මෙවර කඩුවෙල බලය අපිටයි (එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සංවිධායක අනිල් නිහාල් පෙරේරා)

123
විදේශ රැකියා ආදායම් බරපතළ ලෙස බිඳවැටේ
February 6, 2018
DESWHAPREMIYA
නව වසරේ දූෂිතයන් අතරේ පාවෙන ජනතාවට…
February 6, 2018
Show all

මෙවර කඩුවෙල බලය අපිටයි (එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සංවිධායක අනිල් නිහාල් පෙරේරා)

unp kaduwela

කඩුවෙල නගර සභාවට තරග කරන ඔබේ පක්ෂය නගර සභාවේ ගැටලු හඳුනාගෙන තිඛෙන්නේ කොහොමද?

කඩුවෙල නගර සභාවෙන් පසුගිය කාලයේ සිදු කළ සියලුම වැඩ අපිළිවෙළයි. ඒ නිසා හැම අංශයෙන්ම කඩාවැටිච්ච නගර සභාව යළි ගොඩනගන්න තමයි අපි අදහස් කරන්නේ. නගර සභාවේ ප්‍රධානම ප්‍රශ්නය හැටියට අපි හඳුනාගෙන තිබෙන්නේ කැළි කසළ ප්‍රශ්නය. ඊළඟට ඩෙංගු උවදුර වගේ වසංගත රෝග තත්ත්වයන්. ඊළඟට නගරයේ සහ අවට වීථී ලාම්පු ප්‍රශ්න. ඒ වගේම මහා මාර්ග විශේෂයෙන්ම පාලම්, බෝක්කු ආදී සෑම පැත්තක්ම අපිළිවෙළට තමයි ක්‍රියාත්මක වුණේ. ඊළඟට කාර්යාල කටයුතු මේ සියල්ලම සිද්ධ වුණේ හිටපු නගරාධිපතිතුමාගේ හිතුමතේට. එතුමා නිලධාරීන්ගේ අදහස්වලට පිටින් අත්තනෝමතික විදිහට තමයි කටයුතු කළේ. කිසිම කමිටු නිර්දේශයක් ක්‍රියාත්මක කරන්න හිටපු නගරාධිපතිතුමා කටයුතු කළේ නැහැ. ඒ නිසා අපි මේවා ප්‍රබල ගැටලු විදිහට තේරුම්ගෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනගන්න තමයි කටයුතු කරන්නේ. මම අවුරුදු පහළොවක් මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ කරලා තිබෙනවා. ඒ අත්දැකීම් මත අපි නගර සභාව ගොඩනගනවා. සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ කණ්ඩායමට නගර සභාවේ බලය ලබා ගත හැකි යැයි ඔබට විශ්වාසයක් තියෙනවාද?

අපේ පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කරනවා. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පෙරමුණ හැටියට තවත් කණ්ඩායම් අප සමග එකතු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි ගණනාවකට කැඩිලා ගිහින් තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ස්වාධීන කණ්ඩායම් වශයෙන් තමන්ගේ කණ්ඩායම් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දුර්වල තත්ත්වයකයි පවතින්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබා ගත හැකි ය කියන විශ්වාසය අපිට ගොඩනැගිලා තිබෙනවා. අපේ පක්ෂය ඛෙදිලා වෙන් වෙලා නැහැ. අපි කණ්ඩායමක් ලෙස එකතු වෙලා තිබෙනවා. අනෙක් කාරණය අපි තමයි මේ වන විට ආණ්ඩුව කරන්නේ. සුජීව සේනසිංහ මැතිතුමා කාටත් පිළිගත හැකි කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා ජනතාවත් බහුතරයක් අපිට මේ වන විට සහයෝගය ලබා දෙමින් පවතිනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය ස්ථීරයි.

කඩුවෙල කියන්නේ විශේෂිත නගරයක්. මේ නගරයේ විශේෂත්වය ඔබ කොහොම ද තේරුම් ගන්නේ?

කඩුවෙල නගරය කියන්නේ වැඩිම ජනගහණයක් ජීවත් වන විශේෂයෙන්ම සීඝ්‍රයෙන් ජනතාව පදිංචි වෙන නගරයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම කොළඹ ඇරුණාම ප්‍රධානම නගරයක් තමයි කඩුවෙල. මෙගා පොලිස් වැඩ සටහන යටතේ සීඝ්‍ර සංවර්ධනයට ලක් වෙමින් පවතින නගරයක්. අධිවේගී පිවිසුම් වගේම විවිධ නගරයන්ට යා හැකි ප්‍රධාන නගරයක්. කඩුවෙල සිට කොළඹට ගුවන් මාර්ග ගණනාවක් ඉදි කරමින් පවතිනවා. කඩුවෙල ප්‍රාදේශීය සභාව තමයි නගර සභාවක් බවට පත් වුණේ. මේ තත්ත්වයන් තුළ රථ ගාල් කිරීමේ ස්ථාන වගේම ජනතාවගේ යටිතල පහසුකම් රැසක් නිර්මාණය කළ යුතුව පවතිනවා. හිටපු ජනාධිපතිවරයා තමන්ගේ වුවමනාවට එකවරම මහ නගර සභාවක් බවට කඩුවෙල ප්‍රාදේශීය සභාව පත් කළා. එකෙන් වුණේ නම ඉහළ යාම විතරයි පහසුකම් කිසිවක් ඉහළ ගියේ නැහැ. කඩුවෙල තිබෙන අධික රථවාහන තදබදයට විසඳුමක් ලබා දිය යුතුමයි. කඩුවෙල පදනම් කරගෙන අතුරු මාර්ග ගණනාවක් තිබෙනවා. මේ සියල්ල නවීකරණය කළ යුතුයි. ඒ සදහා අපි අපේ පාලනයක් යටතේ විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. කොහොමත් කඩුවෙල විශේෂිත නගරයක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. ඒ හඳුනා ගැනීම අනුව ඉදිරි වැඩකටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස කඩුවෙල නගර සභාව ගොඩනගන්න ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?

අපි කඩුවෙල නගර සභාව ගොඩනගන්න හඳුනා ගත්ත ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. කඩුවෙල මහා නගර සභා පනතයි, කොළඹ මහා නගර සභා පනතයි සමානයි. නමුත්, ආදායම් අතින් ගත්තහම කොළඹ මහා නගර සභාවට වඩා අඩු ආදායම් තත්ත්වයකුයි තියෙන්නේ. කොළඹ මහා නගර සභාවෙන් ලැබෙන පහසුකම් කිසිවක් කඩුවෙල මහා නගර සභාවේ වැසියන්ට ලැබෙන්නේ නැහැ. ඒක බරපතළ තත්ත්වයක්. මහ නගර සභාවට අදාළ කමිටු ගණනාවක් තිබෙනවා. නමුත් මේ කමිටු නිසි පරිදි රැස්වුණේ නැහැ. රැස් වුණත් කමිටු ගන්න තීරණ හිටපු නගරාධිපතිවරයා ක්‍රියාත්මක කළේ නැහැ. ඔහු ගෙන ගියේ දැඩි අත්තනෝමතික පාලනයක්. කඩුවෙල මහා නගර සභාව ක්‍රියාත්මක වුණේ ජනතා කැමැත්තට අනුව නෙමෙයි. නගරාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් ලෙස තමයි මහා නගර සභාව පාලනය කළේ. අපි හඳුනාගෙන තිබෙනවා මේ තත්ත්වය වෙනස් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කඩුවෙල මහා නගර සභාව පත් කළ යුතුයි කියලා. පක්ෂ, විපක්ෂ සියලු දෙනාගේ අදහස්වලට ගරු කරන පාලනයක් කඩුවෙලට අවශ්‍ය වෙලා තිබෙනවා. මංමාවත් සකස් කිරීම, නගර අලංකරණය, ජනතා ගැටලු හඳුනාගෙන ඊට වැඩපිළිවෙළක් සකස් කිරීම, මහා නගර සභාවේ සියලු කමිටු සක්‍රිය කිරීම, ආදී කටයුතු අපි මැදිහත් වෙලා සිදු කරනවා. විශේෂයෙන්ම හිටපු නගරාධිපතිවරයා සාම්ප්‍රදායික වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ. මෙපමණ කලක් පාලනය කළ එතුමාට අලුත් වැඩපිළිවෙළක් නැහැ. අලුත් දැක්මක් නැහැ. දැන් එතුමා වයසින් ගොඩක් වියපත්. එතුමා ක්‍රියාත්මක කරන්නේ පරණ යල් පැනගිය වැඩපිළිවෙළක්. ඒ නිසා අපි මේවා තේරුම් අරගෙන හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. අපි කඩුවෙල නගර සභාව ආකර්ෂණීය නගර සභාවක් බවට පත් කරනවා.

එක්සත් ජාතික පක්ෂයට මහා නගර සභාවේ බලය තහවුරු කර ගන්න බැරි වුණොත්, වෙනත් පක්ෂයක සහාය අරගෙන නගර සභාවේ බලය ගොඩනගන්න අදහසක් තිබෙනවාද?

අපිට විශාල විශ්වාසයක් තිබෙනවා මහා නගර සභාවේ බලය අපට ගන්න හැකියාව තිබෙනවා කියලා. අපි තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කරනවා. කඩුවෙල මහා නගර සභාවේ කොට්ඨාස 28න් 20 පමණ අපට ජයග්‍රහණය කරන්න හැකියාව තිබෙනවා. අපිට බලය ගොඩනගන්න අමාරු වෙයි කියලා අපි හිතන්නේ නැහැ. එහෙම තත්ත්වයක් උදා වුණොත්, සුජීව ඇමතිතුමා පක්ෂයත් සමඟ කතා කරලා සුදුසු වැඩපිළිවෙළ යොදයි. පක්ෂය මොන වගේ තීරණයක් ගන්නව ද කියලා මට කියන්න අයිතියක් නැහැ. අපි බලමු එළඹෙන තත්ත්වය අනුව පක්ෂය සුදුසුම දේ කරයි.


එස්.කේ. ගමගේ