තැලසීමියා ඖෂධත් ගසා කන මිනී කාක්කෝ

jonny-2ym8dpkrk
සාටකයෙන් මුහුණු වසා ගුරු ගෙදරට විද්ද හැටි
January 8, 2018
maha wessaka
තද වැස්සට, මහ සුළඟට ගසාගෙන යන ආපදා කළමනාකරණය
January 8, 2018
Show all

තැලසීමියා ඖෂධත් ගසා කන මිනී කාක්කෝ

තැලසීමියා ඖෂධ

ජාන මගින් පැතිරෙන තැලසීමියා රෝගය සුව කළ නොහැකි බවට අතීතයේ සිටම ප්‍රචලිතව පැවතුණි. එම නිසාම වැලඳීමට ප්‍රථම වළක්වාගත යුතු රෝගයක් බවට තැලසීමියාව නම් කෙරිණි. නමුත් ස්ටේම් ෙසෙල භාවිතයෙන් තැලසීමියාව සුවකළ හැකි බව විශේෂඥ වෛද්‍ය කාලිංග නානායක්කාර මහතා පැවසුවේ මීට වසරකට පමණ පෙරය. නමුත් මේ වන විට තැලසීමියා රෝගීන් නිට්ටාවටම සුවකිරීම කෙසේවෙතත් ජීවත් කරගැනීමටවත් අපහසු තත්ත්වයකට පත්ව තිබේ. එයට හේතුව නම් රෝගීන්ට ලබාදෙන ඖෂධ හිගකමයි. එමෙන්ම වරින් වර විවිධ ඛෙහෙත් වර්ග වෙනස්කිරීම නිසා මෙම රෝගීන්ට වැලෙඳන සංකූලතාවන්ට මෙන්ම අතුරුඵල වෙත මුහුණදීමට ඔවුන්ට සිදුව තිබේ.
තැලසීමියාව යනු අපගේ රුධිරයට වැලදෙන රෝගයකි. එමෙන්ම එය ජානමය වශයෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එමගින් ශරීරයේ ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය වන රතු රුධිරණු නිෂ්පාදනය නිවැරදිව සිදු නොවන අතර, ඒ සමග ඇතිවන වෙනත් රෝග තත්ත්ව ගණනාවකටද හේතුවිය හැකිය.
ඇල්ෆා තැලසීමියාව හා බීටා තැලසීමියාව ලෙස මෙම තත්ත්ව දෙක හඳුන්වනු ලබයි. මෙයින් මෙරට බහුලව හමුවන්නේ බීටා තැලසීමියා තත්ත්වයයි. ලංකාවේ තැලසීමියා රෝගීන් 3000 ක් පමණ සහ තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 05 ක් පමණ සිටින අතර, දින හතරකට වරක් එක් වාහකයෙක් ලංකාවෙන් බිහිවේ.
මෙම රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර අනිවාර්ය වන අතර ඔවුන්ගේ ජීවිත පැවැත්ම මුළුමණින්ම ඖෂධ මත රඳා පවතියි. එහෙත් අද වන විට එය ද ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයට හසු වී අවසන්ය. ඒ අනුව මෙතෙක් තැලසීමියා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධ වර්ගය වෙනුවට තත්ත්වයෙන් බාල ඖෂධයක් වැඩි මිලට මිල දී ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන්නේ රෝගීන්ගේ ජීවිත බලාපොරොත්තුවට ද ලංසු තබමිනි.
DHS/B/C/WW/3/17 දරන ටෙන්ඩර් කැඳවීම සිදු කරන්නේ තැලසීමියා රෝගීන් සඳහා Deferasirox නැමැති ඖෂධයෙන් පෙති 125000ක් ගෙන්වීම සඳහාය. ඊට සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එක් සමාගමක් වූයේ බවර් සහ සමාගමයි. ඔවුන් විසින් ගෙන්වන්නේ යයි ඉදිරිපත් කර තිබුණේ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනයකි. පෙති තිහක කාඩ් පතක් ඩොලර් විසි හතරකට ලබා දිය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබුණි. මෙම ටෙන්ඩර් කැඳවීමට අනුව මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අනෙක් සමාගම වූයේ වේදාන් නම් සමාගමකි.
ඔවුන් විසින් ගෙන්වනු ලබන්නේ ඉන්දියානු නිෂ්පාදනයක් වන අතර ඉන්දියාවේ Centuria Labs සමාගම එහි නිෂ්පාදකයා වෙයි. එසේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන ඖෂධයේ පෙති තිහක කාඩ් පතක් ඔවුන් විසින් ඩොලර් විසි හතකට ලබා දිය හැකි බව ටෙන්ඩරයේ සඳහන් කර තිබුණි.
මේ අනුව බැලු බැල්මටම අදාළ ටෙන්ඩරය ලබා දිය යුතු වන්නේ ඩොලර් විසි හතරක මිලක් ඉදිරිපත් කළ සමාගමට වුවද ලංකාවේ අනෙක් සියල්ලක්ම සිදු වන පරිද්දෙන් ටෙන්ඩරය ලබා දී ඇත්තේ වැඩි මිලක් ඉදිරිපත් කළ වේදාන් සමාගම වෙතය. මෙහි ඇති පුදුම උපදවන කරුණ වන්නේ මිල ගණන් වල හෝ ඖෂධයේ ගුණාත්මක භාවය සම්බන්ධ කරුණක් මත නොවන වෙනත් හේතුවක් නිසා අඩු මිලක් ඉදිරිපත් කළ සමාගම වෙත අදාළ ටෙන්ඩරය ලබා නොදීමයි. සමාගම් මැදුරෙන් ලබා ගත යුතු ඡමඉකසජ ක‍දබඒජඑ සහතිකය ලබා නොතිබීම එම හේතුවයි. එය ලබා ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව දැක්වෙන ලිපි ලේඛන එම සමාගම විසින් ටෙන්ඩර් අයදුම්පත්‍රය සමග ලබා දී තිබුණ ද එය සැලකිල්ලට ගැනීමකින් තොරවම ටෙන්ඩරය අනෙක් සමාගමට ලබා දී තිබේ.
සිදු වීමේ අල ගිය මුල ගිය තැන් එළියට එන්නේ මෙවැන්නක් සිදු කළේ ඇයිද යන්න සොයා බැලීමේදීය. ඉන්දියානු ඖෂධය ගෙන්වන සමාගමේ හිමිකාරීත්වය සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ සෘජු සම්බන්ධයක් තිබේ. එසේම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නද මෙම සමාගම සමග කිට්ටුවෙන් වැඩ කරයි. ටෙන්ඩරය ඔවුන්ට ලබා දීමට මීටත් වඩා හේතු අවශ්‍ය නොවේ.
එහෙත් මේ නිසා වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අහිංසක තැලසීමියා රෝගීන්ටය. මේ ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධය තත්ත්වයෙන් බාල ඖෂධයකි. තැලසීමියා රෝගය වැළඳුන දරුවන්ට එය ප්‍රතිචාර නොදක්වන අවස්ථා ඇති බවද දැන් හෙළි වී තිබේ. එසෙම මෙම ඖෂධයෙන් ඇති වන අතුරු ආබාධද රැසකි. මේ සම්බන්ධයෙන් තැලසීමියා සංගමයේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කිහිප වරක්ම ලිඛිතව දැනුම් දී තිබුණද ඒවා බීරි අලින්ට වීණා ගායනා කිරීමක් වන්නේ ඇමතිවරයා ද අත යට ගනුදෙනුවේ කොටසකට වගකියා ඇති නිසාය.
කෙසේ වෙතත් 2017 ජනවාරි වන විට මේ බාල ඖෂධයෙන් පෙති 350,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ. මාර්තු වන විට තවත් පෙති ලක්ෂ තුනක් ද ජුනි වන විට තවත් ලක්ෂ තුනක් ද සැප්තැම්බර් වන විට ඉතිරි ලක්ෂ තුනද වශයෙන් මේ වන විට මේ බාල ඖෂධයෙන් පෙති 1,250,000ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර ගෙන අවසන්ය.
දැන් තැලසීමියා රෝගීන් කැමති වුවත් අකමැති වුවත් මේ ඖෂධය භාවිතා කළ යුතු වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශව වී ඇත්තේ එයයි. බාල ඖෂධ නිසා රෝගීන්ට සිදු වන අතුරු ආබාධ හෝ රෝගීන්ගේ ජීවිත අවදානම මේ සඳහා වගකිව යුත්තන්ට ගැටළුවක් වී නැත. සියල්ලට වඩා වැදගත් වී ඇත්තේ මුදල්ය. ඒ නිසා මේවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ මැදිහත්වීමක් බලාපොරොත්තු වීම විහිළුවක් පමණි. ඒ වෙනුවට ඇමති රාජිත විසින් ඛෙල්ල හරවා, ඇස් ගසා තම නරුම කම පෙන්වමින් කුමක් හෝ පිළිතුරක් මේ වෙනුවෙන් ලබා දෙනු ඇත.


සුධීර ඉද්දමල්ගොඩ