අවසන් මොහොතේ බේරීමට මහින්දගෙන් ගැටයක්

කෘෂිකර්මාන්තය
අගමැතිගේ ආර්ථීක බොරු එළියට
January 8, 2018
පොලිස් සුනඛයා
පොලිස් බල්ලන් ලිහා දමයි
January 8, 2018
Show all

අවසන් මොහොතේ බේරීමට මහින්දගෙන් ගැටයක්

gzsdfff

ඒකාධිපතියකු බවට තමන් වෙත එල්ල කර තිබෙන චෝදනාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව තහවුරු කෙරෙන ආකාරයට ක්‍රියා කිරීමේ නිදහස ලබා දී ඇති බවත් ඔවුනට නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවත් දක්වමින්, ශ්‍රීලනිපය බෙදීමේ වගකීමෙන් අත්මිඳීමට මහින්ද ක්‍රියා කර ඇති බව හෙළි වේ.
මෛතී්‍ර – මහින්ද දෙපිල වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වීම ස්ථීර බවත්, තමන්ගේ කණ්ඩායම තුළ නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව එම තීරණය ගැනීමට අවස්ථාව සලසා දුන් බවත්, 06 වැනිදා සවස පැවති සාකච්ඡා අවසානයේ එම කණ්ඩායම හමුවේ මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වන ආකාරයට මහින්දගේ මෙම ප්‍රකාශයත් සමඟ එම පිලේ ඉදිරි ක්‍රියාකාරිකයන් බලවත් සේ කලබලයට පත් වී ඇත. වෙනම තරග කිරීමට තීරණය ගන්නා ලද්දේ කණ්ඩායමේ සාමුහික තීරණයක් අනුව නිසා මැතිවරණයෙන් ලැඛෙන කවර හෝ ප්‍රතිඵලයක් සියලු දෙනා සාමුහිකව භාර ගත යුතු බව දැන්වීම නිසා ඔවුන් කලබල වී ඇත. මැතිවරණයේ යම් පරාජයක් වන්නේ නම්, එම වගකීමෙන් අත්මිඳීමට මහින්ද කල් තියාම මේ ලෙස ඉඩ හදාගෙන ඇති බව තේරුම් ගැනීමෙන් කලබලයට පත් වූ බව අනාවරණය වේ.
මේ අතර තවත් ආරංචිමාර්ගයකින් හෙළි වන්නේ අවසන් මොහොතේ මෛත්‍රී පිල සමඟ එක් වී අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ද ඉඩ විවෘතව තිඛෙන බවය.


ප්‍රියදර්ශන දයාරත්න