පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම ඉවත් කර ගන්න එකඟතාවයක්

z_p01-wimal
වීරවංසට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39 ක්
December 12, 2017
cultured-pearl-liquor-company-10
සහල්වලින් මත්පැන් හදන්න බෑනාගේ අරක්කු ෆැක්ටරියට අවසර
December 19, 2017
Show all

පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම ඉවත් කර ගන්න එකඟතාවයක්

Untitled-1-132wefgtwR

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම එරෙහිව ගොනු තර තිබූ පෙත්සම ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්වයන් එකඟතාවයකට පැමිණි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. පසුගිය 30 වනදා පාර්ලිමේන්තුව රැස්වුණ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත් කර ගැනීමට එකඟත්වයකට පැමිණිය ද 30 වන දිනයේ දී නීතිපතිවරයා විසින් මෝසම ඉදිරිපත් කර නඩුව විභාග කිරීමට සිටි නමුත් එවැන්නක් සිදුනොවුණේ මන්ද යන්න අනුර කුමාර මහතා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසා සිටියේය. එහිදී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයා හා පක්ෂ නායකවරුන්ගේ මැදිහත් වීමෙන් පෙත්සම්කරුවන් හා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වූ බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ද සාකච්ඡා කළ අතර ඒ අනුව පෙත්සම්කරුවන් හා තමා වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු උසාවියට යවා නඩුව සමතයකට පත් කර ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව අදාළ පාර්ශ්වය නඩුව ඉල්ලා අස්කර ගන්නා බව උසාවියට දැනුම් දීමට කටයුතු කළ අතර තමා එම පෙත්සමේ ඇති කරුණු සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටු කිරීමට පෞද්ගලික වශයෙන් එකඟ වු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


චතුර දිසානායක