පොහොට්ටු කචල් නිසා බැසිල් පලා යයි

weeeee
අල්ලේ ගොවි ජනපදය යට වෙන්න ළඟයි
February 6, 2018
01
අගමැතිට විරුද්ධ පොහොට්ටුවේ විශ්වාස භංගය බොරුවක්
February 6, 2018
Show all

පොහොට්ටු කචල් නිසා බැසිල් පලා යයි

011

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය මැතිවරණයට ගෙන ඒම දක්වා ප්‍රබල වැඩ කොටසක් ඉටු කරන ලද බැසිල් රෝහණ රාජපක්ෂ මැතිවරණ සමයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ පමණක් නොව සංවිධාන කටයුතුවලට මැදිහත් නොවී පලා ගොස් සිටින බවට තොරතුරු අනාවරණය වේ.
මේ පිළිබඳ පොහොට්ටු පිළේ පිළිතුර වී ඇත්තේ, සංවිධාන කටයුතු කිරීමේ දක්ෂකමක් බැසිල්ට තිබුණ ද, විවිධ මත දරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී බරපතළ ගැටුම් ඇති කර ගන්නා බැවින්, මැතිවරණය නිමවන තුරු විවේකයක් දී ඇති බවය. තවත් තොරතුරකින් හෙළි වන්නේ නාමල් රාජපක්ෂ සමඟ ඇති වූ බරපතළ ගැටීමක් හේතුවෙන් දෙදෙනාම නිහඬ කර තබා ඇති බවය.
නමුත්, මේ සම්බන්ධයෙන් මෛත්‍රීර පිලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවෙන් බැසිල් රාජපක්ෂ කර තිඛෙන අති විශාල මූල්‍ය අපරාධ ප්‍රමාණයක් හෙළි වීම නිසා ආරක්ෂා වීමට නිහඬ වී සිටින බවය. බැසිල් පමණක් නොව පොහොට්ටුවේ බොහෝ පිරිසක් බරපතළ ලෙස අකි්‍රය වී සිටින බවද, එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස නම් කර සිටින කුමාර වෙල්ගම මාධ්‍යයට පවා සම්බන්ධ නොවී සිටින බව පැවසේ.


ගයාන් රූපසිංහ