ඇමතිවරුන් තුන්දෙනෙක් කුඩු රජවරු

වත=
ගොවිපළ තුනක් විකුණයි
February 6, 2018
රවී
බැඳුම්කරේ මුළු බර රවීට දී අධිකරණයට කොකා පෙන්වයි
February 6, 2018
Show all

ඇමතිවරුන් තුන්දෙනෙක් කුඩු රජවරු

ක=ඩු

මත්ද්‍රව්‍ය ජාවාරමේ අලුත් ම නායකයන් ආරක‍්ෂා කරන දේශපාලන බලවතුන් පිළිබඳව බුද්ධි අංශ විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව ප්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු අලුතින් වැඩේ අතට ගෙන තිඛෙන බව බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජනධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආරක‍්ෂක මණ්ඩලයට ලබා දී තිබේ. හෙරොයින්, කේරළ ගංජා, අධික අනතුරුදායක මත් පෙති, එන්නත් ආදී විවිධ මත්ද්‍රව්‍ය පිළිබඳව පුළුල් හඳුනා ගැනීමක් සේ ම පාසල් දරුවන් ඉලක්ක කර ඇති මත්ද්‍රව්‍ය පිළිබඳව ද එම වාර්තාවේ ඉතා සවිස්තරව සඳහන් කර තිබේ.
එයින් හෙළි කර තිබෙන තවත් වැදගත් දෙයක් වන්නේ බෝට්ටු මඟින් උතුරු ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීම දැන් මීගමු වෙරළ කේන්ද්‍රගතව සිදු කරන බව හෙළි කිරීම ය. මීගමුවෙන් අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත සහ කොට්ටාව කේන්ද්‍ර කරගෙන මෙම මත්ද්‍රව්‍ය රට පුරා ඛෙදාහරින බව දක්වා තිබේ. මේ අතර, පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වතු ජනතාව සඳහා තලවාකැලේ දී පවත්වන ලද රැස්වීමක දී මත්ද්‍රව්‍ය වතුකරයට ගෙන එන ඇමතිලාගේ කලිසම් ඡන්දයෙන් පසුව ගලවන බව එස්. බී. දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙයින් කෝපයට පත් වී සිටින පලනි දිගම්බරන් ඇමතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින්, එස්. බී. දිසානායකට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. වතු ජනතාවට මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳව එස්. බී. කළ චෝදනාව දිගම්බරන් ඇමතිවරයා ද භාරගෙන සිිටින බව මෙයින් හෙළි වේ. පසුගිය රාජපක‍ෂ පාලන සමයේ දී නිමල් ලංසා සහ මර්වින් සිල්වා යන ඇමතිවරුන්ට මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ රැකවරණ සම්බන්ධයෙන් චෝදනා නැඟී තිබූ අතර, මේ දෙදෙනාව ආරක‍ෂා කිරීමට මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා ප්‍රබලව ම මැදිහත් විය.


ලංකා මාරසිංහ