ඔය ටැබ් එක හයියෙන් අල්ලගනින් දුවේ

kkkkk
කොලේ ඉරාගෙන ඇගේ හලාගැනීම
January 2, 2018
samasn
මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අවි එසවේ…
January 2, 2018
Show all

ඔය ටැබ් එක හයියෙන් අල්ලගනින් දුවේ

23376335_1126048780861414_2511276249383342356_n

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරයක නිරත විය. ඔහුගේ එම සංචාරයේ කාගේත් අවධානයට ලක් වූයේ මූකම්බිකාහි සිදු කළ ආගමික වතාවත් දෙසටය. ඒ පිළිබඳව දැක් වූ අවධානය කොතෙක්ද යන්න සමාජ ජාලා වෙබ් අඩවි සහ පුවත්පත්වල පල වූ ඡායාරූප ප්‍රමාණය දෙස බැලීමේදී කාටත් තේරුම් ගත හැකිය. එසේම අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අවධානය යොමු කළ යුතු තවත් එක් අංගයක් වන්නේය. එය නම් ඔහු ඉන්දියාවේදී සිදු කළ කතාවයි.
රනිල් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කතාව සඳහා කරුණු ගොනු කිරීමේදී ඊට ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සඳහනක් කිරීමට අමතක නොකළේය. ඔහු එහිදී අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේ තමන් විසින් ඇති කරගෙන යනු ලබන යහපාලනය යටතේ පාසල් ළමුන්ට ටැබ් පරිඝනක ලබාදීම පිළිබඳවය. පාසල් සිසු දරු දැරියන්ට මෙසේ ලබාදුන් ටැබ් පරිඝනක හරහා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් තොරතුරු තාක්ෂණය පිළිබඳව හැදෑරීමට වඩාත් හොඳ මාවතක් විවර වූ බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු අගමැතිවරයා පවසන හැටියට ටැබ් පරිඝනක යන්ත්‍ර ලබාදීමෙන් විසඳිය හැකිද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ බදු සහ ණය වලිනි. ඊට හොඳම උදාහරණය වන්නේ පසුගිය අයවැයයි. එහිදී ජනතාව මතට නව බදු පැනවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. එබැවින් ලංකාවේ කෝටි දෙකක් වූ ජනගහනයෙන් 60%කටත් වඩා වැඩි ප්‍රමාණයක් යහපත් ජීවිත ගත නොකරයි. ඔවුන්ගේ බහුතරයක් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට කුලී වැඩක් කරන අතර, තවත් පිරිසක් මාසික වැටුපකට ශ්‍රමය විකුණා ජීවත් වෙයි. කෙසේ් හෝ උපයා ගන්නා මුදලින් ඔවුන් සිය දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීමට බොහෝ අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතුය. එසේ වුවත් ආණ්ඩුවේ මෙම බදු ගැසීම නිසා ණය වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස්් ඇත.
එනිසා පාසල් වයසේ පසුවන, ළමුන් අවම වශයෙන් දෙදෙනෙකුවත් සිටින නිවසක එම දෙමාපියන්ට මහත් බරක් පැටවී තිබේ. එය වර්තමානයේදී ලක්ෂ 4කටත් වඩා වැඩි, පාසල් වයසේ පසුවන දරු දැරියන්ට සිය අධ්‍යාපන අයිතිය අහිමි වීමෙන් මනාවට කියා පායි. වසරකට ලංකාවේ පිළිගත් ප්‍රමුඛ පෙළේ විභාග දෙකක් ඇත. ඒවා නම් අපොස සා/පෙළ හා අපොස උ/පෙළ විභාගන්ය. අපොස සා/පෙළ පවතින තරගය කෙබඳුද යන්න අප අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත. නමුත් ඒ තරගය හමුවේ අදාළ විභාග සමත් වූ විට ඒ සියල්ලටම ඒකාකාරයෙන් වැඩිදුර අධ්‍යාපන පහසුකම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එසේම අපොස සා/පෙළ මගින් අසමත් වන දරුවාට ජීවිතය ගෙන යාම සඳහා ඉදිරි වැඩපිළිවෙළක් සකස් කිරීමටද ආණ්ඩුව අපොහොසත්ය.
අපොස උ/පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරු දිරියන්ගේ තත්ත්වය ද එසේමය. මේ විභාගයට පෙනී සිටින ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් අතරින් විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ 25,000ක් වැනි ඉතා අතලොස්්සකටය. ඉතිරි විභාගය සමත් ලක්ෂයක් පමණ වූ දරු දැරියන් ප්‍රමාණයක් වසරක් පාසා බලාපොරොත්තු බොඳ වූවන්ගේ ගොඩට එකතු වේ. නමුත් ආණ්ඩුව තවමත් ඔවුන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැත. උසස් පෙළ විභාගය අසමත් වූවන්ටද එය එසේමය. එනිසා වර්තමාන අධ්‍යාපන ක්‍රමය යන්න බහුතරයක් දෙනා නිතැතින් එළියට විසිවන ජීවත්වීම සඳහා දෛනිකව කුමක් හෝ දෙයක් කිරීමට සිදුවන පිරිසක් බිහි කරන ක්‍රියාවලියකි.
එසේම ආණ්ඩුව ජනතාව මත තව තවත් බදු ගසමින් තමන්ගේ සාක්කු පුරවා ගැනීමට වෙර දරද්්දී ජනතාව ජීවන බරින් මිරිකී සිටින බව ඉහතින් සඳහන් කළෙමු. එහි ප්‍රතිඵලය දෙමාපියන්ට පමණක් ගෙවීමට සිදු නොවන අතර හය හතර නොදත් කුඩා දරුවාගෙන්්ද ආණ්ඩුවේ මෙම කෘෘර සූරාකෑම පෙන්නුම් කෙරෙයි. රටේ දැනට පාසල් යන දරු දැරියන්ගෙන් 1/3කට උදෑසන ආහාරය නොමැති වීම එයට හොඳම නිදසුනයි. පසුගිය කාලයේ සමාජය තුළ ජනප්‍රිය වූ විවිධ ප්‍රවෘත්ති තුළින්ද ඉස්මතු වූයේ ආණ්ඩුවේ නොහැකියාවය. එහිදී වැදගත් කරුණක් ලෙස පෙනුනේ තවමත් විවිධ පළාත්වල දරුවන් පාසල් යන්නේ සිය දිවා ආහාරය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් බවය.
පාසල්වල අවම පහසුකමවත් සම්පූර්ණ නොකර ටැබ් ගැන කතා කිරීම විහිළුවකි. ගංගාවලින් එතෙර වී වැල්වල එල්ලී මහත් දුෂ්කරතා විඳිමින් පාසලට ඒමට සිදුව ඇති දරුවන්ට ටැබ් දීම හෝ ගානා පොකුණ චිත්‍රපටයේ පාසලට පියානෝවක් දීමේ සිදුවීම සිහිගන්වයි. අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය සංචාරයේදී සිය කතාවෙන්, ලංකාවේ අධ්‍යාපනය නව පිම්මක් පැන්නා යැයි මහා උජාරුවෙන් පුරසාරම් දොඩවන්නේ සත්‍ය කරුණු යට ගසමිනි. ලංකාවේ අධ්‍යාපනයේ කඩාවැටීම එසේ වද්දී ‘බය නැති අගමැති’ ජාත්‍යන්තරය වෙතට ගියේ ඔහුගේ නොහැකියාව වසා ගැනීමය. යම් යම් දේ ප්‍රකාශ කළද සැබෑ තත්ත්වය ඊට වඩා සපුරා වෙනස්ය. ඒ නිසා සුරංගනා කතා වෙනුවට මහ පොළොවේ ඇති සැබෑ ප්‍රශ්නය දකින්නට මහ පොළොවට බසින්නැයි අගමැතිවරයාටත්, නිලධාරීන්ටත් කීමට සිදුව තිබේ.


ධනංජය සූරියබණ්ඩාර