වජිර හිතවතුන්ට කඩ හදයි

deshapriya
මැකෝගෙන් අකිලට ටොක්කක්
January 2, 2018
භූමිතෙහ ඩීසල්
තෙල් මිල අඩු කිරීමෙන් බිලියන 69ක් පාඩුයි
January 8, 2018
Show all

වජිර හිතවතුන්ට කඩ හදයි

කරාපිටිය බස් නැවතුම්පොළ භූමියේ වෙළෙඳ සංකීර්ණයක්

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ වන විට කරාපිටිය බස් නැවතුම්පොළ භූමියේ වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අමාත්‍යවරයා මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ බස් නැවතුම්පොළ භූමියේ වීම බරපතළ තත්ත්වයකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කරාපිටිය දක්වා බස් රථ ධාවනය වේ. ඒ කරාපිටිය ප්‍රධාන රෝහල නිසාවෙනි. ඉදිරියේ දී මහ මෝදර රෝහලද කරාපිටිය ප්‍රදේශයට ගෙන ඒමට නියමිත අතර මේ තත්ත්වය මත බස් නැවතුම්පොළක අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් තිබූ බස් නැවතුම්පොළ වෙනුවට වෙනත් බස් නැවතුම්පොළක් ඉදි නොකොට හිතුමතේ වෙළෙඳ සංකීර්ණයක් සඳහා මුල් ගල් තබා වැඩ කටයුතු ආරම්භ කර ඇත. සිය දේශපාලන හිතවතුන්ට කරාපිටියෙන් කඩ ලබා දෙන බවට වූ පොරොන්දුවක් මත බස් නැවතුම්පොළ වෙනුවට වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීමට කටයුතු කරන බවට ද චෝදනා එල්ල වේ. මේ වන විට මඟ දෙපස බස් ගාල් කිරීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද, විශේෂයෙන්ම අනතුරු වැඩි වීමක්ද සිදු වී ඇතැයි තවදුරටත් වාර්තා වේ.


එස්. කේ. ගමගේ