මේ අයවැයෙන් වැඩි වාසිය ලැබිලා තියෙන්නෙ ක්‍රීඩාවේ සුපිරි පන්තියට… (සුගත් තිලකරත්න)

dilantha
කටින් නොව, හදවතින් රටේ නම ලකුණු කළ ඩිලන්ත
January 2, 2018
elephant
එජාප මන්ත්‍රී රැස්වීම් කාටත් එපා වෙයි
January 2, 2018
Show all

මේ අයවැයෙන් වැඩි වාසිය ලැබිලා තියෙන්නෙ ක්‍රීඩාවේ සුපිරි පන්තියට… (සුගත් තිලකරත්න)

fuf du peasis

ලබන 2018 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අය -වැයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට මුදල් වෙන් කර ඇති ආකාරය පිළිබඳව අපි පසුගිය කලාපයෙන් ඔබට ඉදිරිපත් කළෙමු. අපි මේ පිළිබඳව අප රටට මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් අත් කර දුන් සුපිරි මලල ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු ද වන සුගත් තිලකරත්න මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහු ඒ පිළිබඳව දැක් වූ අදහස්ය:

මෙවර අය-වැයෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

සෑම වසරකම සැලකිය යුතු මුදලක් ක්‍රීඩාවට වෙන් කරනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඒවා අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි ගලා යනවා ද කියන එකයි. ගම්බද ප්‍රදේශවල ක්‍රීඩාංගණ සියයක් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. හැබැයි, මලල ක්‍රීඩකයකුට පුහුණු වීම් කරන්න කොළඹ තියෙන හොඳම තණකොළ සහිත ක්‍රීඩාංගණය තමයි, ටොරින්ටන් ක්‍රීඩාංගණය. අවුරුද්දක විතර ඉඳලා ඒක හරියට නඩත්තු කරලා නැහැ. මේ නිසා ආබාධවලට ලක් නොවී පුහුණු වීම් කරන්න පුළුවන් මට්ටමක ඒක නැහැ. ක්‍රීඩාංගණ හැදුවාට වැඩක් නැහැ ඒවා නිසි ප්‍රමිතියට නැත්නම්. ඒ වාගේම තමයි, ක්‍රීඩා සංකීර්ණ හැදුවාට වැඩක් නැහැ, හැමෝටම ඒක භාවිත කරන්න ලැබෙන්නේ නැත්නම්. හුඟක් වෙලාවට ඒවා ලැඛෙන්නේ සීමිත පිරිසකට පමණයි. අනෙක් අයට ඒවායේ ගේට්ටු වැහෙනවා. මෙහෙම වුණොත්, හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නේ නැහැ. ක්‍රීඩාව දියුණු වෙන්නෙත් නැහැ. ඒ වාගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා ගැනත් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ.

මානව ක්‍රියාකාරකම් සංවර්ධනයට සහ තහනම් උත්තේජක භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න මෙවර මුදල් වෙන් කරලා තියෙනවා. මේක හොඳ ප්‍රවණතාවක් නේද?

මානව ක්‍රියාකාරකම් සංවර්ධනය හොඳ දෙයක් තමයි. හැබැයි, ඒකට ගොඩනැගිලි හදලා, නවීන තාක්ෂණික උපකරණ ලබා දීලා විතරක් ඒක කරන්න බැහැ. ඒ සඳහා හොඳ මානව සම්පත් තිබෙන්නත් ඕනෑ. ඒක නිසා මුලිින්ම අවධානය යොමු කරන්න ඕනෑ ඒ පිළිබඳවයි. ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ගැන දන්නා වෛද්‍යවරුන් ඉන්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් විතරයි. ඔවුන්ගෙනුත් නිසි පරිදි සේවය ලබා ගන්නේ නැහැ. මීට කලිනුත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයට උපකරණ ගෙනාවා. ඒත් ඒවා හරියට භාවිත කරන්න දන්න අය නැති නිසා විනාශ වෙලා ගියා. මේ නිසා මේ ගැනත් අවධානය යොමු කළොත් තමයි, නිසි ප්‍රයෝජනයක් ලැඛෙන්නේ. තහනම් උත්තේජක භාවිතය වැළැක්වීමටත් තාක්ෂණික විද්‍යාගාර හදන්න කලින් කරන්න ඕනෑ පාසල් මට්ටමේ ඉඳලාම ඒ ගැන  ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් නිසි පරිදි දැනුම්වත් කිරීමයි. මේ නිසා මේ ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් වැඩි වශයෙන් කළොත්, මේක වළක්වා ගැනීම එතරම් අපහසු නැහැ.

දේශීය පුහුණුකරුවන් දෙසීයක් පුහුණු කිරීමටත් මෙවර යෝජනා කරලා තිබෙනවා. මෙය ගැන ඔබ සතුටු වෙනවාද?

ඔව්. දේශීය පුහුණුකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම හොඳ දෙයක්. අපට දක්ෂ පුහුණුකරුවන් ඉන්නවා. ඔවුන්ට නවීන තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම පිළිබඳව පුහුණුවක් ලබා දීම ඉතා වැදගත්. මම මලල ක්‍රීඩා සංගමයේ සභාපති වෙලා ඉන්න කාලෙදිත් මේ ගැන ලොකු අවධානයක් යොමු කළා. මේකට ඔවුන්ව පිටරට යවන්නම ඕනෑ නැහැ. පිටරටවලින් සම්පත්දායකයන් මෙහාට ගෙන්වලා අවශ්‍ය පුහුණුව ලබා දෙන්න පුළුවන්.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරියේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකම ඒකාබද්ධයෙන් කළමනාකරණය කරන්න යෝජනා කරලා තියෙනවා. මේ ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

ඒක නම් එච්චර සතුටු වෙන්න පුළුවන් යෝජනාවක් නෙමෙයි. 1991දී මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩකයන්ට ලබා දුන්නාට පස්සේ ඔවුන්ට අවශ්‍ය පුහුණු වීම් කරන්න මේක විශාල පිටිවහලක් වුණා. ඒ කාලේ ගේට්ටු දාලා මේකට එන්න බැරි තත්ත්වයක් තිබුණේ නැහැ. හැබැයි. පසුගිය කාලේ දී ගම්බද මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් මේකේ ගේට්ටු වැහුණා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මට්ටමේ අයටත් එහෙම වුණු අවස්ථා තිබුණා. පසුගිය කාලයේ දී ක්‍රීඩා පුහුණුවට වඩා මේක දුන්නේ රියැලිටි සංදර්ශන, සංගීත සංදර්ශන, විනෝද සැණකෙළි වගේ ඒවාටයි. මෙහෙම පෞද්ගලික අංශයට දුන්නොත්, ඉදිරියේ දී මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. අනෙක් එක තමයි. ක්‍රීඩා පුහුණු වෙන්න දුන්නත්, ඒ සඳහා විශාල මුදලක් අය කරන්නත් ඉඩ තිබෙනවා. මේ නිසා එහෙම වුණොත් නම්, මේ රටේ සියලුම ක්‍රීඩා ආපස්සට යන එක නවත්තන්න බැරි වෙයි කියලා තමයි. මට නම් හිතෙන්නේ.

ඔබ කියන්නේ, මේ අයවැයෙනුත් ක්‍රීඩා ක්ෂේත්‍රයට ලොකු දෙයක් සිද්ධ වෙලා නැහැ කියලද?

සමස්තයක් වශයෙන් බැලුවොත්, මේකෙනුත් වැඩි වාසියක් ලැබිලා තියෙන්නේ සුපිරි පන්තියට තමයි. හැබැයි, අවම වශයෙන් ක්‍රීඩාවට වෙන් කරන මුදල් නිසි පරිදි නිසි තැන්වලට ලැඛෙනවා නම්. මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ නිසා පේන්න මුදල් දුන්නට වැඩක් නැහැ, ඒවායින් හරියට වැඩ කෙරෙනවා ද කියලා පසුවිපරමක් කරන්නත් ඕනෑ.


සමන් රණවක ආරච්චි