සීගිරිය අවට බලහත්කාරී ඉඩම් කොල්ලයක්

අලි කරදර
තබ්බෝව ගොවි ජනපදයට වන අලි කරදර අධිකයි
January 9, 2018
charika
ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර
January 9, 2018
Show all

සීගිරිය අවට බලහත්කාරී ඉඩම් කොල්ලයක්

සීගීරියේ ඉඩම් කොල්ලය

සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින සීගිරිය ගෙඩිගස්වලාන ග්‍රාමසේවා වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතුව මහා පරිමාණ බලහත්කාරී ඉඩම් කොල්ලයක් සිදු වන බවට චෝදනා එල්ල කෙරේ.
මේ අතර ඉකුත් 25 වැනිදා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පේෂල ජයරත්න මහතා ඇතුළු මැර කණ්ඩායමක් විසින් දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලයේ සභාපතිවරයාට අයත් අක්කර තුනක භූමියක් තුළට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. එහිදී ඇති වූ ගැටුමකට පොලිසිය ද මැදිහත් වී ඇති බවත්, අමාත්‍යවරයා සමඟ පැමිණි මැර පිරිස සතුව ගිනි අවි සහ බෝම්බ ද තිබී ඇති බවත් වාර්තා වේ.
මීට ඉහත දී ද එම සීගිරිය මයිලත්තාව ගම්මානයේ දී සිදු කිරීමට ගිය ඉඩම් කොල්ලයකට එරෙහිව ජනතා විරෝධයක් මතු වූ අවස්ථාවේ දී ඉන් පලා යන විට දී සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තතු දත් ආරංචි මාර්ග විසින් අවධාරණය කර සිටී.


වසන්ත මොහොට්ටාල