පෞද්ගලික අධ්‍යාපනයට ආණ්ඩුවෙන් අතහිත

djhzrth
ළඟම පාසලෙන් ලොකු ගැහිල්ලක් !
January 2, 2018
zdgjguklf
ෆිනෑන්ස් කොම්පැනි කීපයක් අර්බුදයක !
January 2, 2018
Show all

පෞද්ගලික අධ්‍යාපනයට ආණ්ඩුවෙන් අතහිත

ංෙටව'ාෙෞී

විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේදී සලකනු ලබන කඩඉම් ලකුණු හේතුවෙන් සරසවි වරම් අහිමි වන සිසුන්ට පෞද්ගලික උපාධි පිරිනමන ආයතන මඟින් උපාධි ලබා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ණය පහසුකම් සලසා තිබේ.
2017 අයවැය යෝජනාවට අනුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ණය ක්‍රමය තව දුරටත් ඉදිරියට ගෙන යමින් වසර තුනක උපාධියක් හැදෑරීමේදී රුපියල් දසලක්ෂ විසිපන්දහසක්ද, වසර හතරක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක්ද ලෙස ඉහළ නැංවීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට මේ අනුව කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කර අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කරනු වෙනුවට රටේ වගකිවයුතු පුද්ගලයෙකු වන අගමැතිවරයා විසින් පෞද්ගලික අධ්‍යාපනය දිරි දීමට කටයුතු කිරීම ඛේදවාචකයක් බව මේ පිළිබඳ අදහස් දක්වන විද්වතුන්ගේ මතය වී තිබේ.
නව රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්ද නොමැති වත්මන් රජය රැකියා විරහිත උපාධිධාරීන් මහමඟ උද්ඝෝෂණය කරමින් සිිටියදී, ණයගැති රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් බිහි කිරීමට මඟ සකස් කිරීමක් මෙන්ම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පෞද්ගලික ජාවාරම්කරුවන්ගේ මුුදල් උපයන මාර්ගයක් බවට පත් කර ගැනීමට මේ මඟින් තව දුරටත් ඉඩ සැලසෙන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.
එමෙන්ම මෙය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී තරුණ ආකර්ෂණය ඇති කර ගැනීමේ හා එම ඡන්ද ඉලක්ක කර ගනිමින් සිදු කළ ව්‍යාජ උපක්‍රමයක් විය හැකි බව ද ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියහ.


කිත්සිරි කොඩිතුවක්කු