අයහපත් කාලගුණයෙන් විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන්න සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවෙන් අමුතු බද්දක්
January 9, 2018
මධ්‍යම අධිවේගය
මධ්‍යම අධිවේගයට ඉඩම් පවරා ගැනීමේ දී ගැටලූ රැසක්
January 9, 2018
Show all

අයහපත් කාලගුණයෙන් විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන්න සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

අයහපත් කාලගුණයෙ

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ ධීවර ජනතාව සඳහා කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් රජයට බල කර සිටී.
පසුගිය දා ගාල්ල ප්‍රදේශයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවට එක් වෙමින්, එම සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම හදිසි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ධීවරයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතු බවත්ය. එසේම අතුරුදහන් වූ ධීවරයන් සෙවීමේ කටයුතු තව දුරටත් පුළුල් කළ යුතු බවත් පැවසූ ඒ මහතා, මෙම කාලගුණ වෙනස් වීම සම්බන්ධයෙන් නිසිපරිදි ධීවර ජනතාව දැනුම්වත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ නම්, මෙම විනාශය අවම කර ගැනීමට ඉඩ තිබූ බවද ප්‍රකාශ කර සිටියේය.


සඳනුවන් කීර්ති