අගමැතිට විරුද්ධ පොහොට්ටුවේ විශ්වාස භංගය බොරුවක්

011
පොහොට්ටු කචල් නිසා බැසිල් පලා යයි
February 6, 2018
cort
අධිකරණයට පමණක් ලොකුවට බෙදීම
February 6, 2018
Show all

අගමැතිට විරුද්ධ පොහොට්ටුවේ විශ්වාස භංගය බොරුවක්

01

බැඳුම්කර කොල්ලය පිළිබඳ පරීක්ෂා කර බැලු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කරුණු පදනම් කරගෙන අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට මහින්ද පිලෙන් කිසිදුම උත්සාහයක් නැති බව තහවුරු වී තිබේ.
බැඳුම්කර වාර්තාවේ තොරතුරු අනුව විශ්වාස භංග යෝජනාව ගෙන එන බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි. නමුත්, මේ ප්‍රකාශය කිරීමට හෝ මහින්ද රාජපක්ෂ අනුමැතිය ලබා දී නොමැති බව අනාවරණය වේ. මේ අතර හිටපු මුදල් ඇමති, රවී කරුණානායකට විරුද්ධව 2016 ජුනි මස 04 වැනිදා විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට නීතිමය උපදෙස් ලබා දුන් නීතිඥයන්ගේ තොරතුරුවලින් හෙළි වන්නේ බැඳුම්කර වාර්තාව පරීක්ෂා කිරීම සඳහා මහින්ද පිල විසින් කිසිදු ම නීතිඥ කණ්ඩායමකට මේ දක්වා යොමු කර නැති බවය.
මහින්ද පිලේ ආරංචිමාර්ග වැඩි දුරටත් තහවුරු කරන්නේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හැරුණු විට අන් කිසිවකු හෝ එම වාර්තාව පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැති බව අභ්‍යන්තර සාකච්ඡාවක දී තහවුරු වූ බවය.


ලංකා මාරසිංහ