ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

එමර්සන් මනන්ගග්වා
සිම්බාබ්වේ නව ආණ්ඩුව දූෂිතයන්ගෙන් පිරි එකක් බවට චෝදනා
January 10, 2018
upul kumara
සටන මරණයෙන් කෙළවර නොවේ !
January 10, 2018
Show all

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

history

දෙවන ලෝක මහා යුද්ධයේ දී විනාශ වූ නගර ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ මුවට නැගෙන්නේ හිරෝෂිමා නාගසාකි වැනි නගරයන්ය. එහෙත් ලෝකය බෙදා ගැනීමට කරන ලද ධනපතියන්ගේ මිලේච්ඡ යුද්ධයට මුහුණ දුන් තවත් සුවිශේෂී නගරයක් ගැන ඉතිහාසයේ ලියවී ඇත්තේ ඉතා කෙටි සටහනකි. හිට්ලර්ගේ අධම හා නීච කල්ක්‍රියාවෙන් මහා කළු පැල්ලමක් හිමිකරගත් ජර්මනිය තුළ පිහිටි ඩ්‍රසේඩන් නගරය විනාශ කර දැමුවද, එකී විනාශය පිළිබඳව ලෝකයාගේ අවධානය සැලකිය යුතු මට්ටමකට නොලැබුණි. ජර්මනියේ ී්ංදබහ නමැති ප්‍රාන්තයේ අගනුවර වූයේ ඩ්‍රසේඩන්ය. හිට්ලර්ගේ අවසන් අදියර වූ 1945 පෙබරවාරි 13-15 අතරදී බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා 722 ක් සහ ඇමෙරිකන් යුද ගුවන් යානා 527 ක්ද ඩ්‍රසේඩන් නගරයට බෝම්බ ටොන් 3900 ක් දමා සිවිල් වැසියන් 25000 ක් ඝාතනය කර නගරය සහමුලින්ම විනාශ කර දැමීය. මේ නිසා නගරයෙන් වර්ග කිලෝ මීටර් 6.5 ක් සම්පූර්ණයෙන්ම අළු දූවිලි ගොඩක් බවට පත් වී විනාශ වී ගියේය.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සති දෙකකට පෙර මේ නගරය සෝවියට් රතු හමුදාව විසින් යටත් කරගත් අතර, යුද අනාථයන් වූ දහස් සංඛ්‍යාත ජර්මන් සිවිල් වැසියන්ගෙන් මෙම නගරයේ ඉදිකර තිබූ තාවකාලික රැඳවුම් කඳවුරු වලින් පිරී ඉතිරී ගොස් තිබුණි. එහෙත් යුදකාමයෙන් උන්මන්තක වූ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් කුඩා දරු දැරියන්, කාන්තාවන් ඇතුළු සියලුම ජනයා මහා බෝම්බ වරුසාවකින් ඝාතනය කරන ලද්දේ හිට්ලර්ගේ එස් එස් හමුදා විසින් රුසියාවේ ස්ටාලින්ග්‍රාඩ් නගරය අමු සොහොනක් බවට පෙරළු ආකාරයෙන්මය. මෙම ප්‍රහාරය පිළිබඳව ලොවේ කිසිදු මානව හිමිකම් සංවිධානයක් මේ තාක් තම විරෝධය පළ කර නැත. මින් හැඟී යන්නේ සියලුම ජර්මානුවන් නාසිවාදීන් බවද? එදා ඩ්‍රසේඩන් නගරය අළු ගොඩක් බවට පත් කරන විට ලෝකයේ ජනමාධ්‍යද සිදු කළේ මුනිවත රැකීම පමණි.


මාලන් කබලාන