පුංචි ඡන්දයේ දී අතරමං නොවීමේ තීරණය ගැනීම

170px-Topography_Sri_Lanka (1)
යහපත් රටක් !
February 6, 2018
ranila jayasena
මේ දූෂිත දේශපාලකයන් රටම ලෙඩ කරලා ඉවරයි (විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන)
February 6, 2018
Show all

පුංචි ඡන්දයේ දී අතරමං නොවීමේ තීරණය ගැනීම

ලුsdgsae4

බැඳුම්කර වාර්තාව දැන් මහා ගිනි කෙළියක් කරගෙන දේශපාලන සන්දර්ශන පවත්වන්නේය. මතු පිටට නොපෙනුනාට රනිල් – මෛත්‍රී දෙදෙනා දැන් ඉන්නේ බරපතළම ප්‍රතිවාදීන් බවට පත්වීය. මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කරන්න දෙන්නා එකට ගියාට කිසිම හවුලක් නැත්තේය. රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමට දෙන්නා එකට ගියාට ඒ සන්දර්ශන පමණක් මිස කිසිම හවුල් බවක් නැත්තේ්ය. තවත් තැන්වල එකට ගියාට කිසිම හවුල් පාලනයක් නැති තරමට දුරස් වී ගොස් අවසන්ය. කොහොමටත් බැඳුම්කර මංකොල්ලය සිද්ධවුණු දිනවලම රනිල් – මෛත්‍රී අතර බරපතළ ගැටීමක් ඇති වූයේය. නමුත් එදා ඇති වූ ගැටීම් කිසිසේත්ම බරපතළ වී එළියට ඇවිත් නොතිබුණේය. එළිපිට ඉතා සාමකාමීව කටයුතු කරගෙන යාමට හැකිවී තිබුණේය. ‘මුුලදී රහලු පසුවට වහ වෙනවාලු’ යන ගැමි කියමන සනාථ කරමින් දැන් හවුලේ මහා ආරවුල් පුපුරා යමින් තිබෙන්නේය. ඒ දේශපාලන බලය කේවල් කිරීම් හමුවේය.
බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිට ලබාදීමෙන් පසු මේ ගිනි කෙළි ඉහළම තලයට ගොස් තිබේ. වාර්තාව ලබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාට කිරීමට තිබුණේ එකම දෙයක්ය. නීතිපතිිවරයාට යොමුකර අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමය. වැරදිකරුවන්ගේ තරාතිරම නොබලා දඩුවම් ලබාදීමය. නමුත් ජනාධිපති එය පාවිච්චි කළේ දේශපාලන තුරුම්පුවක් හැටියටය. අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමටය. මෙයින් කෝපයට පත් වූයේ් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පමණක් නොවේය. එක්සත් ජාතික පාක්ෂිකයා බරපතළ කෝපයට පත් වී සිටින්නෝය. ‘අපේ ඡන්දවලින් බලයට ඇවිල්ලා අපිටම ගහනවා’ යන කේන්තිියට පත් වී සිටින්නෝය. පසුගිය තුන්වෙනිදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තනිිකරම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ආධ්‍යාත්මයට එල්ල කළ ප්‍රහාරයක් වී තිබේ. ඔවුන්ට හොඳටෝම රිදවී පීඩාවට පත් වී සිටින්නේ මේ නිසාය.
තමන්ගේ මැති ඇමතිවරුන් සහ පාක්ෂිකයාගේ රිදුණු හිත් හදා ගැනීමට මොකක් හෝ ලොකු දෙයක් කිරීමේ අවශ්‍යතාව රනිල්ට තිබුණේය. ඒ සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට රනිල් සැලසුම් කර තිබුණේ පාර්ලිමේන්තුවේදීය. අගමැතිවරයාගේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේය. ඔහු පාර්ලිමේන්තුවේදී තම බලය පෙන්වීමට සැලසුම් කර තිබුණේය. කථානායකවරයා හරහා පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගෙන තිබුණේ ඒ අනුවය. එදින සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුව රැස් කර තිබුණේ බැඳුම්කර කොමිෂන් සභාව ගැන වාද විවාද කිරීමට නම් නොවේය. අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් කිරීමටය. ජනාධිපතිගේ බලය යොදවා බැඳුම්කර වාර්තාව ගැන මාධ්‍ය සන්දර්ශන පවත්වන විට අගමැති කරන ලද්දේද පාර්ලිමේන්තු සජීවී විකාශනයේ වරප්‍රසාදය ලබා ගනිමින් තමන්ගේ කතාව සජීවීව රටට විකාශනය කිරීමේ අවස්ථාව සලසා ගැනීමය. බලය පිළිබඳ පහත්ම ආකාරයට දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා අතර, තවත් පැත්තකින් කුණු වීමේ ප්‍රමාණය ද හෙළි වී තිබුණේය.
විශේෂ ප්‍රකාශ කිරීමට අගමැති නැගී සිිටින විට ‘රනිල් හොරා, රනිල් හොරා’ යනුවෙන් මහින්ද පිලේ මන්ත්‍රීන් කෑ මොර දෙන්නට පටන් ගත්හ. රනිල් කරගෙන ගිය කතාව නවත්වා ඊට උත්තර දෙන්න ගියේ ‘කවුද හොරා, මහින්ද හොරා’ යනුවෙන්ය. පාර්ලිමේන්තුවේදී මේ ලෙස පහත් සටන් පාඨ හඩ නගන්නේ අහම්බෙන් නොවන්නේය. මේ රටේ දේශපාලන සංස්කෘතිය පෙළ ගැසී තිබෙන පහත්ම ආකාරය ඉතා හොඳින් හෙළි කරමින්ය. මැතිවරණ සමයේ ඡන්දදායකයන් දියුුණු දේශපාලන සංස්කෘතියක් පිළිබඳව යම් අවම හෝ බලාපොරොත්තුවක් තබාගෙන සිටින්නේ නම් ඒ සඳහා තිඛෙන ඉඩ ඉතා අල්ප බව තහවුරු කර තිබෙන්නේය. ඡන්දදායකයන්ට මේ මගින් ප්‍රබල ලෙස බලපෑම් කෙරෙන්නේ පහත්ම දේශපාලන සංස්කෘතියකට අනුගත වන ලෙසය. ‘රනිල් හොරා’ යනුවෙන් කෑමොර දෙන විට මහින්ද පිලේ අනුගාමිකයන් පහත්ම ආශ්වාදයකින් ඒ වටා එකතු වන්නෝය. ‘මහිින්ද හොරා’ යනුවෙන් හඩ නගන විට එක්සත් ජාතික පාක්ෂිකයන් ඒ වටා පෙළ ගැසෙන්නෝය. දියුණු දේශපාලන චින්තනයක්, දැක්මක් වෙනුවට තම තමන්ගේ නායකයන් ලබා දෙන ඉතා පහත් ආකල්ප වලට වශී වන්නේය.
අනික් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රීගේ ඡන්දගොඩට බැට දීමටය. මෛත්‍රී යූඑන්පී එකට බැට දී ඡන්ද වැඩිකර ගන්න උත්සාහ කරන විට යූඑන්පිය කල්පනා කරන්නේ තමන්ගේ ඡන්දදායකයා රැක ගැනීමට නම් මෛත්‍රීට බැට දිය යුුතු බවය. මේ වන විට තැනින් තැන කියමින් යන්නේ එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න බැඳුම්කර වාර්තාවක් හදාගෙන තිබෙන බවය. යූඑන්පී ඇමතිවරුන් කියන්නට පටන්ගෙන සිටින්නේ මෙයයි. තමන්ගේ පාක්ෂිකයා පහසුවෙන්ම ගලවා ගැනීමටත් ඔවුන් රැඳවා ගැනීමටත් නායකයන් කරන්නේ මේ වගේ උපක්‍රමයක් අනුගමනය කිරීමය. රට තුළ හරවත් දේශපාලන සංවාදයක් ඇති වීමට තිබෙන ඉඩ සම්පූර්ණයෙන්ම මේ තුළින් වසා දැමිය හැකි වන්නේය. පළාත් පාලන මැතිවරණ සංවාදය නියමිත ප්‍රධාන මාතෘකාවලින් ඉවත් කර හුදු අවලාද මඩ පිටියක් බවට පත් කර ගැනීමට මේ වන විට දරා තිබෙන ප්‍රයත්නය වුවද හොඳටෝම ප්‍රමාණවත් තරම්ය. නමුත් ජනාධිපති මෛත්‍රීගේ මැතිවරණ ප්‍රචාරක රැලිය අනුරාධපුරයෙන් ඇරඹීමේදී සුසිල් ප්‍රේමජයන්ත වැනි අය පවා මතු කළේ බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැනය.
මේ ප්‍රහාරවලට උත්තර දෙන්නට වෙනත් ආකාරයක්ද එක්සත් ජාතික පක්ෂය විසින් හොයාගෙන තිබෙන බව පැහැදිලිය. තැනින් තැනදී ඇමතිවරුන් කියන්නට පටන්ගෙන ඇත්තේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා 34 ගැනද ක්‍රියා කළ යුතු බවය. මෙම වාර්තා වලින් හෙළි වූ වැඩි ප්‍රමාණයක වැරදිකරුවන් දැන් සිටින්නේ මෛත්‍රී ළඟය. ඉතිරි පිරිස මහින්ද ළඟමය. අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත් ආදීන් දැන් ඉන්නේ මෛත්‍රී ළඟය. මේ නිසාම එක්සත් ජාතික පක්ෂයෙන් කියන්නේ වාර්තා 34න් වැරදිකරුවන් බව හෙළි කර සිටින අයටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බවය. නමුත් මෛත්‍රී මේ වාර්තා 34 තමන්ගේ ළඟ තබාගෙන හිරකරගෙන සිටී. මහින්ද කළ දේම ඊටත් වඩා හොඳින් දැන් මෛත්‍රී කරමින් සිටින්නේය. නමුත් ඊට විරුද්ධව ක්‍රියා කිරීමේ කිසිම හැකියාවක් එක්සත් ජාතික පක්ෂයට නැත්තේ තමන්ගේම හොරකම් නිසාය.
එක්සත් ජාතික පක්ෂයට විතරක් නොවේය. දැන් මෛත්‍රී ශ්‍රී ලංකා එකටවත්, මහින්දගේ පොහොට්ටු පක්ෂයටවත් කිසිම කෙනෙකුට හොර දූෂණ ගැන කතා කිරීමට හැකියාවක් කිසිිසේත්ම නැත්තේය. මහින්දගේ පාලන සමයේ සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය අපරාධ වසාගෙන දැන් මේ හවුල් ආණ්ඩුවේ මහජන දේපළ සහ මූල්‍ය මංකොල්ලයන් ඉහළ යමින් තිබේය. එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කීමට මෛත්‍රී නොගන්නා උත්සාහයක් නැත. විවිධ ප්‍රකාශ එක එක වෙලාවට කිිරීමෙන් තමන් සුදනා බව පෙන්වීමට මෛත්‍රී ක්‍රියා කරයි. නමුත් සත්‍ය වශයෙන්ම ‘සුදනා’ විය හැක්කේ කතාවලින් නොව ක්‍රියාවෙන්ය. ක්‍රියාවෙන් දශමයක හෝ පියවරක් තැබීමට ගෙවී ගිය අවුරුදු තුන තුළදී මෛත්‍රී සමත් වී නැත්තේය. අසමත් වූවා පමණක් නොව ඊළඟ දෙවෙනි වාරයේ ජනාධිපතිකම ලබා ගැනීමටද සැලසුම් කරමින් සිටින්නේය. බැඳුම්කර වාර්තා සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් නීතිපතිවරයා මගින් අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට බොරු දේශපාලන සන්දර්ශන පවත්වා අනික් පැත්ත හැරී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන්ගේ ජනාධිපතිධුර කාලය පිළිබඳ මතය විමසා තිබේය. මහින්ද පිලේ හොරු, රනිල් පිලේ හොරු සහ තමන්ගේම පිලේ හොරුන් වටකරගෙන සිටියදී ඊළඟට ජනාධිපතිවීමේ අරමුණ කෙසේ හෝ ඉටු කර ගැනීමට මෛත්‍රී සූදානම් වන බව මෙයින් පැහැදිලි වේ.
ඊළඟ ජනාධිපතිකම ලබා ගැනීම ගැන මෛත්‍රී කල්පනා කරන අතර, සීතල යුද්ධය මැතිවරණ සමයේ උණුසුම් වී පිපිරී යාම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්ව අවසන්ය. මේ නිසා දැන් රනිල්, මෛත්‍රී, මහින්ද තුන් කට්ටුවම එකම අරමුණකින් ක්‍රියා කිරීමට පටන්ගෙන ඇති බව පැහැදිලිය. ඒ හොරුන් ගැන කතා ඇවිස්සීමය. බොරු රණ්ඩු ඇති කර ගැනීමය. පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතදීද එකිනෙකාට විරුද්ධව ප්‍රහාර එල්ල කර ගැනීමය. මේ තුළින් තම තමන්ගේ පාක්ෂිකයන්ගේ හැඟීම් අවුස්සා ගැනීමට මාන බැලීමය. ඡන්ද ටික කොල්ල කා ගැනීමට තිඛෙන ඉතා පහසු, ලේසිම මාර්ගය ලෙස තෝරාගෙන ඇත්තේ මෙය බව දැන් හොඳටම පැහැදිලිය. රනිල් බලන්නේ කෙසේ හෝ ජනාධිපති පුටුවට පැනීමටය. මෛත්‍රී බලන්නේ ඊළඟටත් ජනාධිපති වී තමන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. මහින්ද බලන්නේ දැනට ප්‍රකාශ කර තිබෙන ආකාරයට මේ මැතිවරණයෙන් හෝ අගමැතිවීමටය.
තුන් ගොල්ලම ගෙන යමින් තිබෙන මේ දේශපාලන ගේම අතර ජවිපෙ තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යමින් සිටින්නේය. මේ වෙනස්කම් ජනතාව ඉතාම නිවැරදිව තේරුම් ගැනීම අවශ්‍යය. පුංචි ඡන්දයේදී තමනුත් අතරමං නොවී රට අතරමං නොකර පැහැදිලි ඉදිරි අනාගතයක් පෙන්වන දේශපාන ගමනකට මුල පිරීම අවශ්‍ය වන්නේය. පුංචි ඡන්දය ආණ්ඩු පෙරළීමට නොව රට යහපත් දේශපාලන දැක්මක් දිනා දීමේ ශක්තිමත් අඩිතාලමක් කර ගත හැකිය. බැඳුම්කර කොමිෂන් සභා වාර්තා, ජනාධිපති විශේෂ විමර්ශන ඒකක වාර්තා පමණක් නොව පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාද ඇති තරම් එළිදක්වා තිබෙන්නේය. ඒ හැම එකක්ම හොරු කවුරුදැයි හොඳින් හෙළි කර තිබෙන්නේය. එවැනි වාර්තා පදනම් කරගෙන විවිධ විච්චූර්ණ සංදර්ශන පැවැත්වීමට දැන් කල් දුන්නා හොඳටෝම වැඩිය. ජනතා බලයක් පිහිටුවා වැරදිකරුවන්ට අධිකරණය මගින් නිසි දඩුවම් පමුණුවන වැඩපිළිවෙළකට රටම එක පොදියට එක්විය යුතුය. මේ පුංචි මැතිවරණය ඒ වෙනුවෙන් යොදා ගැනීම ජනතාවගේ වගකීම වී තිබෙන්නේය.


ජගදාක්ෂි