පුරහඳ දූතයෙකු කිරීම හෙවත් පිය සෙනෙහසක අරුමය

gamperaliya
පියල් සහ ජිනදාස අතරින් මාරක ළිඳක යන අපේ සංස්කෘතික ගමන
January 30, 2018
tirimadura
වෙඩි තියන්න තුවක්කුවක්ම ඕනි නැති වුණාට රඟපාන්න කකුලක් නම් ඕනිමයි
January 31, 2018
Show all

පුරහඳ දූතයෙකු කිරීම හෙවත් පිය සෙනෙහසක අරුමය

aaaaa
නුදුරු දිනක මා උකුලේ වාඩි වී මා සමඟ සුරතල් වෙමින් සිටි පුතාගෙන් මම මෙසේ ඇසුවෙමි.
දැන් ඔයා ලොකුයි. තව ටික දවසකින් ලොකුම ලොකු කෙනෙක් වෙනවා. මට කියනව ද, කවදා වෙනකං ඔයා මට, ඔයාගේ මූණ ඉඹින්න දෙනව ද?˜
පිළිතුර පෙර සූදානම් කරගෙන සිටියාක් මෙන් තත්පරයකටත් අඩු කාලයක් තුළ ඔහුගේ මුවට ආවේය.
කවද හරි ඔයා මැරෙන දවස වෙනකං
ඔහු යෙදුවේ අතාර්කික ආදරයේ ‘මගේ ජීවිතේ තියෙන කං’ යන සාම්ප්‍රදායික යෙදුම නොවේ. කාලය හා අවකාශය තුළ තාර්කිකව යථාර්ථයක් බවට පත් වීමේ ඉහළ සම්භාවිතාවක් සහිත ප්‍රකාශයකි.
කවද හරි ඔයා මැරෙන දවස වෙනකං. මේ සංවාදය දරුවන් පිළිබඳව සිය ‘මුනි’ නම් කෘතියේ ඛලීල් ජිබ්රාන් ලියා ඇති මේ දාර්ශනික සංකල්පය මට නැවතත් සිහිපත් කළේය.
ඔබගේ දරුවන්, ඔබගේම දරුවන් නොවේ. ඔවුහු, ඔවුනගේ ජීවිතාභිලාෂය විසින් තමා වෙනුවෙන්ම නිර්මාණය කළ දුවා දරුවන් වෙති.
ඔවුන්, ඔබ කෙරෙන් පැමිණියේ වුව ද, ඔබගෙන් පැමිණියේ නැත. ඔවුන්, ඔබ සමඟ සිටියේ වුව ද, ඔබට හිමිකාරීත්වයක් නැත.
…………………………………….
ඔබ දුනු දිය වන විට, එයින් නික්මී ඉදිරිය බලා ගමන් කරන සජීවී හී සර වන්නේ ඔබගේ දරුවන්ය. දුනුවායා එම ඊතලය ඔබ මත තබා අවසන් ඉලක්කය ලබා ගනී. අනතුරුව, ඔහු ඔහුගේ අභිමතය පරිදි ඔබ නමැති දුන්නේ දුනු දිය අදිනු ඇත. මන්ද, ඔහුගේ අභිප්‍රායයන් ඊතලය සමඟ වන අතර, එය එහි ඉලක්කය එම ඊතලය ඔබගෙන් බොහෝ ඈතට යොමු කිරීමක් වන බැවිනි. දුනුවායාට ඔහුගේ සිතැ`ගි පරිදි ඔබව නැවීමට හා මෙහෙයැවීමට සතුටින් ඉඩ දෙන්න. මන්ද, ඔහුගේ ආදරය ඊතලය පියඹා යෑමේ අරමුණ සමග බැඳී ඇති බැවිනි.
මේ වේදනාවන් සියල්ල නොසැලී ඉවසයි නම්, ඔහු ඔබට ද ආදරය කරනු ඇත.
(අන්තර්ජාලයෙන් ගත් ඉංග්‍රීසි නිර්මාණයේ සිංහල ඡායානුවාදයකි. අනුවාදය මාගේය)
දරුවෙකුගේ ජීවිතය තුළ පියා යනු දැවැන්ත ප්‍රතිරූපයකි. එය එසේ වුව ද, ඛලීල් ජිබ්රාන් පවසන්නේ එම ප්‍රතිරූපය, ඛෙහෙවින් සීමාසහිත ප්‍රතිරූපයක් බවයි.
එසේ නම්, පියෙකු, සුවිශේෂී පීතෘවරයකු බවට පත්වීමේ පදනම කුමක් ද? ඒ සිය දරුවා යනු, තමාගේම වූ ජීවිතයකට උරුමකම් කියන, තමාගේම වූ නිදහස් ලොවකට පියඹා යන නිදහස් පක්ෂියෙකු බවට පිළිගත් නිහතමානී පියෙකුගේ අසීමිත උපේක්ෂාව බව සිතමි. එම පක්ෂියාට වාසස්ථානය කර දී ඇති සිය නිවසේ කැමැති තැනක විසීමටත්, යම් දිනක ඒ නිවෙස හැර අන් තැනක කූඩු හැදීමට අදහස් කරන්නේ නම්, එය ඉමහත් සන්තුෂ්ටියෙන් ඉවසීමත්ය, උපේක්ෂාව.
එය, දෙමාපියන් තුළ සිය දරුවන් සම්බන්ධයෙන් ඇතැයි බුදුන් වදාළ සිව් බඹ විවරණයන්ගෙන් එකකි.
මගේ ගීත රස වින්දන අතීතයේ පියවරුන්ගේ හැ`ගීම් පිළිබඳව ලියැවුණු ගී දෙකකට මම ඛෙහෙවින් ඇළුම් කළෙමි. ඒවා නම්, අබේවර්ධන බාලසූරිය ගයන ‘පියාණනේ මා නැවත උපන්නොත්’ හා ටී. එම්. ගයන ‘අම්මා සඳකි’ යන ගීතයි.
මෙහි දෙවැනියට සඳහන් කළ ගීතය පිය සෙනෙහස පිළිබඳව දරුවන්ගේ නිසි අවධානයක් නැතැයි හැ`ගීමෙන් කරන චෝදනාවක ස්වරූපය ගනී. එය රචනා කරන ලද්දේ මාලනී ජයරත්න විසින් වීම මේ චෝදනාත්මක සංකල්ප රූප නිර්මාණයට හේතු වන්නට ඇත. මන්ද, මව් ගුණ ගී රැසකින් පිදුම් ලද මව්වරුන්ගේ සිත් තුළ, පියවරුන් විෂයයෙහි දුවා දරුවන් යුතුකම් ඉටු නොකිරීමක් කළා දෝ යන විචිකිච්ඡාව නිරායාසයෙන්ම උපදින බැවිනි.
මේ ගීත දෙකටම වෙනස් නිර්මාණයක් හදිසියේ ම මා කන වැකුණි. මේ ගීය අසා යමක් ලියන ලෙස ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටින ලද්දේ මගේ සමීප මිතුරෙකු විසිනි.
රවී සිරිවර්ධන නම් ගේය පද රචකයා විසින් ලියන ලද මේ පද තුළින් මම, මගේ පියාගේ සෙනෙහෙවන්ත මුහුණ දකිමි. වෙහෙස අතරින් සිනා වෙන, එහි උපේක්ෂාව අසීමිතව රඳවා ගන්නා ඔහුගේ සිනහව දකිමි.
ඛලීල් ජිබ්රාන් විසින් මූර්තිමත් කරන ලද පරමාදර්ශී පියාගේ අංගලක්ෂණ, ගම්මානයක ජීවත්වන සරල මිනිසෙකුගේ හදවත තුළින් උලූප්පා දැක්වීමට රවී කළ උත්සාහයක් මම මේ ගීතය තුළින් දකිමි.
නගරයේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අප, දුර බැහැර සිටින දෙමාපියන් බැලීමට මසකට වරක් හෝ යන්නේ නැත. ක්‍රමය විසින් අප සිරකරුවන් බවට පත් කර ඇති ප්‍රමාණය ඉන් ගම්‍ය වේ. බොහෝ විට බාධකය, මිල මුදල් නොව කාලයයි. අප වනාහි අසල්වැසියන් සමග තරගයෙන් ජය ගැනීමට කාලය අප හා තරගයට කැඳවනු ලැබූ අති පණ්ඩිතයෝ වෙමු. දින පහක කාර්යාල ජීවිතය හා සති අන්තයේ නිවසේ හා දරුවන්ගේ කටයුතුවලින් හෙම්බත්ව සිටින අපට මාපියන් බැලීමට යාමට අවසරයක් හොයා ගැනීම, කළුනික සෙවීමකට වඩා දුෂ්කර බවක් අ`ගවමු. ඇතැම් සරල සමාජ සම්බන්ධතා හා කාරණා වෙනුවෙන් ඒ වෙහෙස කැප කරමු.
කප්පරක් නිදහසට කරුණු කියමින් අප විසින් ම`ගහැරිය ද, මසකට වරක් අපේ මාපියන් බැලීමට ගමට යන කෙනෙක් ඇත. අපට කිලෝ මීටර 3,84,400ක් දුරින් සිටිය ද, හෙතෙම නොවරදවාම මසකට වරක් ගමට එයි. ඒ අනෙකෙක් නොව, මළ ලෝකයක් ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන මහ පොළොවේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයා ය.
මේ තාත්තාට අනුව, පූර්ණ චන්ද්‍රයා යනු සිය පුත්‍රයා විසින් තමාගේ දුක සැප සොයා බැලීමට යොමු කළ දූත මණ්ඩල සාමාජිකයාය.
පුර පෝය හඳ විතරක් එවා
නුඹ නෑවිදින් හිටියට ගමේ˜
දූතයෙකු පමණක් පැමිණීම පිළිබඳව පියාට ඇත්තේ කිසියම් කලකිරීමක් නොවේ. ඔහුගේ අවධානය යොමුව ඇත්තේ දරුවන් යහතින් සිටිනවා ද යන්න පිළිබඳව පමණකි.
දරුවාගේ ජීවිතයට පියාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ කාලයත් සමග ක්‍රමිකව, එහෙත් මන්දගාමීවය. දරුවා වෙනුවෙන් කිරි පුරන්නේ, කිරි පොවන්නේ, උකුලේ සතපන්නේ, ගී ගයන්නේ අම්මා ය. අම්මා තුළින් නිම්නාද වන්නේ තාත්තාගේ ද සෙනෙහස බව, අම්මාගේ මෙන්ම දරුවාගේ හිත ද නොරිදෙන පරදි පද වැලකට නැ`ගීම කොතරම් අපූරුද?
සතපා උකුලේ උණුහුමේ අම්මා මිහිරියට ගැයූ
මමයි පුතේ ඒ කවියා නැළැවිලි ගී ලියූ˜
පියා හොඳම දේ නිතරම දරුවාට දෙයි. ඒ සඳහා තමාට ලැඛෙන හොඳ සහ කටුක දෙයින් හොඳ පමණක් තෝරා බේරා ගැනීමට ඔහුට සිදුවේ. පියෙකුගේ සියලූ වෙහෙස හා වේදනාවන් දන්නේ නම්, දරුවෙකුට කිසිසේත්ම ළමා කාලයක් හිමි නොවෙනු ඇත. එබැවින්, සියලූ කටුක දේ තමා විසින්ම වැළඳීම පියෙකුගේ ස්වභාවයයි. සියලූ දුක් කවි තනිව කියවා, සුන්දර නැළැවිලි ගී පමණක් පුතුට දුන් බව කීම අපූරු කවිකමකි.
දුක්බර කවි කොයි තරම් ද මේ දිවිමඟ ලියූ
නුඹට ඇහෙන්නට නොතබා මම රහසින්ම ගැයූ,
දරුවන් වෙනුවෙන් කරන්න බොහෝ දේ ඇති නමුදු, ජීවිත සීමාවන් ඒ සඳහා ඉඩ දෙන්නේ නැත. සමාජ ක්‍රමය යනු එක්තරා ආකාරයක දිගේලි කිරීමකි. එය, එක් එක් පුද්ගලයාට උපරිම ගමන් කළ හැකි දුරක් සීමා කර ලණුවකින් බැඳ දමා ඇත. ඇතැම් දරුවන් සිය පියවරුන්ගේ බලය නිසාම ඉර, හඳ, තරු ඇල්ලීම කෙසේ වෙතත්, අභ්‍යවකාශයට අත්හදා බැලීමේ රොකට් යවමින් සිටින අතර, ඇතැම් පියෙකු, තමාට බත් පත රැගෙන හේනට ආ දරුවා වල් අලි ප්‍රහාරයකින් මිය යාම, හා වැලපීමට කඳුළු නැති දෙනෙතින් බලා සිටියි. මේ සමාජ ඛේදවාචකය ගීතය තුළින් රචකයා සියුම්ව ග්‍රහණය කර ගනී.
නෙළා දෙන්න අත දිග මඳි වුණාට ඉර හඳ තරු පොකුරු
ගතේ වෙහෙස මව් කිරිවල උල්පත කොට දුනි සරු˜
දරුවන් වෙනුවෙන් වෙහෙස වීමට වෙනත් පියවරුන් සේවයේ යෙදැවීමට හැකිව තිබුණු බැවින්, සත්‍යය සොයා බුදු බව ලබා ගැනීම පිණිස ගිහි ගෙයින් නික්මීමේ අවකාශ සිද්ධාර්ථයන්ට තිබූ නමුදු, මේ පියාට එවැනි හැකියාවක් ලැබී නැත. ටී. එම්. ගේ ගීතයේ ‘අම්මාවරුන් පමණ ද මතු බුදුවන්නේ?’ යන ප්‍රශ්නයට සංස්කෘතික සීමාවෙන් එළියට පැන සැබෑ සමාජ ගැටලූව හා ගැටගැසීමට රවී සමත් වේ. ඔහු, වේලක්, වේලක් පාසා දරුවාගේ කුස පිරවීමත්, දරුවාගේ සෙසු කුදුමහත් කටයුතු ඉටු කිරීමටත් කැප කළ යුතුය. එසඳ, ඔහුගේ බුදු බව දරුවන්ගේ හසරැලිය.
නුඹලා නමින්ම පේවනු මිස හසරැලි දකින තුරු
පතා නොසිටියෙමි කිසිදා බුදු බව පියවරු˜
මේ ගීතයේ මා ඛෙහෙවින් ඇළුම් කරන කොටස වන්නේ රවී සිරිවර්ධන විසින් සඳ පියා බැලීමට යවන පුත්‍රයාගේ දූතයා බවට පත් කිරීමයි. ජන සාහිත්‍යය තුළ මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය තුළ ද සඳ යනු අපූර්ව සංකල්ප රූප නිර්මාණය කළ වස්තුවකි. එය ස්ත්‍රී, පුරුෂ ප්‍රේමයේ, ජීවිතයේ, අනිත්‍ය ස්වභාවයේ, මරණයේ, ආගමේ දහමේ, ළමා සාහිත්‍යයේ අනූපමේය සංකල්ප රූප නිර්මාණය කළ වස්තුවකි. එය, පීතෘ – පුත්‍ර සෙනෙහසේ සම්බන්ධීකරණ සංකේතයක් බවට පත් කිරීම රවීගේ ප්‍රතිභාසම්පන්න කවිකම පෙන්වන සංසිද්ධියකි.
සාමාන්‍යයෙන් ප්‍රතිශතාත්මකව ගත් කල බොහෝ පිරිමින් හට දරුවෙකු ජාතක කළ හැකිය. එහෙත්, ඒ හැම පිරිමියෙකුම පියෙකු වන්නේ නැත. ජාතක කළ පිරිමියා පියෙකු වීමට නම්, පෙරම් පුරා පේ විය යුතු ය. සිය දරුවන් විෂයයෙහි බෝධිසත්වයෙකු විය යුතුය.
කපිල ජනක බණ්ඩාර