තවමත් වන්දි ලැබිලා නෑ… (ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී කුඩා තේ වතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත්)

සිල් රෙද්ද රනිල්ටත්
මහින්දගේ සිල් රෙද්ද රනිල්ටත්
January 9, 2018
ලූdfjz
දේශපාලන සුළි කුණාටුව
January 9, 2018
Show all

තවමත් වන්දි ලැබිලා නෑ… (ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී කුඩා තේ වතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත්)

258b860

ගංවතුර තත්ත්වය වළක්වා ගැනීම අරමුණු කර ගනිමින්, විවිධ යෝජනා ක්‍රම රජය මඟින් ක්‍රියාත්මක කළත්, පසුගිය දින කීපය තුළ දී ඇති වුණු වර්ෂාවෙන් ප්‍රදේශ කීපයක ජනතාව අවතැන් වුණා. ඔබේ ප්‍රදේශයට ඇති වු බලපෑම මොන වගේද?

මෙවර වර්ෂාවෙන් දැඩි බලපෑමක් සිද්ධ වුණෙ නැතත්, මෙයට දශක කීපයකට පෙර නොවුණ ආකාරයෙන් කුඩා වර්ෂාවකටත් ප්‍රදේශය ජලයෙන් යට වන තත්ත්වයක් දකින්න තියෙනවා. ඒකට බොහෝ විට අක්‍රමවත් ඉදි කිරීම් දායක වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී නොසලකා හැරපු යම් යම් පාරිසරික සාධකත් බලපෑම් ඇති කරලා තියෙනවා.
මෙවර තත්ත්වය බරපතළ නොවුණත්, මෙයට මාස හතකට පමණ පෙර ඇති වූ ගංවතුරෙන් හානි වුණු ජනයාට ලබා දෙන බව කියූ වන්දි මුදල් තවමත් නොලැබුණ විශාල පිරිසක් සිටිනවා. මොකද? ඒක විධිමත්ව සිදු නොකෙරුණා වාගේම වන්දි ලැබූ පිරිසත් දේශපාලනඥයන්ගේ වුවමනාව මත තෝරා ගත් පිරිසක් බව තමයි, දකින්න ලැබෙන්නේ. ආණ්ඩුව දෙනවා කියූ අවම වන්දි මුදල වන රුපියල් දහදාහවත් නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය තවමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ග්‍රාමසේවක කාර්යාල හා පොලිසි ගාණේ රස්තියාදු වෙමින් ඉන්නවා.

තේ කර්මාන්තය සම්බන්ධයෙන් ඔබේ ප්‍රදේශය විශාල දායකකත්වයක් දරනවා. ඒ සම්බන්ධයෙන් ඇති ගැටලු විදියට හඳුනාගෙන තිඛෙන්නේ මොනාවාද?

එතන දීත් පසුගිය කාලයේ වර්ෂාවෙන් විශාල වශයෙන් කුඩා තේවතුවලට හානි සිදු වුණා. අවම වශයෙන් එම වගාවන් යථාවත් කර ගන්න හෝ ක්‍රමවත් මැදිහත් වීමක් ආණ්ඩුව පැත්තෙන් සිදු වුණේ නැහැ.

පසුගිය කාලයේ කුඩා තේ වතු හිමියන්ට තම කර්මාන්තය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වෙන්න සිදු වුණා. දැන් තත්ත්වය මොන වගේද?

ඇත්තෙන්ම කර්මාන්තයක් විදියට මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නන් මුහුණ දෙන ගැටලු එහෙමමයි. අද වෙන කොට අමු දලු කිලෝවක මිල රුපියල් සියයක වැනි මිලක තිබුණත්, ඒක තාවකාලික තත්ත්වයක් විතරයි. ඒකත් ආණ්ඩුවේ මැදිහත් වීමක් මත සිදු වුණු දෙයක් නොවෙයි. ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් එක්ක නිර්මාණය වුණු දෙයක් විතරයි.
ආණ්ඩුව විසින් නිෂ්පාදන දිරිගන්වන්න ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසාම තේ අස්වැන්න තවමත් තියෙන්නේ පහළ මට්ටමක. පොහොර සහනාධාරය ක්‍රමවත්ව නොලැබීම නිසා නිසි කලට පොහොර යෙදීම නොහැකි වීම කියන කාරණයත් තියෙනවා. ඒ නිසාම තේ ගොවියා වගාව අත්හැර දමන තත්ත්වයට පත් වන අවස්ථා පවා නිර්මාණය වෙමින් තියෙනවා.

වත්මන් ආණ්ඩුව කුඩා තේ වතු කර්මාන්තය නඟාසිටුවන්න කටයුතු කරන බව නිරන්තරව ප්‍රකාශ කරනවා නේද?

ඒ විතරක් නෙමෙයි. මේ ආණඩුව බලයට ආවේ සෑම ක්ෂේත්‍රයක් නඟාසිටුවන්න පම්පෝරි කතා කියාගෙන. නමුත්, අද රට ගමන් කරමින් තියෙන්නේ කොහාට ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රාජපක්ෂ කියපු, කරපු දේවල්ම මේ අයත් ඉදිරියට කරගෙන යනවා. කුඩා තේ වතු විතරක් නෙමෙයි, වී ගොවිතැන පවා කඩාවැටෙන තත්ත්වයට පත් කරලා රටින් හාල් ගේනවා. මහින්දත් ඒ ටිකම කළා. තේ ගොවියාට අමු දලුවලට සහතික මිලක් දෙනවා කිව්වා. ඇමතිවරු ගොවියො එක්ක ඉඳලා පොටෝ ගහගෙන ගියා. ජනාධිපතිවරයා කැකිරාවේ ගිහින් හාලා ඇවිත්. රටින් හාල් ගේන්න කටයුතු කරනවා. ආණ්ඩුව ප්‍රදර්ශනාත්මක පම්පෝරි වැඩ කරමින් ඉන්නවා විතරයි.

මේ වන විට ආණ්ඩුව විසින් නොයෙකුත් හේතු මත කල් අරිමින් සිටි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තියෙනවා. ඔබේ පක්ෂයේ සූදානම කෙබඳුද?

ජනතාවගේ මේ අයිතිවාසිකම දිනා දීම සඳහා අපි මුල ඉඳලාම මැදිහත් වෙමින් කටයුතු කළා. ආණ්ඩුව දිගින් දිගටම නොයෙක් කුමන්ත්‍රණ කරමින්, මැතිවරණය කල් දැමීමට කටයුතු කළේ, ඔවුන්මැතිවරණයට බිය නිසා.
නමුත්, කාලයකට පස්සේ ජනතාවට යම් තරමකින් හෝ ගැලපෙන නව ඡන්ද ක්‍රමයක් සමඟ එන මෙම මැතිවරණය සඳහා ජනතාව සූදානම් කරමින්, අපි මුල සිටම කටයුතු කළා. ගම් මට්ටමින් ජන හමු පවත්වමින්, ජනතාව ඒකරාශී කළා. නිවැරදි නායකයත්වයක් ගමට පත් කර ගන්න ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා රටේ ජනතාව මෙම මැතිවරණයේ දී අවබෝධයෙන් කටයුතු කරයි කියලා.


සංවාද සටහන
කිත්සිරි කොඩිතුවක්කු