මේක ඉතාම කැත නින්දිත කුමන්ත්‍රණයක් (ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී්‍ර විජිත හේරත්)

srilanka6afpmgdcbfxvb
මෛත්‍රීගේ මැදමුලන ජනතාව
December 19, 2017
1003937-SriLanka-1449242572-799-640x480
නීතිය උන්ගේ සිරබත අපෙ උන්ගේ
December 19, 2017
Show all

මේක ඉතාම කැත නින්දිත කුමන්ත්‍රණයක් (ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී්‍ර විජිත හේරත්)

ක්‍රිasegwe

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සාහය කුමන්ත්‍රණයක් බවට ඔබ විසින් චෝදනා කරලා තිබුණා. එහෙම කියන්නේ ඇයි?

අවුරුදු දෙකකට වඩා කල් දමපු මැතිවරණයක් පැවැත්වීමට වටාපිටාව සකස් වූවාට පසුව එය නොපවත්වන තැනට වැඩ කරනවා කියන්නෙම කුමන්ත්‍රණයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි, ආණ්ඩුව ඡන්දවලට බයයි. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ හය දෙනෙක් යොදවලා, මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ. මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන කෙනෙක් තමයි, මේ නඩුව ගොනු කරන්නේ. එයින් මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පදිංචි පුද්ගලයා තමන්ගේ නම නඩුවක් සඳහා භාවිත කළ බවක්වත් දන්නේ නැහැ. රට වටෙන්ම හොයා ගත් පුද්ගලයන් හය දෙනෙක් දාලා ඒ හය දෙනා වෙනුවෙන්ම එක් පුද්ගලයෙක් අත්සන් කරලා අභියාචනාධිකරණයේ පෙත්සම ගොනු කිරීමෙන්ම පැහැදිලි වන්නේ අවශ්‍ය නම්, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහිල්ලා, ඡන්දයට කල් ගැනීමේ වුවමනාවම තමයි. මේ නඩු නිමිත්ත දන්නේ ෆයිසර් ඇමතිවරයා විතරයි. ඒ නිසාම මේක පැහැදිලිවම ඡන්දය කල් දැමීම සඳහා කළ කුමන්ත්‍රණයක්ම තමයි. ඒක ඉතාම කැත නින්දිත කුමන්ත්‍රණයක්.

මේ වන විට මැතිවරණය පැවැත්වීමේ වටාපිටාව නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඇත්තෙන්ම ඔවුන්ගේ උපක්‍රමය එහෙම පිටින්ම අසාර්ථකයි. එම උත්සාහයෙන් සිදු වුණේ ඔවුන්වම තව තවත් අර්බුදයට පත් වීමම විතරයි. උසාවියෙන් නියෝගය දුන්නෙ අසෝක පීරිස් සකස් කළ වාර්තාවට පදනම් වුණ ගැසට් නිවේදනයට අදාළව විතරයි. ඒ නිසා මැතිවරණ කොමිසම අනෙක් පළාත් පාලන ආයතනවල ඡන්දය ප්‍රකාශයට පත් කළා. ඒ නිසා එම ආයතනවල ඡන්දය පැවැත්වීම ස්ථීරයි. ඒ නිසාම මෙම පෙත්සම ඉල්ලා අස් කර ගන්නා තැනට ඔවුන් පත් වෙලා තියෙනවා. අනෙක් අතට ජවිපෙ අපි මේ වෙනුවෙන් සටනක් ආරම්භ කළා. එයත් මෙම තත්ත්වයට ප්‍රබල බලපෑමක් කළා.

ජනතාවගේ පැත්තෙන් බැලුවම මේ තත්ත්වය ඔවුන්ට අහිමි කර තිබූ අයිතියක් නැවත දිනා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්. එතන දී ඔබ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද?

මැතිවරණයක් කියන එක ලබා ගන්න අරගල කරන්න සිදු වීමම ඛේදවාචකයක්. නමුත්, දැන් ජනතාවට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඔවුන් ලද ජයග්‍රහණයක්. ඡන්දයක් කල් දාන්න හෝ නොපවත්වා ඉන්න කිසිම පාලකයකුට හෝ ආණ්ඩුවකට අයිතියක් නැහැ. අපි සටන් කළේ ඒ වෙනුවෙන්. ඡන්ද අයිතිය කියන්නේ ජනතාවගේ පරම අයිතියක්. ඒ අයිතිය අහිමි කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මේ සියලු සිදුවීම් අතරේ මහින්ද – මෛත්‍රී සන්ධානගත වීමේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා නේද?

ඒක අනිවාර්ය දෙයක්. මොකද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ අයට ඒ දෙය කරන්නම වෙනවා. බරපතළ දූෂණ චෝදනාවලට ලක් වෙලා ඉන්න රාජපක්ෂ පවුලට මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකරන්න හේතුව මොකක් ද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාවට ඒ අනුව තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. දැන් හොරු හොරු එකතු වෙලා තියෙනවා.
ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු නීතිමය වශයෙන් ම සකස් වෙලා තියෙද්දී ඒක සිද්ධ නොවෙන්නේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත කියන එක මේ වන විට තහවුරු වෙලා තියෙනවා. ඒ දවස්වල ද්‍රෝහියා වුණු මෛත්‍රීව දැන් මහින්දටත් ‘අපේ ජනපති’ වෙලා තියෙනවා. දැන් හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එකතු වෙලා තම තමන්ගේ ෆයිල් වහ ගන්නවා. බලය සඳහා ඕනෑම ජරා ජනතා ද්‍රෝහී ක්‍රියාවක් කරන්න මේ අය සූදානම් කියලා මේ දේවලින් ඔප්පු වෙනවා.

නව මැතිවරණ ක්‍රමයේ සාධනීය ලක්ෂණ තිබෙනවා වුණාට මන්තී්‍ර ධුර සංඛ්‍යාව වැඩි වීම කියන කාරණයේ දී ජවිපෙත් නිහඩයි නේද?

මන්තී්‍ර සංඛ්‍යාව වැඩි වීම ජනතාවට බරක් කියන එක අපි පිළිගන්නවා. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න, පඩිනඩි ගෙවන්න බරපතළ වියදමක් දරන්න වෙනවා. නමුත්, දැන් අපි ඉදිරියේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඒක පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට මුලින්ම වගකියන්න ඕනෑ රාජපක්ෂ කණ්ඩායම. අලුතින් කොට්ඨාස වැඩි වුණේ රාජපක්ෂ කණ්ඩායම ගෙනා සීමා නිර්ණයන් නිසා. ඒ අනුව මන්ත්‍රී ධුර වැඩි වුණා. දැන් ඒක හදන්න නම්, මුල ඉඳන් පටන් ගන්න ඕනෑ. එතකොට ඡන්දය කල් දාන්න වෙනවා. ඒ නිසා අපට දැන් තියෙන දේට එකඟ වෙන්න වෙලා තියෙනවා. ඉදිරියේදී විද්‍යාත්මකව සකස් කළ නිවැරදි සීමා නිර්ණයන් සහිත ක්‍රමයකට යා යුතුව තිබෙනවා.

මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි වීම ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක් නොවෙයිද?

මේ මැතිවරණ ක්‍රමයෙන් සමානුපාතික බව රැකිලා තියෙනවා. තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රී ධුරයක් ලැඛෙනවා. ඒක හොඳ දෙයක්. ඒත් තමන් පත් කර ගන්නා මන්ත්‍රීවරයා තමන්ට වග කියන, තමන් වෙනුවෙන් කැප වන නිවැරදි පුද්ගලයකු තෝරා ගැනීම කියන එක තියෙන්නේ ජනතාව අතේ. මන්ත්‍රී ධුර වැඩි වීම කියන එක තමන්ගේ ප්‍රදේශයට වැඩක් කරන ජනතාවාදී නායකයකු පත් කර ගැනීම සාධනීය පැත්තට හරවා ගැනීමේ වගකීම තියෙන්නේ ජනතාව අතේ. මේ තුළ තිබෙන නරක හොඳ අතට හරවා ගැනීමේ විභවයකුත් තියෙනවා. ජනතාව නිවැරදි දේ කරයි කියලා අපි විශ්වාස කරනවා.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු