රෝහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි

4025090078
ඊජිප්තුවෙන් උපරිම බලය යොදා ප්‍රහාර
December 12, 2017
dtw457
ඉතිහාසයේ දිනක මෙසේ් සිදු විය
December 12, 2017
Show all

රෝහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි

rohingya-7592vb cvnbfxh

රඛයින් ප්‍රාන්තයේ හමුදා ප්‍රහාර සමග අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය රෝහින්ග්‍යා සරණාගතයන් යළි සිය රට පැමිණවීම සඳහා මියන්මාරය සහ බංග්ලාදේශ බලධාරීන් අතර ගිවිසුමක් ඇතිකර ගනු ලැබ ඇත. එහෙත් එම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අදාළ කාල සීමාවක් හෝ ඊට ඇතුළත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කොට නැත.
මියන්මාර් යුද හමුදාව පසුගිය අගෝස්තු මාසයේ රඛයින් පළාතේ එල්ල කළ ප්‍රහාර සමග බංග්ලාදේශයට පළා ගිය හය ලක්ෂයකට අධික රෝහින්ග්‍යා සරණාගතයෝ එහි ඉදි කෙරුණ තාවකාලික කඳවුරු තුළ ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රඛයින් ප්‍රහාර වාර්ගික සුද්ධයක් ලෙස විග්‍රහ කරනු ලැබ ඇත.
බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව රඛයින් පළාතේ අවතැන් ජනයා ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන කරා පැමිණවීම මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පැවසේ. එහෙත් පළා ගිය රෝහින්ග්‍යා ජනයාගේ ආරක්ෂාව සහතික කරනු ලැබීමෙන් තොරව එම ජනතාව බලහත්කාරයෙන් ඔවුන්ගේ ගම්බිම් කරා යළි පැමිණවීම සම්බන්ධයෙන් ආධාර ආයතන මැසිවිලි පළ කරති.
මියන්මාරයේ නේ පීටෝ අගනුවරදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර කටයුතු කරමින් සිටින බව දෙරටේ ආණ්ඩු සඳහන් කර ඇත.


ධනංජය සූරියබණ්ඩාර