ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි

doller
රුපියල අපමණ අගයට ලංවෙයි
February 7, 2018
Untitled-1
සිංහල සිනමාවට බිහිවුණු විශිෂ්ඨතම සිනමා කරුවා
February 7, 2018
Show all

ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි

Arjun-kasun-1

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේනගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැගසින් බනධනාගාරයට ගොස් ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. එම පිරිස කවුදැයි පාර්ලිමේන්තුව නම් ගම් ඉදිරිපත් කළ යුතු බවත් කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කිසිවෙකු එම නම් ඉදිරිපත් නොකරයි නම් ඒවා හෙළි කිරීමට තමන් සූදානම් බවද සදහන් කළේය.
මන්ත්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති බැදුම්කර කොමිසමේ වාර්තාව හා බරබතල වංචා කොමිසමේ වාර්තාව ගැන වූ විවාදයේදීය.
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේන අධිකරණය විසින් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.