සිරිපාලගේ උපදේශනයට කෝටි 189යි

රනිල් - වීරවංස
රනිල් – වීරවංස හොරයෙන් පක්ෂය පුපුරා යයි
January 8, 2018
බෙawfeg
රනිල් මහින්දට කොකා පෙන්නයි!
January 8, 2018
Show all

සිරිපාලගේ උපදේශනයට කෝටි 189යි

නිමල් සිරිපාල

කොළඹ හා තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියට අදාළ ඉදි කිරීම් සඳහා වන ශක්‍යතා අධ්‍යයන හා උපදේශන සේවා කොන්ත්‍රාත්තුව DOHWA Engineering Company Limited  වෙත පිරිනැමීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පවුම් 256,030, ඇමෙරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය වී ඇත.
ඒ අනුව උපදේශන සේවා සඳහා පමණක් ඉහත සඳහන් මුදල් ඒකකවල එකතුව ශ්‍රී ලංකා රුපියල් එකසිය අසූ අට කෝටි අනූ දෙලක්ෂ හැත්තෑ හතරදහස් නවසිය විසිහය (රු. 188,92,74,926) ක මුදලක් අදාළ සමාගමට ගෙවීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.


කිත්සිරි කොඩිතුවක්කු