ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…

බෙsfhbdrt
අරාජික දේශයක් කරා…
January 10, 2018
tump with politics
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්
January 10, 2018
Show all

ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…

ganadevi puja

දෙසැම්බර් මාසය උදා වූයේය. අපේ රටේ සංස්කෘතියට අනුව උදුවප් නමින්්ද හඳුන්වනු ලබයි. ජන වහරට අනුව එය තවත් සුවිශේෂී ලෙස අර්ථ දැක්වුවහොත් සීතල උදුවප් මාසය ලෙස මේ, අවුරුද්දේ අවසන් මාසය හඳුන්වනු ලබයි.
සංස්කෘතික අතින් ගත් විට හා පරිසරය අතින් ගත් විට එය එසේ හැඳින්වෙන අතර, මේ මාසය තවත් එක් සුවිශේෂත්වයක් උසුලයි. ඒ පාසල් යන දූ දරුවන්ගේ ජීවන කඩයිමක් වන අපොස සා/පෙළ විභාගය පැවැත්වෙන නිසාවෙනි. වසර 11 පුරාවටම සිය අත්දැකීම් මතින් හා ගුරුවරුන්ගේ නොමද කැප කිරීම මත බුද්ධි වර්ධනය කර ගත් දූ දරුවන් ඔවුන්ගේ බුද්ධි මට්ටම කෙසේ වන්නේ දැයි ජාතික මට්ටමින් මැන බලන වැදගත් විභාගයකි. මේ සඳහා කාල කළමනාකරණය කරමින් තමාගේ අවබෝධය වර්ධනය කර ගැනීම පිණිස බොහෝ විට වසර දෙකක සිට පාසල් දුවා දරුවන් මේ විභාගය සඳහා වෙහෙසෙයි. නමුත් තවමත් අප සමාජය තුළ ජීවත්වන බහුතරයක් දෙනා දරුවන්ගේ කැප කිරීම උපහාසයට ලක් කරන මාසයක් බවටද මෙම සීතල උදුවප් මාසය පත් කරගෙන හමාරය.
මේ සඳහා ප්‍රධාන සාධකය වන්නේ මිථ්‍යා විශ්වාසයි. රටේ දැනට පිළිගත් එවැනි මිථ්‍යා විශ්වාසයන් මත පදනම්ව සිදු කරගෙන යන විවිධ පූජා තිබේ. ඒ අතරින් එකක් ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ගණදෙවි පූජාව හැඳින්විය හැකිය. ඔහු මේ අන්ධ විශ්වාසය තව තවත් ඉහළ දමන්නේ දරුවන්ගේ බුද්ධි මට්ටමද හෑල්ලූවට ලක් කරමිනි. අපොස සා/පෙළ විභාගයෙන් නොනවතින බුද්ධික පතිරණ විසින් මේ කාර්යය අපොස උ/පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහාද මේ මිථ්‍යා විශ්වාසය ගෙන ගොස් තිබේ. ඒ සඳහා විශාල මුදලක්ද වියදම් කරන අතර, මාධ්‍ය ප්‍රචාරණයන් පවා සිදු කරයි.
එබැවින් මෙම ගණදෙවි පූජාව මත විශ්වාසය තබා සිය දරුවාද ඒ වෙත ඇදගෙන යාමට රටේ බහුතරයක් දෙමාපියන්ද උනන්දුවෙන් කටයුතු කරයි. අනතුරුව එසේ පැමිණෙන දරුවන් සඳහාද විභාගයට ලිවීම සඳහා කරණීයමෙත්ත සූත්‍රය 108 වතාවක් ජප කරන ලද පෑනක් හෝ පැන්සලක් ලබාදීම සිදු කරයි. එසේ ලබා දෙන පැන්සලෙන් හෝ පෑනෙන් අදාළ විභාගය ලිවිය යුතු වන අතර, විභාගය අවසන් වීමට පෙර එම පෑනේ තීන්ත අවසන් වුවහොත් කිරීමට දෙයක් නැත. එසේම මෙම පූජාව පැවැත්වීම මගින් තවත් එක් ප්‍රශ්නයක් පැන නැගේ. මෙම ගණදෙවි පූජාවට පැමිණ ලබා ගන්නා පෑනෙන් හෝ පැන්සලෙන් විභාගය ලියන දූ දරුවන් සියලු දෙනා අදාළ විභාගයෙන් සමත් වී ඇත්ද යන්නයි. ඒ පිළිබඳව සමීක්ෂණයක් කර සොයා බැලීම වැදගත් වන්නේය. නමුත් එසේ සිදු කළ හොත් ලැඛෙන ප්‍රතිඵලය සැබැවින්ම අසාර්ථක කිසිදු ප්‍රයෝජනයක් නොමැති එකක් බව තහවුරු වනු ඇත. සමීක්ෂණයකින් ලැඛෙන ප්‍රතිඵලය ගණදෙවි පූජාවටත් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් එතරම් හොඳ මදිය. එනිසා එවැනි සමීක්ෂණ වැඩපිළිවෙළකට නොයා අප මේ කතාව ඔබේ බුද්ධිය අනුව තේරුම් ගැනීමට ඉතිරි කරමු.
එසේම මෙම ගණදෙවි පූජාවට සහභාගී වී විභාගය සමත් වන්නේද අදෘශ්‍යමාන බලවේගයන්ගේ බලපෑමෙන් නොවන බවද දැඩිව අවධාරණය කළ යුතුය. මන්ද වසර ගණන් විවිධ බාධක මැද ජීවත් වෙමින් ලබා ගන්නා අධ්‍යාපනයෙන්, මුවහත් වූ අවබෝධයෙන් යුතුව දූ දරුවන් මේ විභාගයට මුහුණ දෙන නිසාය. විටෙක පාසල් යන දරුවන්ට පවා සිය අධ්‍යාපනය නිදහසේ කරගෙන යාමට පාලකයන් ඉඩහසර නොදෙයි. එනිසා මේ බුද්ධික පතිරණලාගේ පාලක පැලැන්තිය විසින් සිදු කරනු ලබන ගණදෙවි පූජාවන්ගෙන් දරුවන්ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරන, ලෝකයම පිළිගත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා කිසිදු ධනාත්මක බලපෑමක් කළ නොහැක.
රටටම බොරු ඇද බාමින් ජනතාව මුළා කිරීමේ වරදට මේ ජාවාරම්කරුවන්ට වහා දඩුවම් හිමි විය යුතු නොවේද? සිය පාසල් ජීවිතයේ උසස්ම කඩයිම නොහොත් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීම උදෙසා තමන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන් මුහුණ දීමට සූදානම් විය යුතුය. එසේ නොකර මෙවැනි කාලකණ්ණි ක්‍රියාවන් වලට ගොදුරු නොවීමේ ඥාණයද ලබා ගත යුතුය. ඒ අතරම තම අනාගත පරපුරද මිථ්‍යාවේ ගිල්වන මෙබඳු මනෝව්‍යාධීන්ට ඉඩ නොදීමට වැඩිහිටි පරපුරද වගබලා ගැනීම අවශ්‍යය. සඳුදා රාහු කාලය නිසා විභාගය අඟහරුවාදාට කල් දමන අධ්‍යාපන ඇමතීන් වෙනුවට ප්‍රඥාවේ ආලෝකයෙන් ක්‍රියාකරන ඇමතීන් පත් කර ගැනීමට වැඩිහිටියන් ක්‍රියා කළ යුතුය.


ධනංජය සූරියබණ්ඩාර