ඇමති පුතෙකුට ලැම්බොගිනියක්

පොලිස් සුනඛයා
පොලිස් බල්ලන් ලිහා දමයි
January 8, 2018
හිල්ටන් හෝටලය
රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය
January 8, 2018
Show all

ඇමති පුතෙකුට ලැම්බොගිනියක්

ලැම්බොගිනියක්

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු විසින් ගෙන්වන ලදැයි කියන ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයක් කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩ බා ඇතැයි වාර්තා වේ. මෙරටට වාහන ගෙන්වනු ලබන ප්‍රධාන පෙළේ ආයතනයක හිමිකරුගේ බිරිඳගේ නමට මෙය ගෙන්වා ඇති බව සඳහන්ය. තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප්‍රශ්නයක දී ඇය සඳහන් කර ඇත්තේ, තම නමට මෙය ගෙන්වුවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුට බවයි.
මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටිමීටර 5,000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කළ හැකි බවද වාර්තා වෙයි. එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්ෂ 580ක් වන බවත්, වාහනයේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 1,190ක් වන බවත් තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.


චතුර දිසානායක