සීතල මැද අකුරු කරන දරුවෝ

හිල්ටන් හෝටලය
රජයේ හෝටල් විකුණන්න කැබිනට් අනුමැතිය
January 8, 2018
ශ්‍රීfgtjs
කිරිඇල්ලගේ ගෝලයන්ට විශ්වවිද්‍යාල වරම්
January 8, 2018
Show all

සීතල මැද අකුරු කරන දරුවෝ

3n9k8dyuy2jx

ශීත සෘතුවේ සයිබීරියාවේ කුඩා නගරයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 50 (ෆැරන්හයිට් සෘණ 58) දක්වා පහත වැටී තිබුණත් නගරයේ දරුවන් තවමත් පාසල් යන බව වාර්තා වේ.
රුසියාවේ ඊශාන දිග සයිබීරියානු සඛා ජනරජයේ (Sakha Republic) පිහිටි ඔයිමිකොන් (Oymyakon) නගරයේ හිම මිදී තිබුණත් ප්‍රදේශවාසී දරුවන් ඒ ගැන එතරම් තැකීමක් නොකරන බව News.Ykt.Ru ප්‍රාදේශීය වෙබ් අඩවිය වාර්තා කරයි. එබැවින් උණුසුම් ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඔවුහු තවමත් පාසල් යති.
ඔයිමිකොන් නගරයේ උෂ්ණත්වය සෘණ 52 දක්වා පහළ වැටුනහොත් පමණක් පළමු වසරේ සිට පස් වෙනි වසර දක්වා පාසල වසා දැමීම ප්‍රාදේශීය බලධාරීන්ගේ ප්‍රතිපත්තියය. ‘අද උදේ තිබුණ උෂ්ණත්වය සෘණ අංශක 50ක්. සේරම දරුවෝ පාසල් ආවා’ ඔයිමිකොන් පරිපාලනයේ නිලධාරියෙක් එම වෙබ් අඩවියට පවසා තිබුණි. මේ අතර ඔයිමිකොන් නගරයට කිලෝමීටර 30ක් දකුණෙන් පිහිටි යකුත්ස්ක් (Yakutsk) නගරයේ පවතින්නේ එයට වඩා මඳක් වෙනස් ප්‍රතිපත්තියකි. එහි උෂ්ණත්වය සෘණ අංශක 45ට වඩා පහළ ගිය හොත් පාසල් වසා දමන බව නගරයේ බලධාරීහු පවසති. ඒ අනුව උෂ්ණත්වය සෘණ අංශක 50ක් වූයේ නම් එදින යකුත්ස්ක් නගරයට පාසල් නිවාඩු දිනයකි. ශීතල ධ්‍රැවය (Pole of Cold) ලෙසින් ද හැඳින්වෙන ඔයිමිකොන් නගරය, ලෝකයේ මිනිස් වාසයක් සහිත සීතලම ස්ථානයක් ලෙසින් සැලකේ. එහි මෙතෙක් වාර්තා වී තිඛෙන පහළම උෂ්ණත්වය සෘණ අංශක 65කි. (ෆැරන්හයිට් සෘණ 85) ඒ 1973 දීය.


අහිංසා සුගන්දි