සෑම තෙදිනකටම වරක් කාන්තාවක් මරා දමන රටක්

ලුerhyre5
අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක අලුත්වන කතාව
December 12, 2017
4025090078
ඊජිප්තුවෙන් උපරිම බලය යොදා ප්‍රහාර
December 12, 2017
Show all

සෑම තෙදිනකටම වරක් කාන්තාවක් මරා දමන රටක්

23897855_10155823281072356_1591272799_n-600x360-1200x762_c

සෑම තෙදිනකටම වරක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන කාන්තාවක් මරුමුවට පත්කරන රටක් බවට ප්‍රංශය පත්වී ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ උත්සවයකදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා, සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළඹ ඇතැයි සඳහන් කළේය.
2016 වසරේ දී සිය සහකරු හෝ පැරණි සහකරු විසින් මරා දමන ලද කාන්තාවන් 123 දෙනා සමරමින් ඔහුගේ දේශනය අතරවාරයේ විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදී. ඒ වසර තුළ 225,000කට ආසන්න කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් විසින් ලිංගික හෝ ශාරීරික හිංසනයට ලක් කරන ලද නමුත් ඒ පිළිබඳව පැමිණිලි කර තිබෙන්නේ එයින් පහෙන් එකකට ආසන්න පිරිසකි.
සිය පස් අවුරුදු ධුර කාලය ඇතුළත රට තුළ ලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ එක් මැතිවරණ ප්‍රතිඥාවකි. මැතිවරණය සමයේ ප්‍රංශ ජනතාවගේ ප්‍රධානම අවධානය පළ වී තිබුණු ප්‍රශ්නය එය බව සමීක්ෂණයකදී හෙළි වී තිබුණි.


ධනංජය සූරියබණ්ඩාර