රනිල් මහින්දට කොකා පෙන්නයි!

නිමල් සිරිපාල
සිරිපාලගේ උපදේශනයට කෝටි 189යි
January 8, 2018
jonny-2ym8dpkrk
සාටකයෙන් මුහුණු වසා ගුරු ගෙදරට විද්ද හැටි
January 8, 2018
Show all

රනිල් මහින්දට කොකා පෙන්නයි!

බෙawfeg

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහගේ සෘජු මැදිහත් වීමෙන් ‘සසුනෝදය’ යනුවෙන් නම්කළ ව්‍යාපෘතියක් රටපුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන සඳහා ක්‍රියාත්මක කරමින් සිටී. මෙය ඡන්දය ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් වන අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ නියෝග කඩ කරමින් මැතිවරණ නීතිවලින් රිංගා යමින් ක්‍රියාත්මක කරන්නක් වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කළ සිල් රෙදි ඛෙදාදීමේ ඡන්ද අල්ලස් දීම වැනි වූ මෙයට යොදා ගනිමින් තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව පවතින මුදල්ය. එම අරමුදල් පනතේ සඳහන් අරමුණුවලට පටහැනි නොවන පරිදි මැතිවරණයට පෙර මූලික වශයෙන් ක්‍රියාවට නැගු ව්‍යාපෘතියක් බව පෙන්විය හැකි සේ මෙය ක්‍රියාත්මක කරමින් සිටීම විශේෂත්වයකි. රට තුළ සහ විදේශයන්හි ද ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ආගමික ස්ථාන සංරක්ෂණය කිරීම යන අරමුණුවලට මුවා වී රුපියල් ලක්ෂ 5 බැගින් විහාරස්ථානවලට මැතිවරණ සමයේ බෙදා දෙමින් සිටියි. මේ වන විටද පන්සල් 1,800කට රුපියල් ලක්ෂ පහ බැගින් චෙක්පත් ලබා දී ඇති අතර, විශාල වශයෙන් මුදල් ගැවසෙන පන්සල්වලට ද ඛෙදා දී තිබීම විශේෂත්වයක්ය. මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට රුපියල් මිලියන 3,000කට වැඩි මුදලක් එකතු වී තිඛෙන අතර, පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එම මුදල් විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් වුවත්, එල්ල කෙරුණු විරෝධය හමුවේ ආණ්ඩුවට එය කර ගත නොහැකි විය. නමුත්, වර්තමාන හවුල් පාලනය යටතේ එම මුදල් නීති විරෝධී නොවන ලෙස විවිධ උපක්‍රම හරහා එ.ජා.ප. ඡන්ද අල්ලස් වශයෙන් බෙදා දීමට යොදවමින් සිටියි.
මෙම අරමුදලේ සභාපති වශයෙන් පනතේ ප්‍රතිපාදන අනුව අගමැතිවරයා පත් වේ. එසේම මුදල්, සංස්කෘතික කටයුතු, සංචාරක, හින්දු ආගමික කටයුතු ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙක්ද, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රජයේ නිලධාරීහුද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට නිල බලයෙන් පත් වෙති. මේ අවසරයෙන් ප්‍රයෝජනය ගෙන නීතියෙන් රිංගා ගොස් අරමුදල් අවභාවිත කරමින්, ඡන්දය වෙනුවෙන් ඛෙදාහරිමින් සිටියි.


ප්‍රියදර්ශන දයාරත්න