ඔවුන් අත්තනෝමතික, හිතුවක්කාර, ඒකාධිපතියන් පිරිසක් (පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම)

mhagamasekara
තුන්කල් දුටු මහගම සේකර
January 23, 2018
mahinda, mythree and ranil
තුන් පූට්ටුවේ රිළා කරණම්
January 23, 2018
Show all

ඔවුන් අත්තනෝමතික, හිතුවක්කාර, ඒකාධිපතියන් පිරිසක් (පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම)

1502316615Sriyani-Wijewickrama_L

ඔබගේ පක්ෂ මාරුව මේ මොහොතේ දේශපාලන ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. ඒ වෙනස් තීන්දුවට හේතුව කුමක්ද?

ඊට හේතුව අම්පාර ජනතාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් ලබා දෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ, විශේෂයෙන් විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවන කණ්ඩායමේ පිරිස ඉඩ ප්‍රස්තාව ලබා නොදීමයි. බැසිල් රාජපක්ෂ මහතාට මේ ප්‍රශ්නය බොහෝම පහසුවෙන් විසඳීමට හැකියාව තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. එසේ කටයුතු නොකර අම්පාර ජනතාවගේ අයිතිය නොදී මගහරින්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විමලවීර දිසානායක ඇතුළු පිරිස කටයුතු කළා. මේ අය කිසි විටෙක නාමයෝජනා කමිටුවටවත්, සාකච්ඡාවකටවත් ආවේ නැහැ. එසේ නොපැමිණ ඒක පාක්ෂිකව යම් පිරිසකගේ නම් සම්මත කොට යවා තිබුණා. කෙසේ හෝ ඒ නියෝජිතයන්ගේ නම් පිළිගන්න බෑ කියා බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉවත දැම්මා. මා නැවත නැවතත් නාම යෝජනා ඉල්ලා සිටියා. එය ඉටු නොවූ තැන අම්පාර ජනතාවගේ අයිතිවාසිකම් ඉටුකර දීමේ වගකීම අතහැර කටයුතු කරන්නට නොහැකි නිසා මා මේ තීරණය ගත්තා.

නාමයෝජනා ප්‍රශ්නය හමුවේ ඔබේ පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නැද්ද?

මගේ පක්ෂ නායකතුමා මා වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරන්නට කටයුතු කළා. අනෙකුත් සියලුම පක්ෂ නායකයන් මට ඒ සහයෝගය දුන්නා. එපමණක් නොව නාමයෝජනා කමිටුවට පත් කර තිබූ සී.බී. රත්නායක, මහින්දානන්ද අලුත් ගමගේ ඇතුළු නාමයෝජනා කමිටුව උපරිම සහයෝගය දුන්නා. නමුත් අම්පාරේ අත්තනෝමතික, හිතුවක්කාරී, ඒකාධිපති විමලවීර දිසානායක කියන මන්ත්‍රීවරයා මේ කිසිවක් විසඳන්නට සහයෝගයෙන් කටයුතු කළේ නැහැ. මට ඉඩ දෙනවා නම් ඔහු යන්න යනවා යැයි කියා සිටියා. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මට කළ හැකි හැම දෙයක්ම මම කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමගත් මේ පිළිබඳව කතා කළා. මගේ පක්ෂයේ නායකතුමා අනෙකුත් පක්ෂ නායකයන් නාමයෝජනා කමිටුවට පත්කර තිබූ මන්ත්‍රීවරුන් සියලු දෙනා මගේ අයිතිය රැකදෙන්න උත්සාහ කළා. නමුත් ඒ සියල්ලටම වඩා ඉහළින් තිබෙන බලවේගයක් නිසා මේ කිසිවක් ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා.

පොහොට්ටු පක්ෂ නාම යෝජනා සකස් කරන්නේ අත්තනෝමතික ක්‍රමයකට කියලද ඔබ කියන්නේ?

ඔව්, ඇත්තටම එහෙම තමයි. අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන්ටවත් මෙවර නාමයෝජනා දුන්නේ නැහැ. ඔවුන් ඉවතට විසි කර දමලා. මල් පොහොට්ටුවේ හිතුවක්කාරී විමලවීර දිසානායක මන්ත්‍රීවරයාගේ වුවමනාවට වැඩ කරන පිරිසකට ඔක්කොම නාමයෝජනා දී තිබෙනවා.

මන්ත්‍රීවරු පිල් මාරු කිරීම මුදල් ලංසුවලට සිදුවන්නක් බවට ප්‍රකට වී තිබෙනවා. ඒක ඔබටත් අදාළද?

ඔය කියන තාලෙන් අබමල් රේණුවක දෙයක් මම අරන් නැහැ. මම අබමල් රේණුවක දෙයක් හොරකම් කරලා නැති මනුස්සයෙක්. හොරකම් නොකර හොඳට වැඩ කරපු නිසා අම්පාරේ ජනතාව තුළ මා ගැන ලොකු විශ්වාසයක්, ගෞරවයක් තිබෙනවා. මගේ දේශපාලන ජීවිතයම වෙනස් කරලා දුන්න අම්පාරේ මට ඡන්දය දුන් ජනතාවගේ අයිතිවාසිකම් පාවාදීමට මා සූදානම් නැති නිසයි. මගේ මන්ත්‍රීකම කියන්නේ අම්පාර ජනතාවගේ අයිතියක්. ඒ සියල්ල පාවා දෙන්න මා සූදානම් නෑ.

රාජ්‍ය අමාත්‍ය ධුරය ඔබ ඉල්ලුවාද? ඔබට ලැබුණාද?

මම ඉල්ලුවේ නාමයෝජනා පමණයි. ජනාධිපතිතුමාගෙන් මම වෙනත් කිසිවක් ඉල්ලුවේ නැහැ. ජනාධිපතිතුමා විසින් මට මේ සියල්ල ලබා දුන්නා. මම මේ අමාත්‍ය ධුරය බාර ගත්තේ අම්පාරේ ජනතාව සමඟ කතා බහ කිරීමෙන් අනතුරුවයි. ඔවුන් අමාත්‍ය ධුරය බාර ගන්න යැයි මට කීවා. ලැබෙන දෙයක් බාර ගෙන අම්පාරේ ජනතාවට වැඩ කරන්න යැයි ඔවුන් මගෙන් ඉල්ලා හිටියා. ඉතිං මා එය බාර ගත්තා. මට ලැඛෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්ද? රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද? කියාවත් මම ඒ අමාත්‍ය ධුරය බාරගැනීමට යන තුරු දැන සිටියේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමට ඉදිරියට කටයුතු කරනවා. මා නියෝජනය කරන අම්පාර කියන්නේ තිස් අවුරුද්දක් තිස්සේ යුද්දෙට මුහුණ දී එම යුද්දෙන් බැටකාපු ජනතාවක් වෙසෙන ගොඩක් ප්‍රශ්න තිබෙන පළාතක්. ඒ ප්‍රදේශයට දේශපාලනඥයන් විදිහට අපෙන් ඉටු විය යුතු යුතුකම් රාශියක් තිබෙනවා. එම කටයුතු ඉටු කිරීම සඳහා මේ ජනාධිපතිතුමා මට ලොකු ශක්තියක් වේ යැයි මා හිතනවා. මා ඒ ශක්තිය දිගාමඩුල්ලේ ප්‍රගතිශීලී ජනතාවක් වෙනුවෙන් යොදවනවා. එසේම මෙය දේශපාලනය සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමට කටයුතු කර තිබෙන අවස්ථාවක්. ඒ වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරය මට ලැබී තිබෙනවා. මම දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්. අපේ රටේ කාන්තාව කියන්නේ ගොඩක් අයිතිවාසිකම් අහිමි වෙච්ච පිරිසක්. ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමට මා කටයුතු කරනවා.

පදියතලාව හා දෙහිඅත්තකණ්ඩියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමේ වගකිව යුත්තා කවුද?

මම මේ පැත්තට ඇවිත් ලොකු දෙයක් කරන්න තරම් කාලයක් තිබුණේ නැහැ. මා එන විට එහි සංවිධායකවරුන් පත් කර තිබුණා. ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට හේතුව ඒ අයගේ නොදැනුවත් කමයි. ඔවුන් වරද්දා ගත්තේ ඒ අනුවයි.


පද්මා වේරගොඩආරච්චි