ශ්‍රීලනිප නව ලේකම් අර්ජුන? චමල්?

maithripala-sirisena-in-trouble
කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසමක් හමුවට?
December 19, 2017
බෙWSeg
මෛත්‍රී විරෝධී තවත් පිලක්!
December 19, 2017
Show all

ශ්‍රීලනිප නව ලේකම් අර්ජුන? චමල්?

slfp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්ද පිල එකතු වීම සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් ධුරය හැර අනෙකුත් සියලුම මූලික ගැටලු විසදාගෙන ඇති බව දෙපාර්ශ්වයේ සාකච්ඡා නියෝජිතයන්ගෙන් අනාවරණය වේ.
දෙපිල එකතු වන්නේ අනිවාර්යයෙන්ම වර්තමාන ලේකම් ඉවත් කොට මහින්ද පිලේ අයකු පත් කිරීමට අවශ්‍ය බව දන්වා එයට චමල් රාජපක්ෂව යෝජනා කර ඇති බව කියවේ. එහෙත්, මෛත්‍රී පිල මේ දක්වා එකඟ වී නොමැති අතර, ඔවුන් විකල්ප යෝජනා කීපයක්ම ඉදිරිපත් කර තිබේ. ඒ අතුරින් මහින්ද පිල සලකා බැලීමට එකඟ වී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වී එම පක්ෂයෙන් ඇමති ධුරයක් ලබා සිිටින අර්ජුන රණතුංග බව හෙළි වේ.


ප්‍රියදර්ශන දයාරත්න