රනිල් – වීරවංස හොරයෙන් පක්ෂය පුපුරා යයි

දැයට කිරුළෙන්
දැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250ක් අතුරුදහන්
January 8, 2018
නිමල් සිරිපාල
සිරිපාලගේ උපදේශනයට කෝටි 189යි
January 8, 2018
Show all

රනිල් – වීරවංස හොරයෙන් පක්ෂය පුපුරා යයි

රනිල් - වීරවංස

අගමැතිවරයා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංස අතර තිබූ රහස් එකඟතා අනෙකුත් නායකයන්ට හෙළි වීම නිසා එතෙක් තිබූ අභ්‍යන්තර අර්බුද පිටතට පැමිණ එම පක්ෂය පුපුරා ගිය බවට තොරතුරු අනාවරණය වේ.
පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක ඉවත් කිරීම, පක‍ෂයේ ලේකම් ප්‍රියංජිත්ගේ ඉල්ලා අස් වීම සහ කැළුම් ජයසුමන ඇතුළු දිස්ත්‍රික් සංවිධායකයන් ගණනාවක් ඉවත් කිරීම සිදු කෙරුණු අතර, 05 වැනිදා නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මාධ්‍ය හමුවක් පවත්වමින්, රට හමුවේ විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි කළේය. දැඩි ප්‍රහාරාත්මක ස්වරූපයක් ගත් එහිදී ‘කොන්ද පණ නැති නායකයන්’ ආදී වශයෙන් වීරවංසට ප්‍රහාර එල්ල කරනු ලැබීය.
එම මාධ්‍ය හමුවේ දී වීරකුමාර දිසානායක ග්‍රැෆික් නිර්මාණ පෙන්වමින්, රනිල් වික්‍රමසිංහ අගමැති සහ වීරවංස අතර සම්බන්ධය රටට හෙළි කරන ලද බව කියවේ. වීරවංස සහ එම පවුලේ සාමාජිකයන් ගණනාවකට විරුද්ධව පවතින අධිකරණමය ක්‍රියාමාර්ගවලින් බේරී සිටීමට අගමැතිවරයාගේ අනුග්‍රහය ලබා ගැනීම වෙනුවෙන් 2020 රනිල් ජනාධිපති කරවීමේ සැලසුමක ප්‍රබල කොටස්කරුවකු සේ වීරවංස ක්‍රියා කරන බව සාක්ෂි සහිතව හෙළි වී ඇති බව කියවේ.
රනිල් – වීරවංස සමීප සම්බන්ධතාවයට රාජපක්ෂවරුන්ද දැඩි සේ විරෝධය දක්වා ඇති බව වෙනත් මාර්ගවලින් කියවේ. වීරවංස සිරගෙදර සිට උපවාසයක් ඇරැඹීම මුල් කරගෙන ජාතික නිදහස් පෙරමුණ තුළ බෙදීම ඇති වූ අතර, එම වකවානුවේ වීරවංසගේ බිරිඳ පක්ෂය තමන් යටතේ තබා ගැනීමට ක්‍රියා කළ බවට චෝදනාද එල්ල වී තිබිණි. කෙසේ වෙතත්, මේ දක්වා පක්ෂය නොබිඳී ගෙන ආවද, රනිල් සමඟ වූ රහස් එකඟතා හෙළි වීමෙන් එය බිඳවැටීම ඇරඹිණ.


ලංකා මාරසිංහ