එජාප මන්ත්‍රී රැස්වීම් කාටත් එපා වෙයි

fuf du peasis
මේ අයවැයෙන් වැඩි වාසිය ලැබිලා තියෙන්නෙ ක්‍රීඩාවේ සුපිරි පන්තියට… (සුගත් තිලකරත්න)
January 2, 2018
gthdf
‘ලංකා’ හෙළි කිරීම්වලින් දයාසිරි වැඩ ගනී
January 2, 2018
Show all

එජාප මන්ත්‍රී රැස්වීම් කාටත් එපා වෙයි

elephant

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට සහභාගී වන පිරිස ඉතාම පහත මට්ටමකට වැටීම නිසා නොපැමිණෙන මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවට අනතුරු අඟවා තිබේ.
කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වීම හෙළි වූ නිසා බරපතළ මට්ටමෙන් සහභාගීත්වය පහත වැටී ඇති බව අනාවරණය වේ. පෙර අවස්ථා කීපයකදී කිසියම් අඩු වීමක් වරින්වර තිබූ බවත් දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසු අය-වැය විවාද සමයේ පවා මන්ත්‍රී කණ්ඩායමට සහභාගී වූ පිරිස විශාල වශයෙන් බිඳවැටී ඇතැයි හෙළි වේ. ළඟ එන මැතිවරණයේ දී පක්ෂයක් ලෙස නොව තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසය දිනා ගැනීමේ ඉලක්කයක් සහිතව දැනටමත් කි්‍රයා කරමින් සිටී.


ගයාන් රූපසිංහ