සිංහල සිනමාවට බිහිවුණු විශිෂ්ඨතම සිනමා කරුවා

Arjun-kasun-1
ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි
February 7, 2018
Dharmasena-Pathiraja-1034
අහස්ගව්ව සහ බත්තලංගුණ්ඩුව
February 7, 2018
Show all

සිංහල සිනමාවට බිහිවුණු විශිෂ්ඨතම සිනමා කරුවා

Untitled-1

අසූ අට අසූ නවයෙ අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දේශපාලනයේ නිරත වෙලා හිටියා. ඒ ව්‍යාපාරයේ අධ්‍යාපන වැඩවලදි අපිට දීපු උපදෙසක් මට මේ මොහොතේදි මතක් වෙනවා. ඒ තමයි පතීගෙ චිත්‍රපටි බලන්න කියන උපදේශය. අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ වැනි චිත්‍ර පටි බලන්න කියලා අපට කිව්වා.
මම පෞද්ගලිකව ධර්මසේන පතිරාජයන්ව දකින්නෙ ඉන්දියාවෙ රික්තික් ඝටක් විදියට. ඔහුත් ඔවැනි සිනමාවක් කරපු කෙනෙක්. ඉන්දියාවෙ සත්‍යජිත් රායි වගේ තමයි ලෙස්ටර් ජේමිස් පීරිස්. ඔහු කළේ කලාත්මක චිත්‍රපටි. නමුත් රික්තික් ඝටක් කියන සිනමාකරුවා පතී වගේ. මොකද වෙනත් මාවතකින් සිනමාව කරපු නිර්මාණකරුවෙක් ඔහු.
අපි ‘කළණ කලා කැළ’කියලා එකක් හදා ගත්තා මොරටුව සොයිසාපුර. ඒ කලා සංවිධානයට ‘බඹරු ඇවිත්චි’ත්‍රපටය ගෙන්වා ගන්න උවමනා වුණා. මට තාම මතකයි පතිරාජ මහත්තයා හිටියේ ඒ දවස් වල නාරාහේන්පිට පැත්තෙ නිවසක. මම ඔහුව හොයාගෙන ගියා. මම කාරණේ කියපුවාම ඔහු ඒ වෙලාවෙම මට ලියුමක් දුන්නා. ඒ ලියුම අරගෙන චිත්‍රපට සංස්ථාවට ගිහින් දුන්නම ඒ චිත්‍රපටය ගෙනැල්ලා පෙන්වන්න අපිට පුළුවන් වුණා.
මට ජීවිතේ එකම එක දුකක් විතරක් තියෙනවා. මොකද පතීගෙ සිනමා නිර්මාණයක ට දායක වන්නට නොලැබීම. එතුමාගේ මරණය ගැන මට ලොකූ දුකක් නැහැ. මොකද එතුමා ඉන්න කාලෙ කරපු දේවල් ටික විශිෂ්ට නිසා.
පතී වෙනම රංගන රීතියක් හදුන්වලා දුන්නා සිනමාවට. අපිත් ඇඟ ඇතුළට ගත්තෙ එතුමා හදුන්වලා දීපු රංගන රීතීන්. තන්හා රති රඟා වැනි නිර්මාණයක් කරන්න අපිට ඉවහල් වුණේ අහස් ගව්වේ තිබුණු ගුණාංග.
ඉතින් අවසන් විදියට විජය නගර සභාවෙ කුණු ට්‍රැක්ටරය එළවගෙන යනකොට අමරසිරි කලංසූරිය දුවගෙන ඇවිල්ලා නගිනවා ට්‍රැක්ටර් එකට. නැග්ගම ඒ දෙන්නා කියන දෙබස් වල තිඛෙන අන්තිම දෙබස තමයි කුණු කොතැනද අපි එතන කියලා. ධර්මසේන පතිරාජයන් කියන්නෙ සිංහල සිනමාවට බිහි වෙච්ච විශිෂ්ටතම සිනමා කරුවා කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා.


කුමාර තිරිමාදුර