ජනතාවගේ අතෙයි හැන්ද තියෙන්නේ… (ප්‍රවීණ සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ)

widwath kathikawatha
දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට ඉඩ නොදෙමු ! පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති
February 5, 2018
බසඅසඒයසිාඩය
නිවිතිගල ජනතාවගේ සහෝදර සිත් දුටුවෙමු
February 5, 2018
Show all

ජනතාවගේ අතෙයි හැන්ද තියෙන්නේ… (ප්‍රවීණ සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ)

ාෙවතත

නව මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතය. මනාප ක්‍රමය නැති, කොට්ඨාසයට නියෝජිතයකු පත් වන සමානුපාතික ක්‍රමය ද රැකෙන මේ මැතිවරණය පුංචි ඡන්දය ලෙස හැඳින්වුවද, මෙය අප රටේ දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් වන බවට දැනටමත් ඉඟි පළ වී තිබේ. මැතිවරණය ආරම්භයේදීම පිල් මාරු සෙල්ලම් ඇරඹී තිබේ. ඇතැම් පක්ෂ තවත් පක්ෂවල මුක්කු බවට පත්ව තිබේ. ස්වාධීන පෙරමුණු ද සටන් බිමට පැමිණ තිබේ. ඒ අතර, ඡන්දදායකයා තමන්ට සුදුසු මහජන නියෝජිතයන් කවුරුන් දැයි තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටී.
මේ පසුබිම තුළ පැවැත්වෙන පුංචි ඡන්දය රටේ දේශපාලනය නව මඟකට ගැනීම වෙනුවෙන් යොදා ගත යුත්තේ කෙසේ දැයි විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, විද්වතුන්, කලාකරුවන් සහ ආගමික නායකයන් දක්වන අදහස් සමාජගත කිරීමට මෙම ඉඩ වෙන් කෙරේ.

මේ මැතිවරණය ප්‍රාදේශීය මැතිවරණයක් වුණාට මේකට ජාතික මට්ටමේ වැදගත්කමක් තියෙනවා. අලුත් ඡන්ද ක්‍රම සංශෝධනයෙන් පසුව පවත්වනු ලබන පළමු මැතිවරණයයි මේ. එතකොට අපි මේ මැතිවරණයේ දී දකින දේ තමයි, මේ මැතිවරණය රටට ඉතා වැදගත්. ප්‍රාදේශීය සභාවල හිටපු නියෝජිතයෝ, විශේෂයෙන්ම ආණ්ඩුවත්, විපක්ෂයත් නියෝජනය කරන දෙපිරිසේම අයගේ ක්‍රියාකලාප ගැන විවිධ මාධ්‍ය වාර්තා පළ වී තිඛෙනවා. ග්‍රාමීය මට්ටමින් සිදු කෙරුණු විශාල දූෂණ, වංචා ආදියත්, නීති විරෝධීව සිදු කෙරුණු ගල් කොරි, පස් කැපීම්, වැලි ප්‍රවාහනය ආදියත්, පාලම්, බෝක්කු, මංමාවත් ඉදි කිරීමෙන් හොරා කාපු ඒවාත් අපි ඇහුවා¦ දැක්කා. මේකෙන්ම තේරෙනවා, මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න පත් කර යවලා තියෙන්නේ සුදුස්සන් නොවන බව.
ඇත්තටම මේ ප්‍රශ්නයට හේතුව මහජනතාවමයි. ඔවුන් එවැනි දූෂිත පුද්ගලයන්ට ඡන්දය ලබා දීලා, ඡන්දයෙන් මාස කීපයකට පස්සේ කියනවා, ‘එයා හොරෙක්¦ අරයා දූෂිතයි¦ මෙයා වැඩක් නැහැ.’ කියලා. එතකොට දැන් නැවතත් ඉදිරිපත් වෙලා ඉන්නේ පාලකයන් වෙලා සිටි ඒ දූෂිතයන් පිරිසමයි කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ඒ වාගේම ඔවුන් පසුපස තවමත් මිනිස්සු යනවා කියලා අපි දකිනවා. අන්න ඒ නිසයි මම කියන්නේ, ප්‍රශ්නය තියෙන්නේ ජනතාව තුළ කියලා.
ඉතින්, මේ මගේ රට, අපේ රට. මේක අපි දියුණු කරන්න ඕනෑ කියන හැඟීම මිනිස්සුන්ට ඇති වන්නේ කවදාද? අන්න එදාට තමයි, එවැනි සුදුසුකම් තිඛෙන මිනිස්සු ටිකක් යවලා මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ.
වතාවක් බ්‍රෙෂ්ට් කිව්වා, ‘අපි පත් කර ගත යුත්තේ අලුත් ජනතාවක්’ කියලා. ඇත්තටම මිනිස්සු තමන්ගේ සපත්තුව, කලිසම තෝරා ගනිද් දී ඉතා හොඳම දේ තෝරනවා. නමුත්, ඉතා ම වැදගත් කාරණයක් වුණු තමන්ගේ රට පාලනය කරන්න තෝරා ගන්නේ ඉතාමත් නුසුදුසු පිරිසක්.
ඒ නිසා වහාම නව දේශපාලන චින්තනයක් ඇති කර ගත යුතුයි. රටට ආදරය කරන, වැඩක් කරන්න පුළුවන්, දූෂණයට සම්බන්ධ නැති, අධ්‍යාපනයෙන් සංවර්ධිත හා දේශපාලනය ගැන දැනුමක් තිඛෙන තරුණ පරම්පරාවක් මේ රටටත්, මේ ආයතනවලටත් පත් කර ගන්න ඕනෑ. එහෙම නැතිව නැවත වතාවක් පුරුදු පරිදි දූෂිතයන් පිරිසම පත් කර ගත්තොත්, නැවතත් වෙන්නේ මේ දේ මයි.
ඒ නිසා ජනතාවට පැහැදිලිව කියනවා, තමන් අතේ තමයි, හැන්ද තියෙන්නේ. මේ මිනිස්සු පත් වුණාට පසුව නැවත අවුරුදු හතරක් යනකම් අපට බලන් ඉන්න වෙනවා. ඒ නිසා තමන් ගමට, රටට ආදරෙයි නම්, සුදුස්සන්ම පත් කිරීමේ වගකීමක් ජනතාවට තිබෙනවා.

මේ මැතිවරණයෙන් යහපත් පූර්වාදර්ශයක් පෙන්නුම් කළ යුතුයි
රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික්‍රමසිංහ

පෙබරවාරි 10 වැනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණයේ දී රජයේ සේවයේ නියුතු වෘත්තිකයන් විදියට අපි විශ්වාස කරනවා, අපට පළාත් පාලනය සඳහා හොඳ කළමනාකරුවන් පිරිසක් අවශ්‍යයි කියලා. මෙතුවක් කල් මේ රටේ වෙලා තියෙන්නේ බිම් මට්ටමේ පාලනය සඳහාවත් එවැනි දක්ෂයන් පිරිසක් පත් කරනවා වෙනුවට මුදලාලිලා රංචුවක් පත් කිරීමයි.
ඒ නිසා අපි මහජනතාවගෙන් මූලික වශයෙන් ඉල්ලා සිටිනවා, හොඳ කළමනාකරුවන්, ඒ කියන්නේ ගමක් නැත්නම්, ගම්මාන කිහිපයක් කළමනාකරණය කළ හැකි, පාලනය කළ හැකි, වැඩපිළිවෙළක් තිබෙන පිරිසක් තමන්ගේ ගමේ නියෝජිතයන් විදියට පත් කර ගන්න කියලා. ඒත් එක්කම මා පෞද්ගලිකව විශ්වාස කරන කරුණක් තමයි, එහෙම දක්ෂ පාලකයෙක්, කළමනාකරුවෙක් වෙන්න නම්, යම් කිසි අධ්‍යාපන දැනුමක් සහ හැකියාවක් තිබිය යුතුයි කියන දේ. අධ්‍යාපන සුදුසුකම් ගැන නොවෙයි, මා මෙහිදී කතා කරන්නේ. අප විසින් පත් කරනු ලබන පිරිස අධ්‍යාපනිකව යම් මට්ටමක සිටිය යුතුයි කියන කාරණයයි.
ඒ වාගේම තමන් තමන්ට අවංක වුණාම ඒ පුද්ගලයා රටටත් අවංක වෙනවා. ඒ නිසා ජනතාව එවැනි අවංක පිරිසක් තෝරා පත් කර ගත යුතු මයි. එහෙම වුණොත්, මුළු පළාත් පාලන ආයතන සියල්ලේම බිම් මට්ටමින්ම අපට පුළුවන් වෙයි, වංචාවෙන්, දූෂණයෙන් තොර තැන් බවට පත් කර ගන්න. එතකොට මම හිතන්නේ, එතනින් ඉහළට තියෙන තැන්වලටත් අමාරු වෙනවා, නරක ආදර්ශ දෙමින්, රට කරගෙන යන්න.
ඒ වාගේම මේ මැතිවරණයෙන් යහපත් පූර්වාදර්ශයක් දිය යුතුමයි. හොඳ හැකියාවන්ගෙන් පිරුණු මිනිස්සු ටිකක් මේ රටේ දේශපාලනයට ආ යුතුයි කියන මතය තහවුරු කරන්නයි, ඒ වෙනුවෙන් අපට කරන්න පුළුවන් කැප කිරීම සහ සේවය අපි රජයේ සේවයේ නියුතු වෘත්තිකයන් ලෙස උපරිමයෙන්ම කරනවා.

රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් සංඥාවක් මේ මැතිවරණයෙන් දිය යුතුයි
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණානායක

මෙවර පළාත් පාලන ඡන්දයේ දී රටේ සැබෑ වෙනසක් වෙන විදියේ සංඥාවක් දෙන්න බැරි වුණොත්, මේ රටේ ජනතාවට, රටට ඉදිරියේ දී ගොඩ යන්න ලැබෙන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ. මොකද? කතා දෙකක් නැහැ. සම්පූර්ණ ක්‍රමයක් ලෙසම මේ පාලනය අසමත් බව ඔප්පු වෙලා. ආර්ථීකය තව පොඩ්ඩක්වත් ඉදිරියට යා ගන්න බැරි තත්ත්වයකයි තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම රට ගැන පොඩ්ඩක්වත් හිතලා වැඩ කරන්නේ නැහැ. තම තමන්ගේ පැවැත්ම සඳහා විතරයි වැඩ කරලා තියෙන්නේ. ඒක 2020 දීවත් වෙනස් වෙන්න නම්, මේ මැතිවරණයේ දී එහි ආරම්භය සනිටුහන් කළ යුතුයි. ඒ සඳහා රටේ ජනතාව කටයුතු නොකළහොත්, මේ රට තව දුරටත් ගොඩ දමන්න බැරි තත්ත්වයට පත් වේවි. ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන මේ මැතිවරණයේ දී තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. දැනටමත් රටේ ආර්ථීකයේ ප්‍රධාන මර්මස්ථාන ටික එකින් එක නැති කරගෙන නැති කරගෙන ගිහිල්ලයි තියෙන්නේ. තව දුරටත් මෙහෙමම පැවතුණොත්, කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය, ත්‍රීකුණාමලේ තෙල් ටැංකි වගේ රටට ආදායම් ඉපයිය හැකි විශාල සම්පත් ප්‍රමාණයක් දැනටමත් විකුණමින් සිටිනවා. එහෙම වෙලා තියෙන්නේ තමන්ගේ පැවැත්ම, බලය සඳහා පමණක් දේශපාලන තීන්දු, තීරණ ගන්න පාලකයන් පිරිසක් පත් වෙලා ඉන්න නිසයි. ඒ නිසා රටේ ජනතාව මේ තත්ත්වය අවබෝධයෙන් වෙනස් කරන්න පළමු වෙඩිමුරය මේ මැතිවරණයෙන් තැබිය යුතුයි. එහෙම නොවුණොත්, අපේ රට ආයෙමත් වහල් දේශයක් බවට පත් වේවි. විකල්පයකට පසුබිම සකස් වී තිබෙනවා.

‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානයේ සභාපතිනි
සරෝජා පෝල්රාජ්

සියයට 25 ක කාන්තා නියෝජනයක් ඇති කර ගැනිමට හැකි වීමම මේ ඡන්දයට පෙර පටන්ම අපට ලැබුණු ලොකු ජයග්‍රහණයක් විදියට තමයි, අපි සලකන්නේ. ඒක ප්‍රමාණවත් කියලා සෑහීමකට පත් වනවා නොවෙයි. නමුත්, අපේ රටේ කාන්තාවන්ට දේශපාලනයට ප්‍රවේශ වෙන්න ඒක හොඳ ආරම්භයක්.
ඒ වාගේම මෙච්චර කාලයක් තිස්සේ මනාප පොරය හා ධන බලය වාගේම රාජ්‍ය බලය වාගේ කරුණු කාරණා මත වරප්‍රසාද ලත් පිරිසකට විතරයි, බොහෝ විට අවස්ථාව හිමි වෙලා තිබුණෙ. ඉතින්, ඒ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා දැන් කොට්ඨාසයට වග කියන, එහි ජනතාව සමඟ එක පෙළට ජීවත් වන කෙනෙකුට තමයි, මෙම නව ක්‍රමය තුළ ජයග්‍රහණය කළ හැකි වන්නේ. එතකොට ඒ අපේක්ෂකයා සාධාරණය, යුක්තිය ගරු කරන, අගයන කෙනෙක් ද කියන කාරණාව ගැන ප්‍රදේශයේ ජනතාවට වඩාත් සංවේදීව කල්පනා කරන්න ඉඩක් ලැඛෙයි. අනෙක් අතට රට මෙතෙක් කාලයක් අවුරුදු 70 ක් තිස්සේ පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙස බලන්න. ඔවුන් එක පක්ෂයකින් නාමයෝජනා නොලැබුණාම පක්ෂය මාරු කරලා වෙනත් පක්ෂයකින් හෝ නාමයෝජනා ගන්න කටයුතු කරපු අවස්ථා මේ ඡන්දයේදීත් අපට දකින්න ලැබුණා. එතකොට මේ තරමටම මොවුන් මේ අපේක්ෂකත්වය පොරකන්නේ ජනතාවට ආදරය නිසා නොවයි. කොන්ත්‍රාත් ටික බෙදා ගන්න. පළාත් පාලන ආයතන තුළ සංසරණයවන බදු මුදල් ටික ගන්නට වගේ පටු අරමුණු මතයි.
ඒ නිසා මේ වංචා, දූෂණවලට තිත තියන්න, කොට්ඨාසයට වග කියන, ඔබේ බදු මුදල්වලට වංචා නොකරන අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් තෝරා පත් කරන ගන්න ජනතාව බුද්ධිමත් විය යුතුයි. එතකොට අපට හැකියාව ලැඛෙනවා, ගමේ මාතෘ සායන ටික නිසි පරිදි පවත්වාගෙන යාමටත්, අතුරු මාර්ග හා කාණු පද්ධති පිළිසකර කර ගැනීමටත්, කුණු කසළ නියමාකාරයන් ඉවත් කිරීමත් වාගේ අවම වැඩ ප්‍රමාණයක් හෝ නියමාකාරයෙන් සිදු කර ගන්න. එතන දී ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ. මෙච්චර කල් තට්ටු මාරු ක්‍රමයට ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය ගත්ත උදවියගේ අක්‍රමිකතා හා වැරදි කි්‍රයාකලාපය ගැන ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒ නිසා මෙවර මේ කඩාවැටුණු අපේ රට පුංචි තැනින් හරි වෙනස් කළ යුතුයි.
අපේ දරුවන් වෙනුවෙන් හෙට දවස ගැන හිතලා නිවැරදි තීරණයක් ගන්න මේ ඡන්දය භාවිත කළ යුතුයි. ඒ සඳහා විකල්පයකට හැරෙන්න ඕනෑ. දැන් මේ විකල්පයට අදාළ පසුබිම සකස් වෙලයි තියෙන්නේ. ඒ නිසා ජනතාව ධෛර්යවත් විය යුතුයි, ඒ විකල්පයට අතගසන්න.
අවසාන වශයෙන් අපේ රටේ ජනතාවට යෝජනා කරන්න තියෙන්නේ, බිය නොවී මේ වෙනසට ධෛර්යවත්ව එකතු වෙන්න කියන කාරණයයි. තවත් මේ රටට වෙන්න දෙයක් ඉතුරු වී නැහැ. ලෙඩා මෝචරියට දාන්න කලින් අන්තිම වෙදකමවත් කරලා බලනවා වාගේ විශ්වාසයෙන් යුතුව රට නව මාවතකට හැරවීමට ඔබ සැම පෙරට ආ යුතුයි.