මිනිස් පා ස්පර්ශ වුණු පාර දිගේ, පතිරාජ

school class
විභාගයේ අභාගය
February 6, 2018
_99436032_3a6be9ca-6da3-4225-b917-9cf64b0401f1
ඉරානය ගිනි දැල් මැද ට්‍රම්ප්ගේ ගිනි කෙළි
February 6, 2018
Show all

මිනිස් පා ස්පර්ශ වුණු පාර දිගේ, පතිරාජ

fillm

සිංහල සිනමාව නම් වූ පුරන් කෙත පාමුල 1956දී ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් විසින් හොඳින් තලය සහිත මිට සවිමත් උදැල්ලක් ගෙනැත් තබන ලදී. 1974දී ධර්මසේන පතිරාජයන් එම පුරන් කුඹුර අස්වැද්දුවේ ය. ‘අහස් ගව්ව’ ඔහුගේ පළමු වෘතාන්ත සිනමා පටයයි. ඊට පෙර පතිරාජයන් විසින් විචාර සම්මානයට පාත්‍ර වූ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබිණි. පතිරාජයන්ගේ සිනමාගමනය සිදු වන්නේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ සිනමා පටයට සම තිරනාටක රචකයකු ලෙස සම්බන්ධ වීමෙනි. පතිරාජයන්ගේ සිනමාවේ මුල් යුගය එනම්, 1981 දක්වා කාලය තුළ ඔහු අධ්‍යක‍ෂණය කළ සිනමා පට සය ඔහුගේ සිනමාවේ අස්වනු සමය සේ නම් කළ හැකි ය. ඒ අතර සිංහල සිනමා පට පහක් සහ එක් ද්‍රවිඩ භාෂා සිනමා පටයක් හමු වෙයි. ‘අහස් ගව්ව’ (1974), ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977), ‘පොන්මනි’ (1977), ‘බඹරු ඇවිත්’ (1978), ‘පාර දිගේ’ (1980), ‘සොල්දාදු උන්නැහේ’ (1981) එකී සිනමා පටයි. විශේෂයෙන් ම පතිරාජයන්ගේ සිනමාව තුළ පොදු ජනතාව වෙනුවෙන් විවර වුණු අතිශය අවංක, ශීලාචාර සිනමාවක් පෙන්නුම් වන බව ලිවිය යුතුව තිබේ. කොළඹ නගරයේ වේවා, ගමේ වේවා, මුහුදු වෙරළේ වේවා, උතුරුකරයේ වේවා මේ සෑම තැනක ම වෙසෙන්නේ මිනිසුන් බවත්, ඒ හැම මිනිසෙකුට ම පොදුවේ ජීවිත වුවමනාවන් රැසක් පවතින බවත්, එවන් වුවමනාවන්ට සංස්කෘතික මෙන් ම ආර්ථීක වශයෙන් ඉතාමත් අශිෂ්ටසම්පන්න වූ සීමා මායිම් රැසක් පවතින බවත් ඔහු කියයි. ඔහුගේ සිනමාවේ දෙවැනි යුගය ඇරැඹෙන්නේ ‘මතු යම් දවස’ (2001) සිනමා පටයෙනි.
නමුත්, මා වඩාත් වාසනාව කොට සලකන්නේ ඔහුගේ මුල් සිනමාව ඇසුරේ වැඩි කාලයක් විසීමට ඉඩ-කඩ ලැබීම ය. පතිරාජයන් සිය මුල් සිනමා පටය වූ ‘අහස් ගව්ව’ තුළ සිදු කරන්නා වූ ආකෘතිමය වෙනස නිර්භීත ය. අපිළිවෙළක් සහිත වූ ජීවිතවල පදනම් විරහිත ස්වභාවය, අවිධිමත් ස්වභාවය විටෙක අති සමීප රූප ඔස්සේත්, බොහෝ විට දුර රූප ඔස්සේත් ප්‍රකට වන්නට සලස්වයි. සිනමා පටයේ මූලික විධිමත් ගතියක් නැත. සැකැස්ම අවිධිමත් ය. දෙබස් නාටකීය බවෙන් දුරස් වූ සාමාන්‍ය සජීවී ස්වභාවයක පිහිටයි. විමල් කුමාර ද කොස්තා දිනක් මා හට මෙසේ කීවේ ය.
සමහර සීන්වල දී මොනව ද බං ස්කි්‍රප්ට් එකේ ඩයලොග් කියලා ඇහුව ම පතී කියනවා, ස්කි්‍රප්ට් එකේ එතැන ඩයලොග් නෑ බං. ඔන්න ඔය මොනව හරි කියහං කියල…
එකී සජීවී ස්වභාවය විශේෂයෙන් ම පතිරාජයන්ගේ ‘අහස් ගව්ව, ‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ’ ආදී සිනමා පටවල දැකිය හැක. ඒ කාර්යය එසේ කළ හැක්කේ අතිශය ප්‍රබල වස්තු විෂයයන් සහිත තැන්වල දී පමණි. එසේ නොමැති කල කෘතිය අන්ත අසරණ වනු ඇත. මෙම සජීවීතාව වරෙක ප්‍රංශ නවරැල්ලේ සිනමා ගති ලක‍ෂණ පිළිබිඹු කරන අතර ම තවත් වරෙක විකාරරූපී නාට්‍ය කලාවේ ලක‍ෂණ මතු කර දැක්වෙන බව ප්‍රකට සිනමා විචාරක, සුනිල් මිහිඳුකුල සිය ‘සිනමාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ’ කෘතියේ පෙන්වා දී තිබේ. තවත් අතකින් ඔහුගේ සිනමාව බොහෝ විට සත්‍යය සිනමා ශෛලියක් (Cinema Vertite) පෙන්නුම් කරයි. මෙකී සිනමා ශෛලිය 1950 දශකයේ පමණ ප්‍රංශයේ භාවිත කොට ඇත්තේ වාර්තා සිනමා පට ආදිය රූපගත කිරීම් සඳහා බැව් ජස්ටින් වෙලගමගේ සම්පාදිත ‘සංක‍ෂිප්ත සිනමා විශ්වකෝෂයේ’ සඳහන් ය. එහි තව දුරටත් මෙසේ සඳහන් වේ. විශේෂයෙන්  මෙම වාර්තා ශෛලියේ සිනමාව ජංගම ස්වරූපයක් ගනී. කැනේඩියානු ජාතික ඇලන් කිං විසින් නිර්මාණය කළ දැඩි මානසික ආතතීන් සහිතව ජීවත් වන ළමුන් දොළොස් දෙනෙකුගේ සුමාන කිහිපයක ජීවන තතු ගවේෂණය කොට රූපගත කළ Warrendale  (1967) මෙම සිනමා ක්‍රමවේදය අනුව නිර්මාණය වුණු උසස් කෘතියක් ලෙස සැලැකෙයි. එහි දී මෙම ක්‍රමවේදය ඔස්සේ නිරූපණය වූයේ රංගන ශිල්පීන් නොව සාමාන්‍ය මිනිසුන්ගේ ස්වාභාවික ජීවන රටාවන් ය. නමුත්, මෙම කාර්යය වඩාත් සාර්ථකව රංගන ශිල්පීන් ඇසුරෙන් ඉටු කර ගැනීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. ඒ මන්ද, රංගන ශිල්පීන්, ශිල්පිනියන් පුරුදු වුණු ආවේණික ක්‍රම තිබීම ය. ඔවුන් ඉන් ගලවා ගැනීම සිතන තරම් පහසු නොවේ. විශේෂයෙන් ම සිංහල සිනමාවේ මුල් යුගයේ මෙන් ම අතිශය ජනපි්‍රය වූ 60-70 දශකවල පවා පෙම්වතා, පෙම්වතිය, විකටයා, දුෂ්ටයා ආදී ප්‍රතිරූපවලින් පිටත සිට කල්පනා කරන්නට සිනමා ප්‍රේක‍ෂකයන් සූදානම්ව සිටියේ නැත. නමුත්, ‘අහස් ගව්වේ’ ප්‍රධාන චරිතය වූ විෙජ්ට රංගනයෙන් දායක වූ අමරසිරි කලංසූරියගේ පටන් විමල් කුමාර ද කොස්තා, ස්වර්ණා මල්ලවආරච්චි, වික්‍රම බෝගොඩ, සිරිල් වික්‍රමගේ, පියසේන අහංගම, සෝමසිරි දෙහිපිටිය, දයා තෙන්නකෝන් මතු නොව විජය කුමාරතුංග දක්වාත් අතිශය ස්වාභාවික රංගනයක පිහිටුවන්නට පතිරාජයන් දක්වන උනන්දුව අපතේ නොගිය එකකි. විශේෂයෙන් ම ලංකාවේ අතිශය ජනප්‍රිය සිහින තරුවක් වූ විජය කුමාරතුංග පතිරාජයන්ගේ සිනමාව තුළ දී ඉහළ අහසින් මහ පොළොවට බසී. විචාරකයන්ගේ අදහස වන්නේ විජයගේ හොඳ ම රඟපෑම් දක්නට ඇත්තේ, ‘පාර දිගේ’ සිනමා පටයේ බව ය. අහස් ගව්වේ ඔහු රඟපෑ මහතුන්ගේ චරිතය තරමක සුළු චරිතයක් වුව එය කැපී පෙනෙන චරිතයකි. මුලින් බාර් කීපර් කෙනෙකු වන ඔහු පසුව නගර සභාවේ ට්‍රැක්ටරයක් එළවයි. එපමණක් නොව ‘බඹරු ඇවිත්’ මෙන් ම ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමා පටවල ද විජය කුමාරතුංගගේ රංගනය කැපී පෙනෙයි. ඒ ඉරණම් වාසනාව ම අතිශය ජනපි්‍රය තාරකාවක් වූ මාලනී ෆොන්සේකා ද අත්-පත් කොට ගනී. ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමා පටයේ රංගනය උදෙසා මාලනී ෆොන්සේකා 9 වැනි මොස්කව් ජාත්‍යන්තර සම්මාන උලෙළේ දී ඩිප්ලෝමා සම්මානයක් හිමි කර ගත්තා ය. එය ඊට ඉහත දී ලබාගෙන තිබුණේ, සොෆියා ලොරේන් පමණි.
පතිරාජයන්ගේ සිනමාව නොමඳ විචාරයට පාත්‍ර විණි. මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලී විෙජ්ගුණසිංහ, සිරිල් බී. පෙරේරා, රෙජී සිරිවර්ධන, කරුණාසේන ජයලත්, ගුණසිරි සිල්වා, ගාමිණී විෙජ්තුංග, චාල්ස් අබේසේකර ආදීන් විසින් ඉතා සියුම් ලෙස පතිරාජ සිනමාව ස්පර්ශ කොට ඇත. එය ඉතා සාධනීය ලක‍ෂණයකි. මහාචාර්ය ගම්ලතුන් පතිරාජයන්ගේ ‘පොන්මනි’ සිනමා පටය හැඳින්වූයේ දෙමළ සිනමාලෝලීන්ට වූ අභියෝගයක් ලෙසිනි. ඔහු ම’බඹරු ඇවිත් ‘ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්යභාරය අනාවරණය කරන සිනමා පටයක් ලෙස දුටුවේ ය. නිල විචාරයට අභියෝග කරන සිනමා පටයක් ලෙස ඔහු’පාර දිගේ’ සිනමා පටය හඳුන්වා දී තිබිණි. නිරූපිත පරිසරය සහ චරිත සමඟ සමපාත වීමට හෝ සමවැදීමට නොහැකි බැවින්, එය ව්‍යාජ චිත්‍රපටයකැයි ආචාර්ය ගුණදාස අමරසේකරයන්සො’ල්දාදු උන්නැහේ’ චිත්‍රපටය පිළිබඳව තර්ක කොට තිබිණි. ඒ පිළිබඳව ගම්ලතුන් දක්වා ඇත්තේ, මෙවන් මතයකි.
සොල්දාදු උන්නැහේගේ උමතුව අතිශයින් සංකේතාත්මක ය. පරමාධිපත්‍යය ජනතාව අතේ ය. සන්නද්ධ හමුදා ජනතාවගේ පරමාධිපත්‍යය රැකීමට ය යන්න ධනේශ්වර දෘෂ්ටිවාදයයි. එයින් වසඟ වී සිටීම ප්‍රකෘති සිහිය විකල් වීමක් ලෙස අධ්‍යක‍ෂවරයා දකී.
ඒ කෙසේ වුව ද, සමාජ දේශපාලනමය සීමා මායිම්, වාරණ පතිරාජයන්ගේ සිනමාවට තදින් බලපෑ බව පෙනේ.
එච්. ඒ. සෙනෙවිරත්නගේ කෙටිකතාවේ සොල්දාදුවා මනෝ විකෘතිතාවයට පත් වෙන්නෙ 1953 හර්තාලයේ කම්කරුවන්ට වෙඩි තැබීමෙන් ලත් අත්දැකීම්වලිනි. පතිරාජ එය දෙවැනි මහා ලෝක යුද්ධයට සංශෝධනය කරන්නේ මෙරට පවත්නා වාරණ ප්‍රශ්න හේතුකොටගෙන ය. ඒ පිළිබඳව පතිරාජ මෙසේ කියා තිබේ.
කෙටිකතාවේ යුද්ධ පසුබිමක් ඇත්තේ ම නෑ. එයට පසුබිම් වී තිබුණේ 1953 හර්තාලයයි. එබඳු දෙයක් ගැන අපේ සිනමාවේ පසුබිම් කර ගන්නට පවතින දේශපාලන වාතාවරණයන්, වාරණ මණ්ඩලයන් ඉඩ දෙන්නේ නැහැ.˜
(‘සත්සර’ – 1981 අප්‍රේල් 16)
පතිරාජයන්ගේ සිනමාවේ විශිෂ්ටත්වය පිළිබඳ විවාදයක් වුවමනා නොවේ. එය බුද්ධිමත් සමාජය පිළිගෙන හමාර ය. ඔහු ජනතාව වෙනුවෙන් චිත්‍රපට හැදූ මිනිසෙකි. පීඩිත පන්තිය පිළිබඳ, තරුණ අසහනය පිළිබඳ, ජනවාර්ගික ගැටලූ පිළිබඳ, විරැකියා ප්‍රශ්නය පිළිබඳ ලිංගිකත්වය පිළිබඳ ඔහු තුළ තිබූ විනිවිදභාවයේ ප්‍රකෘතිමය දැක්ම පැහැදිලි ය. එමෙන් ම ඔහු සරල අව්‍යාජ මිනිසෙකි. මානවයා පිළිබඳ සැබෑ හැඟීමක්, රිදුමක් තිඛෙන්නට ඇත. ඒ නිසා ම ඔහු එය පළමු සිනමා පටය වූ ‘අහස් ගව්ව’ මංගල දැක්ම දා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවන්නට යෙදුණේ එක් අවස්ථාවක පතිරාජයන් සමඟ රැකියා පෝලිමේ සිටි නිර්ධන පාන්තික තරුණයෙකි.
විශිෂ්ටත්වය සේ ම විශේෂත්වයක් ද තිබේ. ඒ පතිරාජයන්ගේ සිනමාව ජනතාව විසින් නොපිළිගැනීමයි. වෙළදාමෙහි යෙදෙන්නෝ, ආගමික නායකයෝ සහ දේශපාලකයෝ බොහෝ විට පතිරාජගේ සිනමාවේ වෛරක්කාරයන් වන්නට ඇත. සින්දු, නැටුම්, විහිළු සහ ෆයිට් නැති නිසා පොදු ප්‍රේක‍ෂකයා ද එසේ ම සිතන්නට ඇත. ඒ නිසා ම ඔවුහු සිනමාවේ මුල් යුගවල බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නලාගේ, එම්. මස්තාන්ලාගේ, ටී. සෝමසේකරන්ලාගේ, රොබින් තම්පෝලාගේ සිනමාවත්, මධ්‍ය යුගවල කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරලාගේ, ලෙනින් මොරායස්ලාගේ, යසපාලිත නානායක්කාරලාගේ සිනමාවත්, සිනමාවේ අගාධමය සමයේ පවා හේමසිරි සෙල්ලප්පෙරුමලාගේ, සුනිල්සෝම පීරිස්ලාගේ සිනමාව වටා රොක් වූහ. නමුත්, වෙනස නම්, මානව සමාජය පවතින්නේ කවර දා දක්වා ද ඒ දක්වා ම පතිරාජයන්ගේ සිනමාව ද පවතින බව නොඅනුමාන වීමයි. ඒ මන්ද යත්, මිනිස් පා දහස් ගණනින් ස්පර්ශ වුණු මේ මහා පොළොවෙන් තොර සිනමාවක් පතිරාජයන් විසින් ජන සමාජය වෙත තිළිණ නොකළ බැවිනි. ධර්මසේන පතිරාජ යනු දැන් පුද්ගල නාමයක් නොවේ. දැන් එය ‘ශ්‍රී ලාංකීය සැබෑ ජන සිනමා කලා ප්‍රවණතාවයට’කියනා නවතම නාමයයි. ඔහු මතුවටත් අවිධිමත් වූ දුරස්ථ රූපයක්ව මතකැත්තන්ගේ මතකයේ සදාකාලිකව ම වංචල වනු ඇත.


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල