එයාලගේ නිර්වස්ත්‍ර බව හෙළි වෙයි (තිරසාර සංවර්ධනය, වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා)

sri lankan air lines
උනුයි මුනුයි උළා කන ශ්‍රී ලංකන්…
February 6, 2018
pri_56332804
ජනතාවට ඉතිරි නොකර ප්‍රශ්න විසඳන්න මුලපුරමු !
February 6, 2018
Show all

එයාලගේ නිර්වස්ත්‍ර බව හෙළි වෙයි (තිරසාර සංවර්ධනය, වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා)

IMG_2586-245x300

මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳ වංචනික ක්‍රියාව සිදු වූ වහාම අප පුවත්පත ඒ පිළිබඳව පළ කරමින්, එය රටට හෙළිදරවු කළා. ඒ සමඟම මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළා නම්, ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නෑ නේද?

ඒ වෙලාවේ හරියට පරීක‍ෂණයක් කළා නම්, මෙය දුරදිග නොයන්නත් තිබුණා.

එහෙම කළේ නැත්තේ ඇයි ?

ඒ වෙලාවේ එක එක විදියට තොරතුරු ආවා මිසක් මතවාද පැන නැගුණා මිසක් හරියට තොරතුරු හෙළිදරවු වුණේ කෝප් කමිටුවෙන් පසුවයි. පාර්ලිමේන්තුවට තොරතුරු ආවෙත් විවිධ විදියටයි. අවසානයේ කෝප් කමිටුවෙන් පරීක්ෂණ කරලා ආපු තොරතුරු උඩ තමයි, ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කළේ.

මෙම සිදුවීම නිසා බොහෝ දූෂණ චෝදනා එල්ල වී තිබෙන රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අයත් දූෂණ විරෝධීන් ලෙස කතා කරන්න පටන් අරගෙන නේද?

මේ වාර්තාව එළියට දාපුවම හරි. මේක අපට නොපෙනෙන ආශීර්වාදයක්. රාජපක්ෂලා ගහලා තිබුණු හැටියට මේක සුළු මුදලක් කියලා කොමිෂන් සභා වාර්තාව පෙන්වනවා. දෙදහස් අටේ ඉඳලා ඔවුන් බිලියන හාරදහස් පන්සීයක් විතර ගහලා. කොමිෂන් වාර්තාව අපට තවම ආවෙ නැහැ නේ. ඒ අය සුදනො වගේ කතා කරන්නෙ එහෙම තමා. මේ කොමිසම පත් කරලා ඒ හෙළි වන කරුණු තුළින් එයාලගෙ නිර්වස්ත්‍ර බව හෙළිවෙයි. ඒ අය දැන් බයෙන් ඉන්නේ. ඔය කෑ ගහන්නේ ඒවා වහ ගන්නයි.

බැඳුම්කර පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය මොකක්ද?

ඉතින් කොමිෂන් සභා වාර්තාව අපි තවම දැක්කෙ නැහැ නේ. ඒක සම්පූර්ණයෙන් පැහැදිලි විදියට අපි තවම දැකලා නැහැ. අපි දැක්කේ පත්තරවල දාපු ටිකයි, ජනාධිපතිතුමා කෙටියෙන් කළ ප්‍රකාශයයි පමණයි. ඒ වාර්තාව එළිදැක්වුණහම කවුරු හරි වරදක් කරලා තියෙනවා නම්, වරදට චූදිතයො අධිකරණයට මුහුණ දිය යුතුයි. කතාව එච්චරයි. භේදයක් නෑ.

මේ වාර්තාව නිකුත් වූ පසු එය පදනම් කරගෙන පක්ෂයේ බෙදීමක් දක්නට ලැබෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ ?

නෑ. අපේ කිසිම බෙදීමක් නැහැ. යම් කෙනෙකුට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ චෝදනාව තිබෙන කෙනාට එයට මුහුණ දීමේ වගකීම පැවරෙනවා මිසක් ඊට එහා ඛෙදීමක් කිසිම දෙයක් නැහැ. වැරදි කරපු කෙනෙක් ඉන්නවා නම්, ඒ පුද්ගලයා එයට මුහුණ දිය යුතුයි.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කියන්නේ වාර්තාවේ කරුණු දැක්වීම් පිළිගන්නා බවයි. ඒ ගැන ඔබ මොකද කියන්නේ?

කරුණු දැක්වීම කියන ඒවා බැලුවාම සජිත් ඇමතිතුමා සම්පූර්ණ වාර්තාව දැකලා තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මම නම්, දැකලා නැහැ. ඒ ගැන සම්පූර්ණයෙන් හෙළි කරලත් නැහැ. අපට ඒක ලැබිලත් නැහැ. මෙය ඉස්සෙල්ලාම කැබිනට් මණ්ඩලයට ආ යුතුයි. පිටු එක්දහස් ගණනක් තිබෙන වාර්තාව එක පැයකින් බලන්නෙ කොහොමද? අද දීලා විවාද කරන්න පුළුවන්ද?

කොහොම වුණත්, ජනතාව කියන්නෙ ඔබලා හොරු රකින්න ලොකු උත්සාහයක් දරනවා කියලයි. ඔබලාට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ නේද?

ගැලවෙන්න කාටවත් බැහැ. අපි වහන්නෙත් නැහැ. අගමැතිතුමා විපක්ෂයේ ඉඳිද් දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය කාලයේ බටලන්ද කොමිසමට ගිහින් සාක්ෂි දුන්නා වගේ මේ කොමිසමටත් ගියා. සම්පූර්ණයෙන් ප්‍රශ්න කළා. ඒවාට උත්තර දුන්නා. එතුමා දුන්න කරුණුවලින් තවත් තොරතුරු හෙළි වන විදියට අවබෝධ කරලා දුන්නා. ඒ ආර්ථීක විනාශය ගැනයි. ඒ නිසා කිසිම දෙයකින් කවුරුවත් කැඩිල යන්නෙත් නැහැ. අපි වහන්න හදන්නෙත් නැහැ.

ඒ කියන්නේ හොරු රකින්න උත්සාහ ගන්නෙ නැද්ද?

නැහැ. කිසිම විදියකින් නැහැ.


පද්මා වේරගොඩආරච්චි