දැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250ක් අතුරුදහන්

elephant
විදේශ රැකියා එජාපයට පමණි
January 8, 2018
රනිල් - වීරවංස
රනිල් – වීරවංස හොරයෙන් පක්ෂය පුපුරා යයි
January 8, 2018
Show all

දැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250ක් අතුරුදහන්

දැයට කිරුළෙන්

පසුගිය පාලන සමයේ දී අම්පාරේ පැවති ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා වෙන් කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 250ක මුදලක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.
අම්පාර බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා දැයට කිරුළ වියදම් ඇස්තමේන්තුවේ මෙම මුදල වෙන් කර ඇතත්, එවැනි ඉදි කිරීමක් එම අවස්ථාවේ සිදු කර නොමැති අතර, එසේ වෙන් කළ මුදල් ලබා ගත් කෙනෙකු හෝ වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් සොයා ගත නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ දැනුම්වත්ව සිටිය ද, ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විමතියට කරුණක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.


චතුර දිසානායක