‘ලංකා’ හෙළි කිරීම්වලින් දයාසිරි වැඩ ගනී

elephant
එජාප මන්ත්‍රී රැස්වීම් කාටත් එපා වෙයි
January 2, 2018
djhzrth
ළඟම පාසලෙන් ලොකු ගැහිල්ලක් !
January 2, 2018
Show all

‘ලංකා’ හෙළි කිරීම්වලින් දයාසිරි වැඩ ගනී

gthdf

ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණයකට කරුණු බලපා ඇති බව ‘ලංකා’ කීප වරක්ම කරන ලද හෙළි කිරීම්වලින් වැඩ ගැනීමට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සූදානම් බව පෙනෙන්නට තිබේ.
එක් දින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් නව දෙනෙකු ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා යාමට ගුවන් තොටුපළ කරා ගොස් සිටිය දී ආපසු කැඳවීය. මේ සිදුවීමෙන් පසුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා ඇමතිවරයා කරුණු කීපයක් හෙළි කර තිබිණ.
අවශ්‍ය වුවහොත්, ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට පවා තමා පසුබට නොවන බවත්, ලෝකයේ කිසිම රටක නැති සේ පාලක මණ්ඩලයක් පත් කිරීමේ නිලවරණය සඳහා ක්‍රීඩා සංගම් සිය ගණනක් තිබීම කප්පාදු කිරීමටද ක්‍රියාත්මක බව එහි දී ප්‍රකාශ කළේය. අති විශාල ක්‍රීඩා සංගම් සංඛ්‍යාව පිළිබඳව සහ එහි සිටම ක්‍රිකට් අර්බුදය පවතින බවත් ‘ලංකා’ හෙළි කර තිබේ.


ගයාන් රූපසිංහ