මෛත්‍රී විරෝධී තවත් පිලක්!

slfp
ශ්‍රීලනිප නව ලේකම් අර්ජුන? චමල්?
December 19, 2017
ණීsdrhWSE
පුද්ගලිකත්වය වෙනුවට පොදු මිනිස් සංහතිය වෙනුවෙන් තීරණයක්!
December 19, 2017
Show all

මෛත්‍රී විරෝධී තවත් පිලක්!

බෙWSeg

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, දුමින්ද දිසානායක මෛත්‍රී විරෝධී ස්ථාවරයක කඳවුරු බඳිමින් සිටින බව පක්ෂයේ අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වේ.
ජනාධිපතිවරයාගේ පිල මහින්ද සමඟ එකතු වීම සම්බන්ධයෙන් මේ දෙදෙනා දැඩි විරෝධයක් දැක්වීමෙන් නව පිල වර්ධනය කර ගනිමින් සිටින බව කියවේ. පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට මෛත්‍රී ශ්‍රීලනිපයෙන් ඉවත් වූ අවස්ථාවේ ඔහු සමඟ පැමිණි කීප දෙනා අතර, දුමින්ද දිසානායක ද සිටියේය. ජනාධිපතිවරණයෙන් ජය ගත් පසු පක්ෂයේ සභාපති ධුරයට පත් මෛත්‍රී විසින් එහි ලේකම් වශයෙන් දුමින්ද දිසානායක පත් කරනු ලැබීය.
ඉන් පසු අවස්ථා ගණනාවක දී චන්ද්‍රිකා සහ මෛත්‍රී අතර විවිධ ගැටීම් ඇති වුවද, පොදුවේ මේ දක්වා පක්ෂය තුළ කටයුතු කරනු ලැබීය. එහෙත්, මෛත්‍රී මහින්ද පිල එකතු වුවහොත්, ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට චන්ද්‍රිකා ඉදිරිපත් වී සිටින බවත්, මෛත්‍රී ජනාධිපති කර වූ සේ ම ඉවත් කිරීමේ දේශපාලන හැකියාව ද තමන්ට තිබෙන බවත් ප්‍රකාශ කරමින්, මෛත්‍රී විරෝධයකට මුලපුරා ඇතැයි අනාවරණය වේ.


ලංකා මාරසිංහ