ඇමෙරිකාවේ ලේකම් – ජනාධිපති මත ගැටුම් උත්සන්න වෙයි

tump with politics
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්
January 10, 2018
එමර්සන් මනන්ගග්වා
සිම්බාබ්වේ නව ආණ්ඩුව දූෂිතයන්ගෙන් පිරි එකක් බවට චෝදනා
January 10, 2018
Show all

ඇමෙරිකාවේ ලේකම් – ජනාධිපති මත ගැටුම් උත්සන්න වෙයි

රෙක්ස් ටිලර්සන්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වෙනුවට සීඅයිඒ සංවිධානයේ ප්‍රධානී මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම්වරයා ලෙසින් පත්කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී මතභේද හටගෙන තිබීම මීට හේතුවයි.
විශේෂයෙන්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා එකිනෙකට පරස්පර අදහස් දරති. රෙක්ස් ටිලර්සන් ඉවත් කිරීමේ සැලසුමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වන ඒපී පුවත් සේවය පවසන අතර, ආණ්ඩුවේ ආරංචි මාර්ග ඒ පිළිබඳවද නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පතට සහ වැනිටි ෆෙයාර් (Vanity Fair) සඟරාවට ද අදහස් දක්වා තිබේ. මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම්වරයා ලෙසින් පත්කිරීමෙන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ටොම් කොටන් සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා ලෙසින් පත්කිරීමට නියමිත බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
කෙසේ වුවත්, ජනාධිපති ට්‍රම්ප් අදාළ සැලසුමට සිය අවසාන අනුමැතිය ලබා දී තිබේ ද යන්න තවමත් පැහැදිලි නොමැති බවද පුවත්පත පවසයි. ජනාධිපතිවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර විරසකයක් පවතින බවට කලක් මුළුල්ලේම වාර්තා පළ වෙමින් තිබිණ. රෙක්ස් ටිලර්සන් පසුගිය ජනවාරි මාසයේ රාජ්‍ය ලේකම් පදවියට පත් කෙරුණු අතර, කිසියම් ලෙසකින් ඔහු පදවියෙන් පහ කෙරුණහොත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ඉතාම කෙටි කාලයක් පදවිය හෙබ වූ අවස්ථාවක් ලෙසින් එය වාර්තා අතරට එක්වනු ඇත.


ධනංජය සූරියබණ්ඩාර