිය සතියේ අගමැතිවරයා ඉන්දියා මයිසූර් ප්‍රාන්තයේ මූකම්බිකා දේවතාවිය වන්දනාවේ ගිය අතර, කතානායකවරයා ද නාභූර් පුදබිමට සහ සායි බාබා ආශ්‍රමයට ගිය බවද අනාවරණය වේ. ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ තිරුපති කෝවිලට ගොස් තිබේ. ආරුමුගම් තොණ්ඩමන් කර්ණාටක ප්‍රාන්තයේ සබරිමලෙයි ප්‍රදේශයේ අයියප්පන් කෝවිලට ද, දිගම්බරම් ඇමතිවරයා තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිල් කීපයක පූජාවලටද ගොස් ඇති බව හෙළි වේ.
මේ බොහෝ දෙනෙක් අලුත් දෙවි දේවතාවියන් සොයාගෙන යාමේ ප්‍රවණතාවයක් දක්වන බව සනාථ වී තිබේ. මෙයට පෙර ප්‍රධාන වශයෙන්ම බාරහාර වීමට ගොස් තිබුණේ තිරුපති කෝවිලටය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රහසිගතව එහි ගිය අතර, එය හෙළි වීමෙන් පසුව බොහෝ දේශපාලනඥයෝ එහි යාමට පුරුදු වුහ. පසුගිය කාලයේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා හිස බූ ගා බාරයක් ඔප්පු කළ බවද අනාවරණය විය.
කලකට පෙර දී දෙවියන් ඇදහීමට කතරගම ඇතුළු දේවාලවලට ගිය දේශපාලනඥයන් රට තුළ දේශපාලන වියවුල් සමඟ අස්ථාවර තත්්ත්වයක් ඇති වන විට ඉන්දියා දෙවි දේවතාවුන් ඉදිරියේ බාරහාර සඳහා යාමේ ප්‍රවණතාවයක් වේගයෙන් වර්ධනය වී තිබේ.


ලංකා මාරසිංහ