පොලිස් බල්ලන් ලිහා දමයි

gzsdfff
අවසන් මොහොතේ බේරීමට මහින්දගෙන් ගැටයක්
January 8, 2018
ලැම්බොගිනියක්
ඇමති පුතෙකුට ලැම්බොගිනියක්
January 8, 2018
Show all

පොලිස් බල්ලන් ලිහා දමයි

පොලිස් සුනඛයා

කොළඹ හා වෙනත් නගරවල පවත්වනු ලබන උද්ඝෝෂණ විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිස් සුනඛයන් දම්වැලෙන් නිදහස් කර එම විරෝධතා තුළට මුදා හැරීමට පොලිසිය සූදානම් වන බව වාර්තා වේ. මෙය මහජනතාවට හිරිහැර වන ලෙස මෙන්ම අනවසරයෙන් පවත්වන උද්ඝෝෂණ සඳහා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ. මේ ආකාරයේ කටයුත්තක් සිදු කරනුයේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වතාවටයි.
විරෝධතාවක් තුළට මෙසේ නිදහස් කර යවන පොලිස් සුනඛයා පුහුණු කර ඇත්තේ විරෝධතාකරුවන් ඉදිරියට ගොස් බියවැද්දීමට සහ එහි දී කිසිවෙකු විසින් මෙම සුනඛයාට පහර දීමට හෝ හිරිහැර කිරීමට උත්සාහ කළහොත්, එම පුද්ගලයාගේ ඇඳුමෙන් අල්ලා ගැනීමට ද සුනඛයන් පුහුණු කර තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. එහෙත්, බල්ලන් විසින් මිනිසුන් සපාකෑම සිදු කළහොත්, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සඳහනක් නොමැත.
කෙසේ වෙතත්, දැනටමත් පොලිස් සුනඛයන් 160 දෙනකු පමණ මෙම විශේෂ කාර්යය සඳහා පුහුණු කර ඇති අතර, එම පුහුණුව වෙනුවෙන් සුනඛයාට විශේෂ බලපත්‍රයක්ද නිකුත් කර ඇත.


චතුර දිසානායක