නිවිතිගල ජනතාවගේ සහෝදර සිත් දුටුවෙමු

ාෙවතත
ජනතාවගේ අතෙයි හැන්ද තියෙන්නේ… (ප්‍රවීණ සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ)
February 5, 2018
මහමෙරට උඩින් තට්ටු නිවාස
February 5, 2018
Show all

නිවිතිගල ජනතාවගේ සහෝදර සිත් දුටුවෙමු

බසඅසඒයසිාඩය

රත්නපුර දිස්ත්‍රික්කය අපේ රටේ තියෙන සුවිශේෂී දිස්ත්‍රික්කයක්. සබරගමු පළාතට අයිති එම දිස්ති්‍රක්කය සුවිශේෂී වෙන්නේ එහි තිබෙන මැණික් ඉල්ලම් නිසා මයි. ඒ වාගේ ම මැද රට තේ වගාවත්, රබර් වගාවත් දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ප්‍රදේශයේ බහුතර ජනතාවක් ජීවත් වෙන්නේ තේ, රබර් වගාවන්හි සේවකයන් වශයෙන් සේවය කරලා වාගේ ම පතල් කර්මාන්තයෙන්.
සාම්ප්‍රදායික ආකල්ප හා ගතානුගතික අදහස් මුළු රටේ ම බහුතරයක් ජනතාවගේ වාගේ ම තවමත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව තුළත් එහෙ ම ම ඉතිරි වෙලා තියෙනවා අදටත් දකින්නට පුළුවන්. ඒ නිසා ම පැරැණි, ගරාවැටෙන වලව්වලින් පැවත එන සාමාජිකයන් තවමත් ඔවුන්ට අප්පොලා වෙලා තියෙනවා. ඒ අය එදා වාගේ ම අදත් ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ නියෝජිතයන් විදියට පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට ප්‍රදේශයේ ජනතාව විසින් පත් කරලා යවලත් තියෙනවා.
ඒත්, පොදුවේ ගත්තා ම රටේ ජනතාවගේ කිසිදු ගැටලුවකට සාර්ථකව විසැඳුමක් දෙන්න මේ වන තෙක් මේ රට පාලනය කරපු කිසිදු පාලකයකුට හැකියාවක් ලැබිලා තියෙනවා ද කියන ප්‍රශ්නය ඔවුන් හමුවේත් තියෙනවා. ඒ නිසා ම තමන් පීඩාවට පත් කරන ගැටලු තමන්ට ම විසදා ගන්න තරමට ඔවුන් ඉදිරියට ඇවිත් තිබෙනවා.
මෙවර ‘සංචාරක සටහනේ’ අරමුණ එවන් දිරිය මිනිසුන් පිරිසකගේ උත්සාහයක් පිළිබඳව කෙටි සටහනක් තැබීම ය.
රත්නපුර සිට නිවිතිගල හරහා සිදුරුපිටිය හන්දියේ සිට වත්තහේන – පිටකැලය මාර්ගය කිලෝ මීටර් නවයක් දුරට විහිදෙන අතර, එය නිවිතිගල ආසනයට අයත් ය. වසර ගණනාවක් පුරා දැඩි සේ අබලන්ව පවතින මෙම මාර්ගය භාවිත කරන ජනතාව ග්‍රාම සේවා වසම් හයකට අයත් දහස් ගණනක පිරිසකි. එමෙන් ම තේ දලූ ප්‍රවාහණය කරන ලොරි රථ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගනී. මාර්ගය අබලන් තත්ත්වය නොතකා දෛනිකව පෞද්ගලික සහ ලංගම බස් රථ තුනක් ධාවනය වුව ද, එම බස් රථ අබලන්ව මහ මඟ ක්‍රියාවිරහිත වන වාර ගණන අප්‍රමාණ ය. දෛනික කටයුතු වෙනුවෙන් ගමන් කරන මඟීන් මෙන් ම පාසල් දරු දැරියන් ද මේ හේතුවෙන් මුහුණ පාන අපහසු තත්්ත්වය විශේෂයෙන් පැහැදිලි කළ යුතු නොවේ.
වසර 10ක් ඉක්මවන කාලයක් පුරා මෙම අබලන් මාර්ගය පිළිසකර කර දෙන මෙන් ප්‍රදේශවාසීන් නොයෙක් විට අදාළ බලධාරීන් හට කන්නලව් කළ ද, ඵලක් වී නොමැති තත්ත්වයක් තිබිය දී, ජනතා බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, එවකට විදේශ කටයුතු ඇමතිනි, තලතා අතුකෝරල විසින් 2015 නොවැම්බර් 25 වැනි දින මෙම මාර්ගයේ පිළිසකර කටයුතු වෙනුවෙන් මුල් ගල තබා තිබේ.
එදින පිහිටුවන ලද සමරු ඵලකයෙහි සඳහන් කර ඇති ආකාරයට ඒ සඳහා ඇස්තමේන්තු මුදල ලෙස රුපියල් 21,96,06,919.95ක් ද, කොන්ත්‍රාත්කරු වශයෙන් ‘ඊබට් ඇන්ඩ් සන්ස් හෝල්ඩින්ග්ස්’ නම් සමාගමෙහි නම ද සඳහන් ය. 2020 නොවැම්බර් වන විට වැඩකටයුතු නිම කිරීමට අපේක‍ෂිත ලෙස ද සඳහන් ය.
කෙසේ වුව ද, 2017 මැයි සහ ජුනි මාසවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව ද සමඟින් එතෙක් ආරම්භ කර තිබූ මූලික මට්ටමෙහි වැඩකටයුතු ද අතරමඟ නතර කිරීමට අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් කටයුතු කර තිබේ.
1994 වර්ෂයේ සිට නොකඩවා දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් දෙදෙනෙකු ප්‍රදේශයේ ජනතාව විසින් පත් කරනු ලැබ සිටිය ද, ඔවුන් පීඩාවට පත් කරනු ලබන මෙම ගැටලුවට පිළිතුරු ලබා දීම වෙනුවෙන් එකදු ජනතා නියෝජිතයෙකු හෝ ඉදිරිපත් නොවන විට දී ඔවුන් විසින් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද? තමන් වෙනුවෙන් ආණ්ඩුව හා ගනුදෙනු කරනු ලබන නියෝජිතයන් තමන් නොසලකා හරිමින් කටයුතු කරද්දී ජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?
මෙරට පාලකයනට අනුව වසර හැත්තෑවක් පුරා අප රට ගමන් කර ඇත්තේ, සංවර්ධනයේ දිශාවට ය. ඔවුන්ගේ අර්ථදැක්වීම අනුව රට පුරා ඉදි වන අධිවේගී මාර්ග හා අහස සිඹින ඉදි කිරීම් සංවර්ධනයේ සංකේතයන් ය. එහෙත්, ඈත ගම් දනවුවල ගලන ඔය හරහා පාලමක් නොමැතිව අත්වැලක වාරුවෙන් වැල් පාලමක් මතින් අවදානම් ගමන් යන්නන් අදටත් දකින්නට ලැඛෙනුයේ කෙසේ ද?
ගමේ පාලනය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවත්, පළාත වෙනුවෙන් පළාත් සභාවත්, සමස්ත රට ම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවත් වශයෙන් ජනතා නියෝජිතයන් ජනතාව විසින් ම පත් කර සිටිය දී ඔවුන් සැබෑ ජනතා වුවමනාවන් නියෝජනය නොකරන්නේ නම්, ජනතාව කි්‍රයාත්මක විය යුත්තේ කෙසේ ද යන පැනය අප හමුවේ අදටත් ඉතිරිව තිබේ.
අපේ රටේ බොහෝ අතුරු මාර්ග අයත් වනුයේ, ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට වුව ද, මෙතෙක් මෙරට පාලකයන් කටයුතු කර ඇති ආකාරයෙහි විශේෂ වෙනසක් තමන් සම්බන්ධයෙන් ද ඔවුනට නැති බව තහවුරු කර ගත් ප්‍රදේශයේ ජනතාව ‘වත්තහේන දිරිය පුරවැසි සමිතිය’ විසින් ගනු ලැබූ තීරණයකට අනුව මාර්ගය ඉදි කිරීම් කටයුතු සිදු කිරීම ප්‍රජා සහභාගීත්වයෙන් කිරීමට ආරම්භ කර තිබේ. ඒ අනුව මූල්‍යමය වශයෙන් රුපියල් මිලියනයක පමණ මුදලක් ද, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් කරන ලද ද්‍රව්‍යමය පරිත්‍යාගයන් හා ආධාර ද ලබා ගනිමින්, මෙම කටයුත්ත ඔවුන් විසින් අරඹා තිබේ. එහි දී නොයෙක් දෙනා තමන්ට හැකි පමණින් මෙම කාර්යයට දායක වී ඇති අතර, අයෙකු තම ලොරි රථය හෝ ට්‍රැක්ටරය ද, තවත් අයෙකු ඉදි කිරීම් යන්ත්‍රයක් සඳහා වන කුලිය ද ආදී වශයෙන් දායක විය හැකි සෑම අයුරකින් ම තම උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කර තිබේ. ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත් ගල් රෝල භාවිත කොට මාසයකට ආසන්න කාලයක් පුරා දිවා, රාත්‍රි නොතකා වැඩ කරමින්, එම මාර්ගයෙහි අතිශයින් දුෂ්කර කොටසක් වූ කිලෝ මීටර් දෙකහමාරක පමණ දුරක වැඩ අවසන් කිරීමට ඒ අනුව මෙම දිරිය මිනිසුන්ට හැකි වී තිබේ.
එහෙත්, නිමා කර ගත යුතු තව බොහෝ දුරක් ඉතිරිව තිබේ. බලධාරීන් තම වුවමනාවන් ඉටු කිරීම නියෝජනය නොකරන සෑම විටක ම ජනතාව භේද ඉවත ලා ඒකරාශී වීමෙන් අභියෝග ජය ගැනීම බරපතළ කරුණක් නොවන බවට මෙම සිදුවීම සාක්ෂි සපයයි. මෙම මාර්ගය ඉදි කිරීමෙන් වත්තහේන, පිටකැලේගම, දොළොස්ගල කන්ද, ගාල්ලගේ මණ්ඩිය, වැලිපොත හන්දිය, නයියාගල ආදී ගම්මාන රාශියක ජනතාවකට සෙත සැලැසෙන අතරම, මෙම කාර්යය වෙනුවෙන් වත්තහේන විද්‍යාලයේ විදුහල්පති, පෑබොටුවේ අනුරුද්ධ හිමියන්ගේ ආශීර්වාදය සහ අනුශාසකත්වය ද, ගුරු භවතුන්ගේ නොමඳ සහයෝගය ද ලැබී තිබේ. තම ගැටලු විසදා ගැනීම වෙනුවෙන් තමන්ම
ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවට මෙම කරුණ විසින් අපට ආදර්ශ සපයයි. මෙම කාර්යයේ දී මූලිකත්වය ගෙන කටයුතු කළ වත්තහේන දිරිය පුරවැසි සමිතියේ සභාපති මෙන්ම වත්තහේන විදුහලේ ආචාර්යවරයෙකුද වන උපාලි අමරවංශට ද, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශංසාව හිමිව ඇති අතර, මාර්ගයේ ඉතිරි වැඩකටයුතු නිම කරවා ගැනීම වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය ඉදිරියේ දී යොමු වනු ඇතැයි ද ප්‍රදේශවාසීන්ගේ අපේක‍ෂාව වී තිබේ. බලාපොරොත්තු දල්වා ගැනීම හොඳය. එය ඉටු කර ගැනීම වෙනුවෙන් ප්‍රායෝගික සහභාගීත්වය වඩා හොඳ ය¦ ප්‍රතිඵලදායකය.


සටහන: කිත්සිරි කොඩිතුවක්කු
ඡායාරූප: නවරත්න හේරත්