බැඳුම්කර වාර්තාව ගොන් පොරයක් කර ගැනීම

cort
අධිකරණයට පමණක් ලොකුවට බෙදීම
February 6, 2018
sri lankan air lines
උනුයි මුනුයි උළා කන ශ්‍රී ලංකන්…
February 6, 2018
Show all

බැඳුම්කර වාර්තාව ගොන් පොරයක් කර ගැනීම

No_election_badumkara_set_2

බැඳුම්කර කොල්ලය පිළිබඳව පරීක්ෂා කර බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව භාර දීමත් සමඟ කොමිසමේ කටයුතු අවසන් විය. දැන් එය පදනම් කරගෙන විෂය ප්‍රවීණයන් සහ විද්වතුන් මෙන්ම අනෙකුත් ඒ කෙරෙහි උනන්දුවක් දක්වන්නන් අතර පුළුල් සංවාදයක් සමාජමය වශයෙන් ඇති විය යුතුය. ජනාධිපතිවරයා මේ වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් කරන බව ප්‍රචාරය කරන විට ඇතැම් අය කල්පනා කළේ එම කතාව එවැනි සංවාදයකට ප්‍රවේශයක් සලසාවි යන්නය. නමුත්, ජනාධිපති කළේ කන්දක් විලි ලා මී පැටවෙකු වැදීමක් හා සමාන වූවක් පවා නොව නිකම්ම නිකම් පොල් කෙන්දක් වැමෑරීම වැනි දෙයක්ය.
එම ප්‍රකාශය එතනින් නතර වූයේ ද නැත. ප්‍රකාශය පදනම් කරගෙන ගොන් පොරයක් ඇති වී තිබේ. එය බලා හුරේ දමා ආතල් ගන්නා අයට හොඳහැටි ආතල් ගත හැකිය. නමුත්, වාර්තාව පදනම් කරගෙන හරවත් සංවාදයක් ඇති වීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම මේ ගොන් පොරය මගින් අහුරා දමමින් තිබේ. මුල දී පිටියේ දූවිලි අවුස්සා, පස් කාගෙන අවට දෙවනත් කරමින්, මහා දූවිලි වලා මවමින් සිටියේය. එයින් නතර නොවී මූත්‍රා ගංගා මුදාහැර ගොම ඛෙටි හලා මුළු පිටියම නරකාදියක් කරමින් සිටී. එක් පැත්තකින් රවී කරුණානායක නාස්පුඩු පුම්බා පිඹිමින්, එයට එක් වේ. අගමැති සුපුරුදු පරිදිම දිය යටින් ගින්දර ගෙන යන ගමනේ පියවරයන් ක්‍රියාවට නගමින් ගොන් පොරයට හොඳ පිටියක් හදමින්ය. තවත් පැත්තකින් ගොන් රැළක් පිටියට එන්නේ දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය නමින්ය. ඒ මහින්දගේ කල්ලියේ අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා ආදීන්ය. වල්ගා කරකවා, පස්සා ගාත් උස්සා නාස්පුඩු පුම්බා පිඹිමින්, මේ ගොන් පොරයට අවතීර්ණ වන අයුරු පැහැදිලිය.
කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිට භාර දුන්නේ 2017 දෙසැම්බර් මස 30 වැනිදාය. එසැණින් ජවිපෙ තොරතුරු දැනගැනීමේ පනත යටතේ වාර්තාව හෙළි කරන ලෙස ඉල්ලීය. ඒ අතර ජනාධිපතිවරයා කළේ වාර්තාව අනුසාරයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමේ රංගනයයි. එයට ප්‍රතිචාර ලෙස 04 වැනිදාම ජවිපෙ නායක අනුර දිසානායක කතානායකවරයගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ වාර්තාව පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව
රැස් කරන ලෙසය. පාර්ලිමේන්තුව රැස් කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසය. ඔහු එම ලිඛිත ඉල්ලීම කරමින් කතානායකවරයාට යැවූ ලිපියේ මෙසේ සඳහන්ය:
‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය වගකීම ඇත්තේ, පාර්ලිමේන්තුවටය. එසේම ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයට අදාළ නීති ගණනාවක් සංශෝධනය කිරීමට ද, රජයට අහිමි කරන ලද මුදල් කඩිනමින් අත්පත් කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ද ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එසේම ජනාධිපතිතුමා විසින් එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ප්‍රකාශයට පත් කර ඇති අතර, එය කඩිනමින් ලබා ගත යුතුව ද තිබේ.’ මේ ආදී වශයෙන් මූලික නීතියේ සඳහන් කරුණු ද, එයට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ක්‍රියාවට නැගීම, නීති සංශෝධනය කර මුදල් අය කර ගැනීම, වාර්තාව පාර්ලිමේන්තුවට ලබා ගැනීම ආදී පියවරයන් සඳහන්ය. එම වාර්තා පාර්ලිමේන්තුවට ලබාගෙන විවාද කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව ලිපියෙන් අවධාරණය කෙරී ඇත.
මෙසේ තිබිය දී නින්දෙන් ඇහැරුණු අයෙකු සේ කිසිම සැලසුමක් හෝ නීතියක්, රීතියක් නොමැතිව අගමැති පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලා ඇති බව මාධ්‍ය මඟින් ප්‍රකාශ කෙරිණි. 10 වැනි දින පාර්ලිමේන්තුව රැස් කරන ලද්දේ ඒ අනුවය. එදින වන විට ගොන් පොරපිටියට පාර්ලිමේන්තුව ද එක් කරගෙන අවසන්ය. ඒ බව 10 වැනිදා ඉතා මනාව පැහැදිලි විය. නමුත්, මෙවැනි බොරු දේශප්‍රේමී විහිළු නාටකවලින් ඇස් අන්ධ කර නොගෙන බැඳුම්කර කොමිෂන් වාර්තාව යට ගැසීමට ගෙන යන ගොන් පොර කෙළිය පිළිබඳව ද තේරුම් ගත යුතුය. අගමැති, කතානායකගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව රැස් කළ බව කියා තිබිණි. මෙයින් ව්‍යංගයෙන් මතු කළ අර්ථය වූයේ අගමැතිගේ නිර්භීතකම නිසා ඉදිරිපත්  වී බැඳුම්කරය ගැන විවාද කිරීමට පාර්ලිමේන්තුව රැස් කරවීමට මැදිහත් වූ බවක් දැක්වීමය.
ඉන් පසු රවී කරුණානායක මාධ්‍ය පිරිවරාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තොරතුරු පනත යටතේ බැඳුම්කර වාර්තාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කෙරිණ. එහිදී රවී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තමාගේ නිර්දෝෂී භාවය නිසා මෙසේ පැමිණ වාර්තාව ඉල්ලා සිටීමට තරම් නිර්භීත වූ බවය. හොරු ඇල්ලීමට යන විට හොරා දුවන්නේ ද ‘ඔන්න හොරෙක් අල්ලපියෝ…’ යනුවෙන් කෑ ගසමිනි. රවී ක්‍රියා කළේ මේ රටේ මිනිසුන් ගොන් රැළක් සේ සලකාය. කෙසේ හෝ රවී ඒ පැත්තෙන් මාධ්‍ය විගඩම් කරමින්, ප්‍රකාශ කර තිඛෙන්නේ බැඳුම්කර කොමිසම මේ මැතිවරණ සමයේ තමන්ගේ චරිතය ඝාතනය කිරීමට අටවන ලද උගුලක් බවය. නමුත්, සජිත් ප්‍රකාශ කර තිබුණේ, බැඳුම්කර කොමිෂන් වාර්තාව මගින් කරුණු හෙළි වී ඇති බවය. ඒ ගැන අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු ප්‍රකාශ කර තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ බැඳුම්කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි බෙදීමක් තිබෙන බවය. ගොන් පොරයකට සූදානම් වන කීප දෙනෙකු විවිධ කරුණු ප්‍රකාශ කරන අතර, කොමිෂන් වාර්තාව පදනමක් සහිත බව ප්‍රකාශ කරන පිරිසක් ද සිටිති. මේ අතර තවත් පැත්තකින් ගොන් පොරයට පැමිණ සිටින්නේ මහින්ද කල්ලියේ පිරිසක්ය. අජිත් නිවාඩ් කබ්රාල් සහ නාලක ගොඩහේවා ප්‍රමුඛ දේශප්‍රේමී වෘත්තික සංසදය යැයි කියා ගන්නා කල්ලියේ තප්පුලෑම්ය. එයට හේතු වී ඇත්තේ, 2008 සිට 2014 දක්වා කාලය තුළ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදු කරන ලද කොල්ලයන් පිළිබඳව ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙන බව ප්‍රකාශ කිරීමය. මේ නිඝණ්ඨනාථ හොර දේශප්‍රේමී වෘත්තිකයන් ප්‍රකාශ කරන්නේ එම කාලයට අදාළ බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් නිකුත් කර ඇති අතර, එහි එවැනි කොල්ලයක් අවධාරණය කර නැති බවය. කබ්රාල්ලා, නාලක ගොඩහේවාලා බබ්බු වෙන්නේ එසේය.
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස ද, නාලක ගොඩහේවා විනිමය සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස ද කරන ලද මූල්‍ය අපරාධවල තරම රුපියල් ප්‍රකෝටි ගණනින්ය. හවුල් ආණ්ඩුව මේ මහා මූල්‍ය අපරාධකරුවන් ගැන කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමේ ප්‍රතිඵල ගලා එන්නේ මෙසේ ඔවුන් සුදනන් වීමට දැඟලීමෙනි. රාජපක්ෂලාගේ ජාවාරම් කොටසක් කළේ කබ්රාල්ය. හෙජින් ගිවිසුම්, ග්‍රීක බැඳුම්කර, මහ බැංකුවේ රන් සංචිත විකිණීම, එල්ටීටීඊය සතුව තිබූ රත්රන් විකිණීම, එම සංවිධානයේ මුදල් විදේශගත කිරීම ආදිය කබ්රාල්ගේ කෙළිවලින් කීපයක්ය. ආචාර්ය පට්ටමක් ද තිබෙන බව කියන නාලක ගොඩහේවා අනෙක් නිඝණ්ඨ දේශප්‍රේමියාය. රාජපක්ෂලාගේ කටයුතුවලට වඩා රාජපක්ෂ කුරුට්ටන්ගේ මූල්‍ය ජාවාරම් සුරක්ෂිතව මෙහෙය වූ මහ මොළකරුය. මේ සඳහා ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාවේ සිටි ඉන්ද්‍රානි සුගතදාස සහ ආචාර්ය තිලක් කරුණාරත්න යන දෙදෙනාම සභාපති පදවිවලින් පළවා හරිනු ලැබීය.
විනිමය කොමිසමෙන් පාලනය කෙරෙන කොළඹ කොටස් වෙළෙඳපොළ නීතිරීතිවලට අනුකුලව පාලනය හා නියාමනය කිරීමට බලවත් උත්සාහයක් දැරූ දෙදෙනෙක්ය. නාලක ගොඩහේවා එම කොමිසමට පත් කර කරන ලද මූල්‍ය ජාවාරම්වල තරම තවමත් කිසිවකු හෝ ගණන් බලා නැත. බැඳුම්කරයට නොදෙවැනි තරමට සේවක අර්ථසාධක අරමුදල් ආදිය කොල්ලකා කොටස් වෙළෙඳපොළේ ජාවාරම්වලට යෙදවීය. ඒ වූ උන් දැන් මාධ්‍ය හමු තබමින්, වල්ගා කරකවා අඹරා, පස්සා ගාත් උස්සා පිඹින්නේ, ගොන් පොරයකට මිස අන් යමකට නොවේ.
බැඳුම්කර කොල්ලය මේ ගොන් පොරපිටියේ මැකී යාමට ඉඩ නොදිය යුතුව තිබේ. 2015 අගෝස්තු මහ මැතිවරණය සමයේ බැඳුම්කර කොල්ලය පිළිබඳව චෝදනා කරමින්, මහින්දගේ ඇම්බැට්ටයන් දෙදෙනෙකු නඩු දැමීය. ඒ සම්බන්ධ දතට දත න්‍යාය අනුව එජාපයේ නියෝජිතයන් මහින්ද, කබ්රාල් බානගේ ග්‍රීක බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු දැමීය. ඡන්දය අවසන් වන විට ම දෙපැත්තේ නඩු ඉල්ලා අස් කර ගැනිණ. ගොන් පොර ගෙන යන්නේ ඔය ආකාරයටය. දැන් මේ ඡන්ද සමයේ බැඳුම්කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් අනුගමනය කිරීමට සූදානම් වන්නේ ද එයම බවට අටුවා ටීකා අනවශ්‍යය. පොළොවේ පස් කාගෙන, මළ මූත්‍ර හලාගෙන පිඹගෙන කිරීමට යන්නේ  එයමය.


ලංකා මාරසිංහ