මධ්‍යම අධිවේගයට ඉඩම් පවරා ගැනීමේ දී ගැටලූ රැසක්

අයහපත් කාලගුණයෙ
අයහපත් කාලගුණයෙන් විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන්න සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය
January 9, 2018
අලි කරදර
තබ්බෝව ගොවි ජනපදයට වන අලි කරදර අධිකයි
January 9, 2018
Show all

මධ්‍යම අධිවේගයට ඉඩම් පවරා ගැනීමේ දී ගැටලූ රැසක්

මධ්‍යම අධිවේගය

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී ඉඩම් හා දේපළ අත්පත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් නියෝග කඩ කරමින් කටයුතු කරන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට සූදානම් බවත් ඒකාබද්ධ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව පවසයි.
එම සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා විසින් පසුගියදා දඹුල්ල, අතුපාර යාය ප්‍රජා ශාලාවේ දී පැවති ජන හමුවක් අතරතුර දී මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, අධිවේගයේ අවතැන් වූවන් සඳහා වන්දි ගෙවීමේ දී ආණ්ඩුව ජනතාව මුළා කරමින්, සිටින බවයි. එසේම සොච්චම් වන්දියක් ගෙවමින්, ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වූ පරිසරය එකවර විනාශ කර දැමීම ඉතා අසාධාරණ බවත්, වන්දි තක්සේරුවේ දී පවා නීති විරෝධී අයුරින් එය සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
මේ අතර, උද්ඝෝෂණ මැඩලීම සඳහා සුනඛයන් යොදා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද විරෝධය පළ කළ ඒ මහතා කියා සිටියේ, කෙසේ හෝ මෙම ගැටලුවට සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා තම සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කරන බවය.
මීට අමතරව මෙම ජන හමුව සඳහා අතුපාර යාය බෝධිරුක්ඛාරාමාධිපති, පූජ්‍ය අලුත්ගම උපනන්ද හිමියෝ සහ ජවිපෙ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක, දඹුල්ල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති, සුනිල් රණවීර, එම සංවිධානයේ සාමාජිකයන් වන රේණුක සෙනෙවිරත්න සහ එස්. සිරිවර්ධන යන මහත්වරු ද අදහස් පළ කළහ.


නිපුණා සාරංගි